කොරෝනා වයිරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 5,100 ඉක්මවා තිබේ.
රෝගය පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනුව මේ බව අනාවරණය වී ඇත.
අමෙරිකාවෙන් මේ වන විට දිනකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 25,000 ඉක්මවා තිබේ.
වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති නිව්යෝක් නගරයෙන් මේ වන විට මරණ 1,300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 884 ක් වන අතර එය වාර්තාගත අගයකි.
වෛරසය ආසාදනය වූ සති 6 ක් වයසැති බිළිඳෙකු ද මියගිය බව අමෙරිකානු සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.
ඒ අනුව වෛරසය හේතුවෙන් අමෙරිකාවේ වාර්තා වූ ළාබාලතම ආසාදිතයාගේ මරණය මෙය ලෙස සැලකේ.
ෆ්ලොරිඩා, ජෝර්ජියා හා මිසිසිපි ප්‍රාන්ත වසා දැමීමේ නියෝග අලුතින් නිකුත් කර ඇත.
ප්‍රාන්ත වසා දැමීමේ නියෝග හේතුවෙන් අමෙරිකානු ජනගහනයෙන් සියයට 75 කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිවෙස්වල සිරවී සිටිති.
අමෙරිකාවේ පුද්ගලයින් 240,000 ක් පමණ වෛරසය ආසාදනයෙන් මියයා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
(බීබීසී ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකාවේ නිදහස් සෙෳඛ්‍ය සේවයක් නැහැ. අමෙරිකානුවන් ගෙදරට ඇතුල්වනවිට පාවහන් ගැලවීමේ පුරුද්දක් නැහැ. අපිරිසිදු පාවහන් ඉදගන්නා පුටුවේ සිට නිදන ඇද මතත් පාවිච්චි කරනවා. මේ නරක පුරුදු වසංගතය බෝවීමට වැඩිවශයෙන් බලපානවා ඇති.
හදට රොකට් යැවුවා. වෙන ග්‍රහලෝක ගැන හෙවුවා. මිසයිල හැදුවා , පරමාණු බෝම්බ හැදුවා. හැබැයි තමන්ගේ රටේ සෞඛ්‍ය ගැන හෙවුවේ නැහැ. කාටහරි ගහන්න ඕන උනහම බොරු හේතු හදල ගැහුවා. පරමාණු බෝම්බ ගැහුවා. කිසිම හිතක් පපුවක් නැතුව දහස් ගණන් මිනිස්සු මරලා දැම්ම. දැන් ස්වභාවධර්මය නඩු අහන්න පටන් අරගෙන තියෙන්නේ.