කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන 16,600 ඉක්මවා ඇත.
ඒ අනුව කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 16,686කි.
බ්‍රහස්පතින්දා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 1,783කි. අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින ත්‍රිත්වයේදීම පැය 24ක් ඇතුළත ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 1,700 ඉක්මවා ගියේය.
ලොව පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අද පස්වරු 3.30 වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 466,299ක් විය. දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් ද වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වේ.
ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 157,022ක් වූ අතර ඉතාලියෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 143,626ක් විය.
වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 18,279කි. තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 15,843කි.
ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහසය ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,614,405කි. ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 96,873ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත සංඛ්‍යාව 362,409ක් විය.

055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ ඉදලාම ඇමරිකාව ඉගෙනගෙන තිබුනේ මිනිස්සු මරන්න මිසක් මිනිස්සු ජිවත් කරවන්නේ කොහොමද කියලා නෙවෙයි. ඒකේ විපාක තමයි මේ විදින්නේ. ලෝකෙටම ගහන්න බෝම්බ, මිසයිල හැදුවා. නමුත් තමන්ගේ රටට ඇතිවෙන්න මුව ආවරණ ටික හදාගන්න බැරිවුණා. හදට රොකට් යැවුවා.... වෙන ග්‍රහලෝක ගැන හෙව්වා. නමුත් තවමත් කොරෝනා වලට බෙහෙතක් හොයාගන්න බැරිවුණා.
මම මේක ලියන්න ගන්න කොට, (1). ඇමරිකාවේ ටෙස්ට් කරපු මුළු ගණන 2,427,698 අතරින්; ආසාදිතයන් ගණන 475,659ක්. මියගිය ගණන 17,838ක්. සනීප වෙච්ච ගණන 26,050ක්. ඒ කියන්නේ ඇමරිකාවේ හැම අසාදිත පුද්ගලයන් 25කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනවා. (2). ඉතාලියේ ටෙස්ට් කරපු මුළු ගණන 853,369 අතරින්; ආසාදිතයන් ගණන 143,626ක්. මැරුණු ගණන 18,279ක්. සනීප වෙච්ච ගණන 26,470ක්. ඒ කියන්නේ ඉතාලියේ හැම අසාදිත පුද්ගලයන් 6 දෙනෙකුටම වගේ එක අයෙක් මැරිලා තියෙනව. (3). ඉන්දියාවේ ටෙස්ට් කරපු මුළු 177,584 අතරින්; ආසාදිතයන් ගණන 7062ක්. සනීප වෙච්ච ගණන 641ක්. මැරුණු ගණන 229ක්. ඒ කියන්නේ ඉන්දියාවේ හැම අසාදිත පුද්ගලයන් 28කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනව. (4). ලංකාවේ ටෙස්ට් කරපු ඉතා සුළු ගණන වන 3248 අතරින්; ආසාදිතයන් ගණන 190ක්. මැරුණු ගණන 7ක්. සනීප වෙච්ච ගණන 54ක්. ඒ කියන්නේ ලංකාවේ හැම ආසාදිතයන් 19කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනව. මේක බරපතල කතාවක්. අවුරුද්දෙන් පස්සේ කොරෝන ඉවරයි කියල චන්දෙ තියන්න ඕනෑවට පට්ට බොරු ප්‍රචාරය කරන එක නවත්තල, ආණ්ඩුවත් ජනාධිපති කාර්ය සාධක කමිටුවත් මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන එක නතර කරලා වහාම ටෙස්ටින් පටන් ගනු.
ඔය කීවට, මේ වසංගතය ඉවර වුනම ඇමරිකන් වීසා ගන්න පෝලිම කෙටිවෙයිද?
අපි හිතනවාට වඩා තත්ත්වය දරුණුයි. එය ට හේතු කාරනා 2ක් තියෙනවා. එකක් තමා දකුණු කොරියාවේ ලෙඩේ සුව වූ අයට නැවතත් සෑදීම. ඒ කියන්නේ ශරීරය තුළ ඉතිරිව ඇති වෛරස නැවත සක්‍රිය වීමේ හැකියාව. අනෙක ඇමසෝන් වනාන්තරයේ හුදකලා ගම්මානවල අයටත් මෙය වැළදීම. එය සිදුව ඇත්තේ කෙසේදැයි තාම පැහැදිලි නැහැ. මේ නිසා අපේ අඩු වුනා කියල සුපුරුදු පරිදි නැවත මේව අමතක කරන්න ගියෝතින් අප ඉතාමත් අවදානම් තත්ත්වයකට වැටෙනවා. ඒ නිසා නිරෝධායන කටයුතු තවත් මාස 6ක්වත් කරන්න වෙයි අඩුම ගණනේ.
චම්පා නෝනේ, සුවවීම අතින් ලංකාව ලෝකයෙන්ම දෙවනි තැනට ඇවිත්. ජන්දෙට බලපායි නේද?