(ඉන්දිකා රාමනායක)
කොළඹ ගම්පහ පුත්තලම යන ප්‍රදේශවලට නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවුවද වෙළඳසැල් වල සිටින අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙදසැල් විවෘත කිරිමට අවසර දී ඇති බව පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.
මේ සඳහා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද හෙතෙම කීය.
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු භාණ්ඩ මිළ දි ගැනීම සදහා ගොස් සිටි පාරිභෝගිකයන් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු ඉතා ප්‍රශංසනීය බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ප්‍රායෝගික නෑනේද. බඩු අරන් යද්දී පොලීසියේන් අල්ලන් ගියොත් මොකද කරන්නේ ? කඩවලට කියන්න දාහේ, දෙදාහේ වගේ පාර්සල් ඉක්මනින් හදන්න කියලා.. එතකොට බොහෝ දෙනාට පුලුවන් එවැනි පාර්සල් අරන් ක්ෂණිකව ගෙදර යන්න. එක්කෝ මෙහෙම අරින්නේ නැතුව නිවසට පාර්සල් විදියට කෑමබීම යැව්වා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ..
ඉතා ප්‍රශස්ත මෙන්ම අත්‍යාවශ්‍ය තීරණයක්... ඇඳිරි නීති විරහිත කාල සීමාව තුළ අනිකුත් ප්‍රදේශවලටත් ආදේශ කරනව නම් සුදුසුයි. හැබැයි වඩාත් ප්‍රායෝගික වෙන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ රු 1000/= හෝ 2000/= වැනි මිල ගණන් යටතේ පාර්සල් කරතබා ක්ෂණිකව මිල දී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබීමයි. එමගින් කාලය මෙන්ම භාණ්ඩ ද පිරිමැසෙනවා.