IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ටත් කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජිකයන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව පසුගිය බදාදා (6) උදෑසන වනවිට වාර්තා වී තිබූ තොරතුරු අනුව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජික සාමාජිකාවන්, ඒවාට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සියල්ලේම පිහිටා ඇති කඳවුරු 150කට ආසන්න සංඛ්‍යාවක ඉහත කී ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිස් සිටින බව ‘නිව්ස්වීක්’ සඟරාව වාර්තා කර ඇත.

එම පිරිස කොරෝනා වයිරසයෙන් පූර්ණ සුවය ලැබු පසු නැවත ආරක්ෂක අංශවලට සම්බන්ධ කරගන්නේ ද නැතිනම් ඔවුන් ඉවත් කරන්නේ ද යන්න තවමත් පැහැදිලි නැති බව ද එම සඟරාව පළ කළ පුවත් වාර්තාවේ දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවලට සම්බන්ධ වීමට කැමැති එහෙත් කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත පසුව පූර්ණ සුවය ලැබූ පිරිස් ආරක්ෂක අංශවලට සම්බන්ධ කරගැනීම තාවකාලිකව නවතා දැමීමට ද ඇමෙරිකානු බලධාරීහු පියවර ගෙන ඇත.

පෙන්ටගනය ඊට අදාළ නියෝගයක් ද නිකුත් කර ඇතැයි මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා නිලධාරීහු ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පවසා ඇත.

‘‘මේක තාවකාලික නියෝගයක්. මාර්ගෝපදේශයක්. හමුදා නිලධාරීන් තවමත් වයිරසය අධ්‍යයනය කරමින් ඉන්නවා. කොරෝනා වයිරසයේ දීර්ඝකාලීන බලපෑම් තිබෙනවාද , වයිරසය ආසාදනය වූ අයකුට හමුදාවට සම්බන්ධ විය හැකි ද යනාදිය ගැන තවමත් අධ්‍යයනය කරනවා’’ යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.

රටේ අනෙක් පිරිස් හා කණ්ඩායම් මෙන්ම ක්‍රියාන්විතයේ මෙන්ම රාජකාරීවල සිටින ඇමෙරිකානු ආරක්ෂක අංශවල දොළොස් ලක්ෂයකට ආසන්න පිරිස කොරෝනා වයිරසයෙන්ම මෙන්ම එහි බලපෑමෙන් බේරාගැනීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව දැඩි අරගලයක නිරත වී සිටී.

හමුදාවට අලුතෙන් බඳවාගත් ඉන්පසුව කොරෝනා වයිරසය ආසාදනය වූ අයටද ආරක්ෂක අංශවලට සම්බන්ධ වීම තාවකාලිකව නවතා දමා තිබෙන අතර නැවත පැමිණිය යුතු දින පසුව දැනුම් දෙන බව ද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ. 

ඡායාරූපය - රොයිටර්ස්

055 

 



අදහස් (0)

ඇමෙරිකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site