IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පනී

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

එරට දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 100,000ක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබූ අතර මේ වනවිට ආසාදිතයන් වාර්තා වීමේ වේගයේ අඩුවක් දක්නට ඇතැයි පෙන්වා දී තිබිණි.

සඳුඳා (18) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 4,970 දෙනකු වාර්තා වූ අතර එම කාලයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 134ක් විය.

ඉන්දියාවෙන් අද (19) පස්වරු 5.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,02,231ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 3,169ක් ලෙස දැක්විණි.

ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට ආරම්භ වූයේ යැයි කියන චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනටත් වඩා වැඩිය.

පසුගිය සතියක කාලයේදී සාමාන්‍ය අගයක් ලෙස ගත්විට ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 4,000ට වැඩි ය. වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පනවා තිබියදී මෙම වැඩිවීම් වාර්තා විය.

ඇතැම් ප්‍රාන්ත ව්‍යාපාර සඳහා විවෘත කරන බවට ප්‍රකාශ කළ ද ‘ලොක්ඩවුන්’ සීමා මැයි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය බලධාරීහු ඉරිදා (17) පියවර ගත්හ.

ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රමාණවත් පරිදි මුදල් වෙන් කිරීමක් සිදු නොවේ. ඒ තත්ත්වයත් කොරෝනා ආසාදිතයන්ගේ ගණන වැඩිවීමත් සමඟ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි පීඩනයක් එල්ල වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ සහ බලධාරීහු වදවෙති.

ඉන්දියාවට ඇත්තේ ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 40,000ක් පමණක් බවත් දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 100,000ක් පමණක් බවත් ඉන්දියාවේ ‘ඉන්දියන් සොසයිටි ඔෆ් ක්‍රිටිකල් කෙයාර් මෙඩිසින්) සංගමයේ සභාපති මහාචාර්ය දෘවා චෞද්රි පැවැසීය.

රට සෞඛ්‍ය පද්ධතියට ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ කාර්යමණ්ඩල නොමැති බවත් අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන් ශීඝ්‍ර වැඩිවීමක් සිදු වුවහොත් රෝහල් කාර්යමණ්ඩලවලට එය දරාගත නොහැකි බවත් ඔහු කීය.

සෑම කොරෝනා ආසාදිතයකුටම දැඩි සත්කාර ඒකකයේ ඇඳක් අවශ්‍ය නොමැති බවත් එහෙත් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීම කනස්සල්ලට හේතුවක් බවත් සෞඛ්‍ය විශේෂඥයෝ බිය පළ කරති.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව පිරිසගේ ගණන 39,600 ඉක්මවා ගොස් ඇත. 
කොරෝනා වයිරසයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් තවමත් සවිස්තර විස්තර ඉදිරිපත් කර නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

අනෙකුත් විශාල රටවල් හා සැසඳීමේදී ඉන්දියාවේ මරණ අනුපාතය සියයට 3ක් තරම් අඩු අගයක පවතී. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ අනුපාතය සියයට 6ක් වන අතර බ්‍රිතාන්‍යයේ එම අගය සියයට 14කි.

රොයිටර්ස්/ඒ.එෆ්.පී.

055



අදහස් (1)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පනී

anura Wednesday, 20 May 2020 07:29 AM

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දේශපාලඥයෙක් කිව්වා කොරෝනා පාලනය පිළිබඳව ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයකින් අපිට පාඩම් උගත හැකිය කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site