(ටී.කේ.ජී.කපිල)
දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 298 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඔවුන් නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව , නීරෝධායන කටයුතු සදහා , විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා තවත් විශේෂ කන්ටේනර් රථ කීපයක් ද මගින් ඉරණමඩු නීරෝධායන මධ්‍යස්ථානය වෙත රාත්‍රීයේම රැගෙන ගියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd