කොරෝනා වෛරසය හේතුවෙන් සති 7 ක් පුරා ඉතාලියේ පනවා තිබූ අගුලුදැමීමේ සීමා ලබන මාසයේ සිට ලිහිල් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මැයි 4 වැනිදා සිට එය ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේ මහතා පවසයි.
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් අඩු ඥාතීන් සංඛ්‍යාවක් හමුවීමට එහිදී අවසර හිමිවේ.
උද්‍යාන ද යළි විවෘත කෙරෙන නමුත් ලබන සැප්තැම්බර් මාසය දක්වා පාසල් විවෘත නොකෙරේ.
කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 260 ක් වන අතර එය මාර්තු 14 වැනිදා සිට වාර්තා වූ අවම දෛනික මරණ සංඛ්‍යාව වේ.
මේ වන විට එරටින් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 26,644 ක් වන අතර එය යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව ඉතාලියෙන් මේ වන විට හඳුනාගෙන ඇති වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 197,675 ක් වේ.
නව ආසාදිතයින් වාර්තා වීම පහළ වැටෙමින් පවතින අතර බලධාරීන් විශ්වාසය පළකරන්නේ සීමා ලිහිල් කිරීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් තරමට රෝගය බෝවීමේ අනුපාතය පහළ මට්ටමක පවතින බවයි.
ස්විස්ටර්ලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල් ද පනවා ඇති සීමා මේ වන විට ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
-226-
COMMENTS
කොරෝනා තිබුනත් නැතත් ලිහිල් කරන්න වෙනවාමයි.ආර්ථිකය අඩපණයි. ආහාර ගබඩා හිස්.
අපි ඉන්නෙත් ඉතාලියේ. මාස දෙකක කාලයක් තිස්සේ සිටියේ ගෙදරටම වෙලා.ලොක් ඩවුන් කරලා විතරයි තියෙන්නේ. ඇඳිරි නීතිය දාලා නොවෙයි.අපි නීතියට ගරු කළා.මැයි 4 වෙනිදා ට වුනත් ලිහිල් කරන්නේ නීති රීති ඇතුවයි. මෙච්චර කාලයකට නම් ඉතාලියේ ආහාර හිඟයක් ඇතිවුනේ නැහැ.එහෙනම් කියන්නේ කොහොමද ආහාර ගබඩා හිස් කියලා .හරියටම ඇස් දෙකෙන් දකින්නේ නැතුව වචන පාවිච්චි කරන්න එපා.එක සුපර් මාකට් එකකට ගියොත් කන්ටේනර් ගාණකට පුරවන්න බඩු තියෙනවා.මේ වගේ දේවල් නොදැක අදහස් ලියන්නේ නූගත් අය.