ලොවපුරා ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය සංඛ්‍යාව 39,090ක් දක්වා ඉහළ ගොස් ඇත.
සෙනුරාදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ ,1891ක් වාර්තා විය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිසරය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ලොවපුරා වැඩිම කොරෝනා මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඉකුත් බ්‍රහස්පතින්දා (16) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 4,591ක් ද
සිකුරාදා (17) මරණ 3,856ක් ද වාර්තා විය.
අද (18) පස්වරු 5.20 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබූ කොරෝනා මරණ ගණන 426කි.
අද පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 735,287ක් ලෙස දැක්විණි.
‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි
055
COMMENTS
අගහරු ලෝකේ අල්ලනවා කිව් හාදයෝ නේද ..? පව් අහිංසක මිනිස්සු...
ඇත්තටම චීනයේ ගණන් සැකයි නේද?
අද සවස් වෙනවිට මරණ ගණන 41,000 තෙක් වැඩිවෙලා. තවමත් වැඩිම මරණ සිදුවෙන්නේ නිව්යෝක් නගරයෙනුයි. එම නගරයේ වර්ග සැතපුමක් තුල 27,000 දෙනෙක් වාසය කරනවලු. දිනපතා මහජනයාට දැනට පවතින තත්වය පැහැදිලි කරන්නේ ප්‍රාන්ත නායකයා සහ වෛද්‍යවරුයි. ලංකාවේ මේ කාර්යය කරන්නේ යුද හමුදාපතිතුමා නේද ?
අද සවස් වෙනවිට මරණ ගණන 41,000 තෙක් වැඩිවෙලා. තවමත් වැඩිම මරණ සිදුවෙන්නේ නිව්යෝක් නගරයෙනුයි. එම නගරයේ වර්ග සැතපුමක් තුළ 27,000 දෙනෙක් වාසය කරනවලු. දිනපතා මහජනයාට දැනට පවතින තත්වය පැහැදිලි කරන්නේ ප්‍රාන්ත නායකයා සහ වෛද්‍යවරුයි. ලංකාවේ මේ කාර්ය කරන්නේ යුද හමුදාපතිතුමා නේද ?