
ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතා කොරෝනා වයිරසය ආසාදනය වී මියගියේය.
මිය යනවිට ඔහු 92 හැවිරිදි වියේ පසුවිය.
බාසිලෝනා නගරයේ 1992දී පැවති ඔලිම්පික් උලෙළෙහි ක්‍රීඩාංගණය, මිලානයේ ඔපෙරා වේදිකාව සහ 1990දී ලෝක පාපන්දු තරගාවලිය පැවති මරස්සි ක්‍රීඩාංගනය සැලසුම් නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා මොහුය.
නිව්මෝනියාව වැළඳී මිලාන් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගිය අතර, පසුව කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සොයාගැනිණි.
ඔහුගේ සමීප ගෘහ නිර්මාණ ශිල්පියකු වන ස්ටෙෆානෝ බොයෙරි මහතා සඳහන් කළේ, ග්‍රෙගොටි මහතා අන්තර්ජාතික ගෘහ නිර්මාණ සැලසුම්කරණයේ විශේෂඥයකුව සිටි බවයි.
විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතාගේ බිරිඳ ද රෝහල් ගතකර සිටින බව වාර්තා වේ.

(මරස්සි ක්‍රීඩාංගණය)

(ඔපෙරා වේදිකාව)

(බාසිලෝනා ක්‍රීඩාංගණය)
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි