ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවත් නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවටත් චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගත්තේය.
‘‘චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරනවා’’ යැයි සිය ඉන් ඉවත් වන බව නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේදී ඊයේ (30) පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනෙකුත් සංවිධානවලට හා අරමුදල්වලට සපයන බව ද හෙතෙම කීය.
ලොව රටවල් සෞඛ්‍ය හා සුව සේවා ප්‍රවර්ධනය කිරීමේ නියැළෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව විවිධ රටවල, කලාපවල සහ ලොවපුරා පැතිර යන විවිධ රෝග, ‘කොවිඩ්-19’ වසංගතය වන ගෝලීය වසංගත සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ තොරතුරු බෙදාහදා ගනිමින් ලෝකයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්ති සකසන ප්‍රමුඛතම ආයතනය ලෙස කටයුතු කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද (31) වනතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි යුරෝපීය සංගමය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ලොව රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව ගෝලීයව ගෙන යන සටනට බාධා එල්ල විය හැකි යැයි ද යුරෝපා සංගමය පෙන්වා දුන්නේය.
දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත් අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාසයේදී අනතුරු ඇඟවීමක් කළේය.
රොයිටර්
055
COMMENTS
ඇමරිකාවේ ජනාධිපති කියන්නේ එම රටට වැඩක් නැති මිනිසෙක්... මිලියන් ගණනක් දරුවන් අහිංසක මිනිසුන් බඩගින්නේ ඉන්නවලු...
ඔබාමා, බුෂ් හා ක්ලින්ටන් ගැන හිතනකොට ට්‍රම්ප් ළදරුවෙක් වගේ කියලයි මට හිතෙන්නේ.
වර්තමාන පරිපාලනයේ කිසියම් දුබලතාවක් නිසා WHO එක පිරිහීමකට ලක්වුණා යයි පෙනෙනවා. චීන වසංගතය ලොව පුරා බෝ නොවන බව පැවසීම නිසා ඒ කෙරෙහි විශ්වාසය තැබූ බලවත් රටවල් අමාරුවේ වැටුණා. මේ නිසා කෝපයට පත්වූ ඇමරිකාව මේ තීන්දුවට එළඹුනා වගෙයි පේන්නේ. කෙසේ වෙතත්, මේසා විශාල පාඩුවක් සිදුවීම WHO එකේ පරිපාලන වෙනසකටත් බලපාවි...
ට්‍රම්ප් කියන එකත් ඇත්ත... WHO... කියන්නේ වැඩකට නැති සංවිධානයක් තමා... ලංකාවෙන් මේ සංවිධානයට බඳවා ගත්ත අය දිහා බලන කොට එය හොඳට තේරුම් ගත හැකියි. අර චන්න, ජයසුමන කියන කෙනා ලංකාවේ හැමතැනම ආසනික් වලින් පිරිලා කියලා ගොන් කතාවක් කියන කොට එ්කට පක්ෂව බොරු පරීක්ෂණ වාර්තාවක් දුන්නෙත් WHO. නේද?
එහෙමනම් ලංකාව එක්සත් ජාතින් ජාතින්ගේ සංවිධානයෙන් ඉවත්වෙලා බොහෝ කල් නේද? මේ කරන මානව හිමිකම් කෙනෙහිලිකම් වලට.
ඇමෙරිකාවේ ජනාධිපති කැස්සට ඇති වැඩක් නැහැ. කොන්ග්‍රස් සභාව එය අනුමත කරන්න ඕනේ. තවම එවැනි දෙයක් සිදුවෙලා නැහැ.
පිස්සුව හොඳටම තදවෙලා වගේ. ගොඩේ වෙද්දු හරියන්නේ නැහැ. බැරිද පොඩි සපෝර්ට් එකක් දෙන්න? ප්‍රතිකර්මේ දන්නේ ඔබ විතරයි.
