ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 22 සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
‘‘කවුරුවත් බඩගින්නේ මැරෙන්න ඕනෑ නැහැ. කවුරුවත් අතේ සල්ලි නැතුව ඉන්න ඕනෑ නෑ’’ යැයි ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් ප්‍රකාශ කළාය.
මෙම සහන පැකේජය යටතේ නොමිලේ ආහාර ගැනීමට මුදල් හුවමාරු සහ ගනුදෙනු සඳහා පහසුකම් සැපයේ. ‘‘මෙයින් සහන සැලසෙන්නේ කඩිනමින් උදවු උපකාර අත්‍යවශ්‍ය අයට පමණක්’’ යැයි ද ඇය කීවාය.
සෞඛ්‍ය සේවකයන්ට ඇමෙරිකානු ඩොලර් 66,500ක වෛද්‍ය රක්ෂණාවරණයක් පිරිනමන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවාරිය පැවැසුවාය.
මෙම මුදල ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් යැයි ද මීට සමාන සහන පැකේජ නිවේදනය කළ ඇමෙරිකාව සහ සිංගප්පූරුව එම සහන පැකේජ සඳහා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද වාර්තාකරුවෝ පෙන්වාදෙති.
කෙසේ නමුත් මෙය පළමු පියවර වනු ඇතැයි ද ඉන්දීය රජය ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඔවුහු වාර්තා කළහ.
බී.බී.සී. ඇසුරිනි
055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඉන්දියාවෙන් ඩොලර් බිලියන 22ක සහන පැකේජයක්
ජගත් Thursday, 26 March 2020 05:25 PM
ණය , ණය , ණය..... අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල...., ලංකාවට .
chandimaThursday, 26 March 2020 06:30 PM
තදින් හුස්ම ඉහලය ගන්න එපා, පපුවේ අමාරුව හැදෙයි. ඒ බිලියන් ගානක සහන පැකේජය අපට නෙමෙයි ඒ රටේ මිනිස්සුන්ට දීල තියෙන්නේ. පෙනෙන්නේ නැතිද එකෙන් ජනතාවට දීල තියෙන සහන. අපේ රටේ කොහෙද ඔහොම දෙන්නේ ?
rohanThursday, 26 March 2020 11:34 PM
කියවල කොම්මෙන්ට් දාන්න , මේ කියයන්නේ ඉන්දියාව ගැන.
JayFriday, 27 March 2020 02:45 AM
මේක ඉන්දියාවට එහෙ ඉන්න මිනිස්සුන්ට දුන්න එකක් මිස අපිට දුන්න නායක නෙමෙයි. පොඩ්ඩක් කියවල බලන්න. දේශපාලන කෝනෙන් හැම නිව්ස් එකම බලන්න එපා.
[email protected] Friday, 27 March 2020 03:09 AM
මෙවන් බුද්ධිමතුන් මුහුණු පොතේ ද සිටී. ලිපිය නොකියවා හෝ තේරුම් නොගෙන ඇති බව පෙනේ.
Pub Thursday, 26 March 2020 06:21 PM
ඉන්දියාවේ වියදම් වලට අපි මොකටද ගෙවන්නේ .
Aj Thursday, 26 March 2020 07:19 PM
ජගත්, කොහෙද මන්දා ඹලූව ගහ ගෙන.
de silva Thursday, 26 March 2020 08:06 PM
ජගත් මහත්මය අදහස් ප්‍රකශ කරන්න ඉස්සෙල්ල ප්‍රවෘතිය හොදින් කියවන්න.
de silva Friday, 27 March 2020 02:23 AM
ජගත් කමෙන්ට් එකක් දමන්න ඉස්සරවෙලා ඒක හොදින් කියවල බලන්න , මේ පුවතේ තිබෙන්නේ ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 22 ණයට දෙනවා කියලා නොව , ඉන්දියානු රජය ඩොලර් බිලියන 22 ක සහන පැකේජයක් එරටේ ජනතාවට දෙනවා කියලා.
Mahesh Friday, 27 March 2020 03:07 AM
පොලුවලින් මිනිස්සුන්ට ගහන නරුමයන් ඉන්න රටක්. සහන දෙනවා කියලා ඒ මිනිස්සු තව අන්දමින් ඉන්න මෝඩ පාලකයෝ..