ඇමසන් වනාන්තරයේ ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෝත්‍රික ගම්මානයක් වෙත වයිරසය සෘජුවම ගමන් කළ බවට වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම වෛද්‍යවරයා ඇමසන් වනාන්තරයේ ඉහළ ප්‍රදේශයේ කොලොම්බියා සහ පේරු දේශසීමා ආසන්නයේ ජීවත්වන ටිකුනාස් ගෝත්‍රික ජනතාවට සේවය කරයි. ඔහු නිවාඩු ගොස් සිට මාර්තු 18 දින නැවත සේවයට පැමිණ තිබේ.
එදිනම ඔහුට උණ වැළඳී ඇති අතර සතියකට පසු පරීක්ෂා කිරීමේදී වයිරසය ශරීරගතවී ඇතැයි තහවුරු වී ඇත.
වෛද්‍යවරාගෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි ගෝත්‍රිකයන් අට දෙනකු ද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.
ටිකුනාස් ගෝත්‍රිකයන් 30 000 ක් පමණ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන අතර බ්‍රසීලය පුරා 850 000ක පමණ ග්‍රෝත්‍රික ජනතාවක් වාසය කරති.
ගෝත්‍රික ජනතාවගේ ජීවන රටාව අනුව ඔවුන් සමූහ වශයෙන් ජීවත්වන බැවින් ඔවුන් අතර මෙවැනි වසංගත රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
මන්දපෝෂණය සහ වෙනත් රෝග හේතුවෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වී ඇති ගෝත්‍රික ජනතාව අතර වයිරසය වේගයෙන් පැතිර යා හැකි බවට ද වෛද්‍යවරුන් බිය පළකර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
961
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2569
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමසන් ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා