(ඞී.කේ.රත්න)
ඇඳිරි නීතිය ඉවත් කළද හෙට (30) බණ්ඩාරවෙල නගරය මුල්මනින්ම වසා දැමීමට බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව තීරණය කළේ යයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (29) පැවසීය.
බණ්ඩාරවෙල මහ නගර සභාව , බණ්ඩාරවෙල පොලීසිය හා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාරයාලය එක්ව අද (29) බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාරයාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරුවීමෙන් මේ වන විට කොළඹ අයි.ඞී.එච්.රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් එම පුද්ගලයා කොරෝනා රෝගයට ගොදුරුවී ඇති බව හදුනා ගැනීමෙන් පසු දින දහහතරක කාලය අපේ‍්‍රල් මස 04 වන දිනෙන් අවසන් වන හෙයින් එම කාලය තුළ ප‍්‍රදේශයේ ජනතාව නගරයට පැමිණීම වැලක්වීම සදහා මෙම තීරණය ගත් බවත් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇඳිරි නීතිය ඉවත්කළත් හෙට සිට බණ්ඩාරවෙල වසාදමයි
n amal Sunday, 29 March 2020 09:03 AM
වඩාත් හොඳ තීරණයක්. සරලව කිව්වොත් මාසෙකටවත් දෙන්න එපා. මේ තත්වය පහව යනතුරු. මිනිස්සුන්ට ලුණුයි බතුයි කාලා හරි ඉන්න කියන්න.
RMD Sunday, 29 March 2020 02:05 PM
බණ්ඩාරවෙල නගරයක් වුණාට ගම් කීයක් තියෙනවද? ලොක්ඩවුන් එකක් වුණොත් මොකක්ද දෙන විසදුම්?
wije Sunday, 29 March 2020 04:48 PM
එන් අමල් ඔයා මාසයක් යනකම් මේ මිනිස්සුන්ට ලුනුයි බතුයි ගෙනැල්ලා දෙනවාද නිකම් බොරු කාර්ඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන්න එපා. තමන් කියනදේ කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ ගෙදරත් බණ්ඩාරවෙල නගරයේ තිබුනානම් ඔයාගේ දරුවෝ බඩගින්නේ අඩන කොට ඔයාට තේරේවි ඔයා ඔය දාන අදහස් හරිද කියලා...?