ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන චීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන ඉක්මවා ගොස් ඇත.
ඊයේ (31) රාත්‍රී 11 පමණ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 3,305ක් විය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 200,000කට ආසන්න පිරිසක් මිය යෑමේ අවදානමක් ද මේ වනවිට ඇති වී තිබේ.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.
කෙසේ නමුත් මේ වනවිට කොවිඩ්-19 යනුවෙන් නම් කර ඇති කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 11,000 ඉක්මවයි.
දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි. ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 20,000 ඉක්මවා ගොස් ඇත.
ද නිව්යෝක් ටයිම්ස් සහ ඒ.එෆ්.පී ඇසුරිනි
055
COMMENTS
කොහොමත් ඉතින් ඇමරිකාව පුරසාරම් දොඩන්නේ ලෝකේ සිද්ධවෙන හැමදෙයින්ම ඒ ගොල්ලෝ තමා මුලටම කියලා නේද? මෙතනත් ඒ ගොල්ලෝ මුලටම. තවත් ප්‍රවුර්තියක් දැක්කා රටේ ප්‍රධාන පුරවැසියා කියනවා මරණ සංඛ්‍යාව ලක්ෂයකින් (100,000) නැවතුනත් ඉතාමත් හොඳයි කියලා. දැනට දෙන්නෙක් මියපරලොව ගිහින් අපේරටේ සැවොම දුකින් පසුවෙන්නේ. ලක්ෂයක් කියන්නේ කජු ඇට කොස් ඇට හෝ වැලි කැට නොවේ , මිනිස් ජිවිත. ඉතින් අපිත් එක්ක බැලුවොත් ඒ ගොල්ලෝ ඉන්නේ කොහෙද? කොහොමත් ශිෂ්ඨ සම්පන්න ලාංකියන් හැටියට අපි ඒ ගොල්ලන්ට නිවන් පතමු, ස්වර්ගයේ දොර විවුර්ත වෙවායි පතමු, තම තමන් අදහන දේව දේවතාවුන්ගේ පිහිට ලැබෙන්නයි පතමු.
චීන සංඛ්‍යාලේඛන සැක සහිත බව පෙනේ.
ඔය වගේ කට්ටියට තමයි මේ කොරෝන රෝගය එවල තියෙන්නේ. තමන්ගේ වයස අනුව මෙපමණ කල් ජිවත් වුනේ ඇමරිකාවේ දුන්න ආධාර නිසා. නැතිනම් මග යන්න පනත් නැහැ. දැන් බලන්න. ඉදිරියට වෙන දේ බලන්න. ලංකාව දුක් විදින හැටි බලගතු රටවල් කඩ වැටෙන්නේ. ජනතාවට සැප සම්පත් දෙන්න ගිහින් ලංකාව කඩන වැටෙන්නේ නායකයෝ හොරා කන නිසා. ඔය. රටවල් වල පාලනය කරන හැටි ඉගෙන ගන්න. අද ඔය ඇමරිකාවේ හිටියනම්. මෙහෙම කියයිද ඉස්සර මල් වට්ටිය අතේ තියන් හිටපු අයත් ස්වර්ගය ගැන කතා කරන්නේ. දෙවියන්වහන්සේ උස මිටි පොහොසත් වර්ග බෙදා කරන උන්ට දුන්න දඩුවමක්. අහංකාර කතා. නොකිය පරිස්සමින් ඉන්න. ඇමරිකාව වැටුනොත් දුප්පත් අපිට හොම්බෙන් යන්න වෙන්නේ...