ට්‍රම්ප්ගේ කටයුතුවලින් වැඩිහරියක් කරන්නේ රටරටවල් වලට තර්ජනය කිරීමත් ජාත්‍යන්තර සංවිධාන අඩපණ කිරීමත් ඒවායින් ඉල්ලා අස්වීමත් නේද?
ළඟදී පවත්වනු ලබන ජනපතිවරණයේදී ට්‍රම්ප්ගේ පිස්සුවටත් බෙහෙත් ලැබේවි...!!!
ඇමෙරිකාවට තියෙන හොඳම දෙය තමයි... එක්සත් ජාතින්ගේ සංවිධාන හරහා යෝජනාවක් ගෙනැල්ලා චීනය විසින් අයුතු විදියට විශාල ණය දීලා බංකොලොත් කරපු දුප්පත්ම අපේ වගේ රටවල් වලින් තියෙන ණය කපාහරින්න යෝජනාවක් සම්මත කරන එක... එහෙම නොවුණොත් චීන ආක්‍රමණය තව තව වැඩිවෙනවා...
නියමයි. ජාවාරම්කාර ම්ලේච්ඡ ඇමරිකාව මේකෙන් අයින් වීම හොඳයි. ඒ වගේම ජාත්‍යන්තර මුදල වූ ඇමරිකානු ඩොලරයත් ඉවත් කර ගන්න. එ්ක තමයි නියම ජයග්‍රහණය..
ඔය හැම සෙල්ලමක්ම.. ඊළඟ ඡන්දය වෙනකන් විතරයි.. එතැනදී ඔය ට්‍රම්ප් මහත්තයා එළියට විසිවෙනවා...! ඊට පස්සේ ඔය හැම දෙයක්ම යථා තත්වයට පත්වෙනවා නියතයි.
පටන් ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් හැටියටයි.. එ්ත් දැන් ඩොනල්ඩ් ඩක් වෙලා...!!!
කොරෝනා ප්‍රශ්නයේදී ලෝක සෞඛ්‍ය සංධානය නම් වැඩකලේ දත් නැති බල්ලෙක් වගේ. ඔවුන්ට වයිරස් රෝගයක් ලොවපුරා පැතිරීම නවත්වන්න කිසිඳු ක්‍රමවේදයක් තිබුනේ නෑ. ඇත්තෙන්ම ගුවන් තොටුපොලවල් වසා මගී සංසරණය නැවැත්වීමට ලෝක නායකයින්ට උපදෙස් දිය යුතුව තිබුනේ ඔවුන් විසිනුයි. මේ වයිරසයේ භයානකකම ගැන ලොවට සත්‍යය ප්‍රකාශ, කළ යුතුව තිබුනේ ඔවුන් විසිනුයි. ඒත් ලෝක සෞක්‍ය සංවිධානයට කොරෝනා වයිරසය ගැන කිසිම දැනීමක් තිබුනේ නෑ. මතක තබාගන්න මීට පෙර කොරෝනා ප්‍රභේද 3ක් ලෝකයේ පැතිරී තිබුණා. ඒත් මොවුන් ඒ වයිරසය නැවත පැමිණිය හොත් ක්‍රියාකළයුතු ආකාරය ගැන කිසිදු ක්‍රමවේදයක් සකස් කර තිබුනේ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයට බිලියන් ගණන් මුදල් ලැබුණත් එය නිලධාරිවාදයට නතුවූ ඉතා සැපපහසු ජීවිත ගෙවන නිලධාරින් සහිත ආයතනයක් මිස ලෝකයේ ජනතාවගේ සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙන් කැපවූ සංවිධානයක් නොවන බව මේ වසංගතයෙන් ඔප්පූ වුණා. කොටින්ම ලංකාවේ සිංහල වෙදමහතකුගෙන් ඇසුවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔය කියන එකම ප්‍රතිකාරය වන අඩි 6ක් දුරස්ව සිටීම සහ අත් සේදීමට වඩා එහාගිය වඩා සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කරාවි....