IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ

(රංජිත් රාජපක්ෂ )

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය.
 
මෙසේ දඩ මුදල් ගෙවිමට නියම කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මුණිදාස ගමගේ (සභාපති) දොලමුල්ලකන්කානම්ලාගේ සමිත් , පොල්ගම්පොලගේ නයනකිර්ති පුෂ්පකුමාර ,  අලංකාරගේ අනුර දේවප්‍රිය ,  ගමගේ රාමචන්ද්‍ර යන සැකකරුවෝය.

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිව්දෙනෙකු ඉකුත් 3 දින අකුරැස්ස සිට  හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය දක්වා එම නගර සභාවේ ලොරි රථයකින් පැමිණෙන අවස්තාවේ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එදිනම මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් පස් දෙනාට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ වාහනය මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසය.
 
එම ඉල්ලිම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සභාපතිවරයාගේ දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමටත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන ප්‍රාදේශිය සභාවේ ලොරි රථය මුදා හැරිමට නියෝග කළේය.



අදහස් (17)

ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ

M Narangoda Wednesday, 06 May 2020 08:50 AM

පොදු දේපොළ අවභාවිත කිරීම සදහා පොලිසියෙන් නඩු දමල නැහැ වගේ, ලොරිය පාවිච්චි කලාට ට්‍රිප් යන්න.

:       0       19

parakkrama Wednesday, 06 May 2020 09:02 AM

අනේ පව් ! දඩය ලොකු වැඩි නිසා හරියට රිදෙන්න ඇතිනේ? දීලා තිබෙන ආදර්ශය නම් මරුම තමා !!! මෙතුමයි, ගෝලයොයි ආයේ කවදාවත් මෙහෙම වැරද්දක් නොකරාවි නේද? ලොක්කටම පෙනීයන්...! ලොක්කටම පෙනීයන් !!! ලොකු උත්තමයාටම පෙනීයන් !!!... මෙතෙක් මේ නීතිරීති කඩකළ 40,000ක් පමණ උදවියට හොඳ පූර්වාදර්ශයක් බව නොකියාම නොහැක්කේය.

:       0       93

Raveendra Wednesday, 06 May 2020 09:04 AM

ඕනෑම ජඩ වැඩක් කර නිතිය ඉදිරියේදී සමාව ඉල්ලීමත් නරකම නැහැ. මොකද ඇප ලැබෙනවා අදහගන්න බැරි තරමට මෙන්ම උහුලන්නට බැරි මුදලක් තරම්වූ අධික දඩමුදලක් ගෙවන්න වෙච්ච එක තමයි ගැටලුව. රුපියල් 1600 කියන්නේ මේ කල්පෙකට හොයන්න පුළුවන් මුදලක්ය. මේ වගේ දේශපාලුවන් සමාජයේ සාමකාමී මිනිසුන්ට සමච්චල් කරමින් ගම් කබරයන්ගේ අතේ පැළවෙන ගොන් තර්කවල උදව්වෙන් නිදහස්වී යන හැටි.

:       0       75

ජයම්පති Wednesday, 06 May 2020 09:26 AM

ප්‍රාදේශීය මීහරකෙක්. මේ වෙලාවේ හැටියට කළ යුතුම වැඩක් වෙන්න ඇති මේ කළේ.

:       0       2

MaheeThursday, 07 May 2020 07:08 PM

වැරදියි තමයි. නමුත් බලන්න, 40000 ක් අත්අඩංගුවට පත්වෙන්න තරම් බරපතල ලෙස සලකපු වරදකට නඩුකාරයාගේ තක්සේරුව. රන්ජන් කිව්වේ මේ වගේ අය ගැන තමයි. බොහොම අය කියනවා බුදුසසුන වනසන්නේ දුසිල් මහනුන් කියා. රටේ නීතිය වනසන්නේ කවුද?

:       0       1

නෙවිල් Wednesday, 06 May 2020 09:41 AM

දැන් ශ්‍රීපාද සමය ඉවරයිනෙ. මේක නම් කවදාවත් වන්දනා ගමනක් වෙන්න බැහැ.

:       0       102

RaveendraWednesday, 06 May 2020 11:11 AM

සහතික ඇත්ත... මුසල මූණු වලින්ම පේනවා පිං අතේ වැඩකට ගිහින් තියෙන්නේ කියල.

:       0       33

samareWednesday, 06 May 2020 01:31 PM

සත්තු දඩයමේ හෝ ගැනු දඩයමේ ගිහින් ....

:       0       82

රවින්Wednesday, 06 May 2020 11:17 AM

ශ්‍රී පාද වන්දනා සමය පටන්ගැන්ම දෙසැම්බර් මාසයේ පොහොය දින සිට අවසානය මැයි මාසයේ පොහොය දින දක්වාවේ . සිංහල මාස ක්‍රමවෙදයට නම් උදුවප් පොහොයේ සිට වෙසක් පොහොය දක්වා. කොහොම උනත් දේශපාලුවෙක් හින්දා දඩ මුදල නම් හොඳටෝම මදිය. තවද රාජ්‍ය පරිපාලනය මගින්ද මොහුට විරුද්ධව පරිපාලනමය ක්‍රියා මාර්ග ගතයුතුවේ. රාජ්‍ය දේපල අවභාවිතය. අවසර ලත් රියදුරෙකු නොමැතිව ලොරි රථය පැදවීම. යෑම ඒම සඳහා ඉන්ධන භාවිතය. පොදුවේ පවතින රාජ්‍ය අවමානයට ලක් කිරීම... ආදී කරුණු වලට අදාලවද ක්‍රියා මාර්ග ගතයුතුවේ. සෞඛ්‍ය අංශය විසින් ලෝකයේ පවතින සම්මත වසංගත නීතිරීති උල්ලංගනය කිරීම පිළිබඳවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු වේ.

