IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ම නැවත විවෘත කෙරේ

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර ඇත.

කෙසේ නමුත් ප්‍රාන්ත එකින් එකට එම ප්‍රාන්තවල සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, සීමා ලිහිල් කිරීම හා නීති රෙගුලාසි වෙනස් වේ.
ඇතැම් ප්‍රාන්තවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන් සහ මරණ වාර්තා වීම් අඩුවෙමින් තිබේ. ඒ අතර ප්‍රාන්ත කිහිපයක කොරෝනා ආසාදිතයන් සහ වාර්තා වන මරණ පැවැති තත්ත්වයේම පවතී.

කෙසේ නමුත් තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට විවෘත කරමින් ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සැරැසුණ ද වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍ය විශේෂඥයෝ තවමත් රට විවෘත කිරීමට සුදුසු නැතැයි අනතුරු අඟවති. මේ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

ඇතැම් ප්‍රාන්ත සීමා ලිහිල් කළ ද ඒවා කර්මාන්ත, කඩසාප්පු විවෘත කිරීමට පමණක් සීමා කර ඇත. කනෙක්ටිකට් ප්‍රාන්තය (20) සීමා ලිහිල් කළ අතර කෞතුකාගාර සහ කාර්යාල විවෘත කිරීමට අවසර දුන්නේය. සීමා ඉවත් කළ නිව් ජර්සි ප්‍රාන්තය සිල්ලර කඩ විවෘත කළ අතර ඇතැම් කර්මාන්තවලට විවෘත කිරීමට අවසර දුන්නේය.

විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරු ව්‍යාපාර සහ ආර්ථික කටයුතු නැවත ආරම්භ කරමින් ප්‍රාන්ත විවෘත කිරීම පමා කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරුන් සිටින ප්‍රාන්ත සීමා ලිහිල් කළ ද තවමත් බොහෝ සීමා පවත්වාගෙන යයි.

මේ හේතුවෙන් රටම තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ධවල මන්දිරය ද පිහිටි කොලොම්බියා දිස්ත්‍රික්කයට අයත් වොෂින්ටන් නුවර වැසියන්ට තවමත් නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දෙසට වන්නට පිහිටි ප්‍රාන්ත මුලින්ම මෙන්ම සම්පූර්ණයෙන්ම පාහේ විවෘත කර ඇත. 
කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග, නිර්දේශ සහ නියෝග දැඩිව ක්‍රියාත්මක වේ. ජෝර්ජියා ප්‍රාන්තය සති කිහිපයක සිට අවන්හල්, බාබර්සාප්පු, කායවර්ධන මධ්‍යස්ථාන සහ අනෙකුත් ව්‍යාපාර විවෘත කර ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සඳහා පැනවූ දැඩි සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඇලෙස්කා ආණ්ඩුකාරවරයා අඟහරුවාදා නිවේදනය කළේය.
 
 
‘ද නිව්යෝක් ටයිම්ස්’

055



අදහස් (2)

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ම නැවත විවෘත කෙරේ

Champa Wednesday, 20 May 2020 10:42 PM

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගානක් නැහැ දිනපතා කොරෝනා වලට ටෙස්ට් කරන නිසා. ඒ හින්දා තමන්ට වෛරසය ආසාදනය වෙලාද නැත්ද කියලා දන්නවා.

:       0       0

බුරක් ඔබාමා Thursday, 21 May 2020 12:48 AM

නියමයි. කොහොමද ට්‍රම්ප්ගේ මොලේ. අන්න බය නැති ලෝක නායකයෝ. බලන්න කොරෝනා හෙට ඉදලා පන කඩාගෙන දුවලා දුවලා ගිහින් මූදට පනින විදිහ. ඔය අමෙරිකාවේ දහස් ගානක් දිනපතා මියගියා කියන්නෙ අමූලික බොරුවක්. අපේ රටේ තමයි ඔය දහස් ගාණක් දිනපතා මිය යන්නේ. ඇදිරි නීතිය නිසායි ඔයාලා ට ඒවා ආරංචි නොවෙන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 871 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 976 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site