IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණයකින් හෙළිවී ඇත.
 
නාඩියා නම් මෙම ව්‍යාඝ්‍රයා වයස අවුරුදු හතරක් වන ගැහැණු සතෙකි.

මෙය ඇමරිකාවේ දී සතෙකුට කොවිඩ් -19 ආසාදනය වූ ප්‍රථම අවස්ථාව බවට විශ්වාස කෙරේ.

නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යාන පාලකයින් පවසන්නේ ලෝවා හි ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කර ඇති බවයි.

නාඩියාට අමතරව සත්වෝද්‍යානයේ සිටින වෙනත් බිළාල වර්ගයේ දැවැන්තයින් හයදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සැකකරන බව ඔවුහු පවසති

නාඩියාගේ සොහොයුරිය වන අසුල්ට සහ තවත් ව්‍යාඝ්‍රයින් දෙදෙනකුට ද අප්‍රිකානු සිංහයන් තිදෙනකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි සැක කෙරේ. 
 
රෝග ලක්ෂණ නොපෙන්වූ කොවිඩ් ආසාදිත සත්වෝද්‍යාන සේවකයෙකු මාර්ගයෙන් මෙම සතුන්ට රෝගය බෝවන්නට ඇතැයි සැලකේ රෝගී සතුන්, වියළි කැස්සක්, ආහාර අරුචියක් ඇතුළු රෝග  ලක්ෂණ පෙන්නුම් කර ඇත.

කෙසේ වුවද මේ වනවිට සතුන් සියලු දෙනා සුවය ලැබීමේ සලකුණු පෙන්නුම් කරන බව සත්වෝද්‍යානය පවසයි.

සුරතල් සතුන්ට කොරෝනා වයිරසය ආසාදනය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර ඔවුන් රෝගී වීමට හෝ රෝගය පතුරුවන්නන් විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද සත්වෝද්‍යානය පවසයි.

කොවිඩ් -19 පිළිබඳ පර්යේෂණ කරන වෙනත් සත්වෝද්‍යාන හා ආයතන වලට මෙම සොයාගැනීම් ඇතුළු තොරතුරු ලබාදීමට අදහස් කරන බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය පෝල් කැලේ මහතා පවසයි.

"අපි නාඩියා ඉතා දැඩි පරීක්ෂාවකට ලක් කළා. මේ ආශ්‍රයෙන් කොවිඩ් -19 ගැන අප ලබාගන්නා දැනුම කොරෝනා වයිරසය සම්බන්ද පර්යේෂණ සඳහා දායක වන බව සහතිකයි" යනුවෙන් ඔහු පැවසීය.

වෛරසය සතුන් තුළ වර්ධනය වන්නේ කෙසේද යන්න සම්බන්දව නොදන්නා හෙයින් සත්වොද්‍යානයේ සියලුම සතුන් සම්බන්දව පරීක්ෂාවෙන් සිටින බව එහි පාලකයෝ පවසති.

මේ සම්බන්දව අදහස් දක්වමින් සත්ත්ව සෞඛ්‍ය සම්බන්දව ලෝක සංවිධානය පවසන්නේ මෙම ගැටලුව තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා අධ්‍යනයන් සිදුවෙමින් පවතින බවයි.
 
අසනීප වී ඇති ඕනෑම කෙනෙකු සුරතල් සතුන් සමග සම්බන්දතා සීමා කල යුතු බවද ඔවුහු සඳහන් කර සිටිති.
 
ගෝරිල්ලන්, චිම්පන්සියන්, ඔරංඔටං වැනි මහා වානරයන්ට කොරෝනා වයිරසය තර්ජනයක් විය හැකි බවට සත්ත්ව සංරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් නිව්යෝර්ක් නගරය හුදකලා කර ඇති අතර සත්වෝද්‍යාන සියල්ල ද වසා දමා ඇත.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා

Mahee Monday, 06 April 2020 09:50 AM

අලි මදිවට හරක් කිව්වා වගේ සතුන්ටත් රෝගය පතුරුනොත් ලෝකයම ඉවරයි.

:       0       1

නන්නාදුනන හාදයා Monday, 06 April 2020 02:19 PM

මේ සත්වයාට ආහාර අරුචිය තියෙන නිසා නරඹන්නන්ට ප්‍රශ්නයක් නැතිව ඇති... නාඩියා ළඟටම ගිහින් එයාගේ ඔලුව අතගාන්න පුළුවන් ඇති... ආහාර අරුචිය නිසා මිනි කන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site