:       9       11

RaveendraWednesday, 06 May 2020 12:35 PM

වැඩිම උනොත් තව රුපියල් 500 දඩ ගහයි මහජන දේපොළ අවබාවිතාවිම පිළිබද සහ එය ගෙවීමට අවුරුදු 20 ක පමණ සහන කාලයකුත් ලබාගන්න බැරි නැහැ. දැන් හිතාගන්නකෝ මරණාධාර සමිතියක කෙනෙක් මෙසේ සියල්ල අවභාවිතා කරන්නේ නම් දියවන්නාව පටිටියේ රටම විනාශ කරන සමිතියේ " මීහරක් 225 "මොනතරම් දේවල් කාබාසිනියා කරනවාද කියා.

:       0       37

Kamal Wednesday, 06 May 2020 11:25 AM

ඔච්චර දඩ මුදලක් සභාපති තුමාට ගෙවන්න පුළුවන්ද? හිතන්න ඔනේ... නීතිය සාධාරණ වෙන්න ඔනේ... පව් රටෙ මිනිස්සු... රුපියල් 160ක් නම් කමක් නැහැ..

:       0       24

Nandalal DE SILVA - France Wednesday, 06 May 2020 11:26 AM

හරි සිල්ලර දඩයක් නේ !!! කවුද දන්නේ නැහැ මේ තරම් දරුණු දඩයක් නියම කරන්න නියෝග කරේ? ලඟම තියෙන පන්සලේ පින් කැටය කඩලා උනත් මේ දඩය ගෙවන්න මේ පින්වතුන්ට තිබුණා නේද? මෙවැනි දඬුවමක් මගින් තව තවත් වන්දනාකරුවන් සිරිපා වන්දනා කරන්න යන්න පුළුවන් ! ඒත් අර ලොරි බාගයේ තිබුණ බඩුමලු වල මොනා තිබුණාද කියා දන්නේ කවුද?

:       0       29

Pradeep Wednesday, 06 May 2020 01:52 PM

දඩ මුදල ලොකු වැඩිද මන්දා.. පව් අසරණයෝ ටික. බොහොම අමාරුවෙන් වෙන්න ඇති ඔය මුදල හොයාගන්න ඇත්තේ.. අර ගෙදරකින් අඹ ගෙඩි 4ක් කඩා ගත්ත වයසක අම්මටවත් ඇප නොදුන් අපේ නිතිය මේ කුඩා දේශපාලකයින් අසලත් නැමෙන අපුරුව..

:       0       57

jayath Wednesday, 06 May 2020 02:03 PM

කුමට මෙරට අධිකරණය? නීතිය සහ විනිසුරන් කියන්නේ නන්ද මාලිනි ගේ පවන ප්‍රසංගයේ එන සුනිල් ආරියරත්න ලියපු සින්දුවක් මේක හැමදාටම ගැලපෙනවා . මගේ ප්‍රශ්නය එක නෙමි දොස්තර වික‍්‍රමසිංග වගේ යුග පුරුෂයෝ පාර්ලිමේන්තු යවපු අකුරැස්සේ ඒ ජනතාවගේ අලුත් පරපුර මොලේ කොලොප්පන් වෙච්ච තරමයි... මොකද දැන් ඒ පැත්තේ වීරයෝ ස්ත්‍රී දූෂකයෝ සහ මේ වගේ මොංගල් පොරවල් . අර මනුස්සසය වලෙන් නැගිටලා එවි දවසක '...

:       0       1

RaveendraThursday, 07 May 2020 05:22 AM

ඒ කාලයේ ඒ පැතිවල හිටියේ හෙළයෝ. දැන් ඉන්නේ මීහරක්. පොල්බුරු ඥානයෙන් අගතැන්පත් අපතයෝ...වෙනස එයයි...මේ අම්බරුවා දියවන්නා පටිටියට යාමට ඉහළින්ම සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු.

:       0       3

Niresh Wednesday, 06 May 2020 03:04 PM

පිස්සො... කියන්න වෙන වචන නැහැ. මොනවද හිතාගෙන ඉන්නේ කියලා අපිට හිතාගන්න බැහැ..

:       0       1

kiraa Thursday, 07 May 2020 05:19 AM

ශ්‍රී පාද බැතිමතුන් විදිහට සුදු ඇඳගෙන ගේම් එකක් ගැහැව්වේ .. ඉතින් කෙලවුනානේ ..! අයිසේ.... මෙහෙමත් කොරෝනා එකක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 35 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 990 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
2025 ජනවාරි මස 16 406 4

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194


කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 16 471 2

කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති


අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්
2025 ජනවාරි මස 16 1188 3

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එ


මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට
2025 ජනවාරි මස 16 669 2

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පො


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 273 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 567 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 313 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site