IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ

ඉන්දිකා රාමනායක

කොරෝනා වයිරසය  ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා  තිබු ඇදිරිනීතිය උල්ලඝනය කළ 7619  දෙනෙක්  අද  (31) දහවල් වනවිට දිවයින පුරා  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම කාලය තුළ  වාහන 1864  ක්  අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මාර්තු 31 දින පෙරවරු  6.00 සිට  දින දහවල් 12.00 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 261  දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 96 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් පවසයි.

මේ අතර  ඇදිරිනීතිය කරන පුද්ගලයන්  අත්අඩංගුවට ගැනිම සදහා කොළඹ නගරය තුළ  සිදුකළ  විශේෂ මෙහෙයුමකදී  ඇදිරිනීතිය කඩකල පුද්ගලයන් 195  දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 110 ක්  ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසිය බාරයට ගත් මෙම සියලූ වාහන  කොරෝනා වසංගතය අවසන් වනතුරු මුදා නොහරින බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site