IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් ඩොලර් බිලියන 22ක සහන පැකේජයක්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 22 සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
 
‘‘කවුරුවත් බඩගින්නේ මැරෙන්න ඕනෑ නැහැ. කවුරුවත් අතේ සල්ලි නැතුව ඉන්න ඕනෑ නෑ’’ යැයි ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් ප්‍රකාශ කළාය.
 
මෙම සහන පැකේජය යටතේ නොමිලේ ආහාර ගැනීමට මුදල් හුවමාරු සහ ගනුදෙනු සඳහා පහසුකම් සැපයේ. ‘‘මෙයින් සහන සැලසෙන්නේ කඩිනමින් උදවු උපකාර අත්‍යවශ්‍ය අයට පමණක්’’ යැයි ද ඇය කීවාය.
 
සෞඛ්‍ය සේවකයන්ට ඇමෙරිකානු ඩොලර් 66,500ක වෛද්‍ය රක්ෂණාවරණයක් පිරිනමන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවාරිය පැවැසුවාය.
 
මෙම මුදල ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් යැයි ද මීට සමාන සහන පැකේජ නිවේදනය කළ ඇමෙරිකාව සහ සිංගප්පූරුව එම සහන පැකේජ සඳහා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද වාර්තාකරුවෝ පෙන්වාදෙති.
 
කෙසේ නමුත් මෙය පළමු පියවර වනු ඇතැයි ද ඉන්දීය රජය ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඔවුහු වාර්තා කළහ.
 
බී.බී.සී. ඇසුරිනි
 
 055

 



අදහස් (10)

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 22ක සහන පැකේජයක්

ජගත් Thursday, 26 March 2020 05:25 PM

ණය , ණය , ණය..... අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල...., ලංකාවට .

:       456       0

chandimaThursday, 26 March 2020 06:30 PM

තදින් හුස්ම ඉහලය ගන්න එපා, පපුවේ අමාරුව හැදෙයි. ඒ බිලියන් ගානක සහන පැකේජය අපට නෙමෙයි ඒ රටේ මිනිස්සුන්ට දීල තියෙන්නේ. පෙනෙන්නේ නැතිද එකෙන් ජනතාවට දීල තියෙන සහන. අපේ රටේ කොහෙද ඔහොම දෙන්නේ ?

:       0       0

rohanThursday, 26 March 2020 11:34 PM

කියවල කොම්මෙන්ට් දාන්න , මේ කියයන්නේ ඉන්දියාව ගැන.

:       0       0

JayFriday, 27 March 2020 02:45 AM

මේක ඉන්දියාවට එහෙ ඉන්න මිනිස්සුන්ට දුන්න එකක් මිස අපිට දුන්න නායක නෙමෙයි. පොඩ්ඩක් කියවල බලන්න. දේශපාලන කෝනෙන් හැම නිව්ස් එකම බලන්න එපා.

:       0       104

[email protected] Friday, 27 March 2020 03:09 AM

මෙවන් බුද්ධිමතුන් මුහුණු පොතේ ද සිටී. ලිපිය නොකියවා හෝ තේරුම් නොගෙන ඇති බව පෙනේ.

:       0       0

Pub Thursday, 26 March 2020 06:21 PM

ඉන්දියාවේ වියදම් වලට අපි මොකටද ගෙවන්නේ .

:       0       0

Aj Thursday, 26 March 2020 07:19 PM

ජගත්, කොහෙද මන්දා ඹලූව ගහ ගෙන.

:       0       0

de silva Thursday, 26 March 2020 08:06 PM

ජගත් මහත්මය අදහස් ප්‍රකශ කරන්න ඉස්සෙල්ල ප්‍රවෘතිය හොදින් කියවන්න.

:       0       0

de silva Friday, 27 March 2020 02:23 AM

ජගත් කමෙන්ට් එකක් දමන්න ඉස්සරවෙලා ඒක හොදින් කියවල බලන්න , මේ පුවතේ තිබෙන්නේ ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 22 ණයට දෙනවා කියලා නොව , ඉන්දියානු රජය ඩොලර් බිලියන 22 ක සහන පැකේජයක් එරටේ ජනතාවට දෙනවා කියලා.

:       0       0

Mahesh Friday, 27 March 2020 03:07 AM

පොලුවලින් මිනිස්සුන්ට ගහන නරුමයන් ඉන්න රටක්. සහන දෙනවා කියලා ඒ මිනිස්සු තව අන්දමින් ඉන්න මෝඩ පාලකයෝ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 18 407 1

විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකු


ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 18 390 2

ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.


මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට
2025 පෙබරවාරි මස 18 477 0

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය


එකලස් කළ වාහනයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සහ පුතා මාට්ටු
2025 පෙබරවාරි මස 18 789 0

එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ


ආපනශාලා ආහාර මිල ඉහළ දමයි
2025 පෙබරවාරි මස 18 2342 10

ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.


මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ
2025 පෙබරවාරි මස 18 249 0

මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 338 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 151 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1010 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site