IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා

ඉන්දිකා රාමනායක

 තම සේවා   හැදුනුම්පත  ඇදිරි නීති   බලපත‍්‍රයක්  වශයෙන්  භාවිතා   කිරීමට  අවසර  ලත් තැනැත්තන්  හා එම වාහන වලට හැර  ඇදිරිනීති බලපත‍්‍ර  නොමැතිව  මහා  මාර්ග හා   අතුරු මාර්ගවල   ගමන් ගන්නා  සියලූම   පුද්ගලයන්   වරෙන්තු නොමැතිව   අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ  සහ  අපරාධ නීතිය යටතේ   නඩු  පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි    නීතිඥ  ජාලිය සේනාරත්න මහතා පවසයි.

එම පුද්ගලයන් අධිකරණ මගින් වරද කරු කළහොත්  සිර දඩුවමකට සහ  දඩයකට යටත් වන බවද  සේනාරත්න මහතා කියා සිටියේය.

ඔවුන්ගේ වාහන ද අත්අඩංගුවට ගෙන මෙම වංසගත තත්ත්වය  පහව  යනතෙක් පොලිසියේ රදවා තබන බවද හෙතෙම කීය.



අදහස් (8)

ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා

lalithm Tuesday, 31 March 2020 07:29 AM

සමහර රාජ්‍ය බැංකුවල ප්‍රාදේශීය ලොක්කෝ සේවකයින්ට සේවා ස්ථාන වලට වාර්තා කරන්න කියල බල කරනවා. තම තමන් ප්‍රවාහන පහසුකම් සලසාගෙන,. එහෙත් මේ විදියට බැංකු සේවා අත්‍යවශ්‍ය කියල කොහෙවත් නැහැ. අද උදේ පොලිසියේ අජිත් රෝහණ මහතා පැහැදිලිව කිව්වා බැංකු සේවිකාවන්ගේ ස්වාමි පුරුෂයෝ බැංකු හැඳුනුම් පත භාවිත කරලා යන්න දුන්නු වරප්‍රසාදය අව භාවිත කලා කියල අත් අඩංගුවට ගත්ත කියල. කරුණාකර මේ ආයතන වල සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප්, වැටුප් ගෙවන දින වලට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න. මේ තත්වයට හදිසියේ පොලිසි වලට ගිහින් බලපත් ගන්න බැහැ. වරු ගණන් පෝලිමේ ඉන්න ඕනේ. ගෙවල් වල අනිත් අයත් අත්‍යවශ්‍ය රැකියා කරනවා. අනික හැම සේවකයටම තමන්ගේ රිය පදවාගෙන එන්න කියා කිව්වට හැමෝටම රථයක් තියෙනවද? හදිසි අනතුරක හෝ කාර්මික ආබාධයකදී මේ දවස් වල මොනවා කරන්නද? විශේෂයෙන් කාන්තාවන්.

:       1       103

kamalTuesday, 31 March 2020 09:54 AM

ඔය ප්‍රශ්නය මටත් තියෙනවා. නෝනා වැඩ කරන්නේ කොළඹ රාජ්‍ය බැංකුවක නීති අංශයේ ... උසාවි වහල නිසා එයාලට කරන්න රාජකාරියක් නැතිවුනත් එයාලගේ ලොක්කි හැමෝම ගෙන්න ගන්නවා බොරුවට. ඉතින් මම යන්න ඕන එයාව දාන්නයි ගන්නයි. මගදී පොලිසියෙන් බේරෙන්න හරිම අමාරුයි. ඇදිරි නීති පාස් ගන්න ගියහම Slave island පොලිසියෙන් කිව්වා දෙන්න බැහැ කියලා . බැංකුවේ ඔක්කොටම එයාලට ලියන්න බැහැලු. එක්කෝ බැංකු වලින් ඒ පාස් අරන් දෙන්න ඕන. එහෙම නැත්තම් එයාලට බැංකුවේ වාහන පහසුකම් ලබා දෙන්න ඕන..

:       0       3

sirimewanTuesday, 31 March 2020 10:12 AM

ලංකා බැංකු සේවක සංගමයේ අවධානය යොමුවේවා !

:       0       5

ශබ්ද දූශණය එපා Tuesday, 31 March 2020 08:40 AM

පන්සලේ හරිම සද්දෙට ශබ්ද විකාශන යන්ත‍්‍ර දාලා ... ගෙදර දෙදරනවා... කොහොමද ඉන්නෙ? කන් අඩි රිදෙනවා

:       0       18

Nihal Tuesday, 31 March 2020 11:33 AM

මේ ඇදිරි නීතිය පනවන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. හයට ලිහිල් කර 2 අවසන් කරන නිසා විශාල වශයෙන් ජනතාව තමන්ගේ අත්‍යවශ්‍යම හේතු නිසා නගරයට එනවා. මේ ක්‍රමය නිසා වෛසරය තව තවත් පැතිරීම අවදානම ඉහළයි. සවස 7 දක්වා පමණ දීග කළ යුතුයි. අනිත් එක මුළු දිස්ත්‍රික්කයම ඇදිරි පනවනාවට වඩා අදාල ගම නගරය,නිවස කඩය පමණක් ලොක් ඩවුන් සීල් සම්පුර්ණයෙන් වා දැමිය යුතුයි. නගරයේ දිනපතා බැංකුව ආහාර වෙළදසැල් කීපයක් පමණක් විවෘතව තිබිය යුතුයි.

:       0       3

Nihal Tuesday, 31 March 2020 12:04 PM

ගුවන් තොටුපලේදී ගෙදරට ගිහින් නිරෝධායන වෙන්න කියනකොට ගෙදර ඉන්න දරුවන් දෙමව්පියන් අසල්වැසි හෝ ඥාති ගෙදරක ඔහු /ඇය ඔවුන්ගේ අවශ්‍ය දේ රැගෙන නිවසින් පිටව ගොස් තිබිය යුතුයි එහෙම නොකරන අයට නීතිය දැඩිව ක්‍රියා කරන නිසා ප්‍රතිපල දායකයි. මේ ගේ තුල නිරෝදනයේදී ඔහුට තිබුනොත් පව්ලේ 8 ක් හිටියොත් ඔක්කොටම ඉවරයි

:       0       3

G A P Pradeep Tuesday, 31 March 2020 05:23 PM

හරිම සද්දෙට ශබ්ද විකාශන යන්ත‍්‍ර දාලා ... ගෙදර දෙදරනවා... කොහොමද ඉන්නෙ? කන් අඩි රිදෙනවා

:       0       10

දෙනෙත් Wednesday, 01 April 2020 05:30 AM

ලොක් ඩවුන් කරපු දිස්ත්‍රික්කවල මිනිස්සු ගෙවල් වල සල්ලි ගොඩගහගෙන ඉන්නවා කියලා හිතාගෙන එකපාරට කිව්වා ආපහු ඇඳිරිනීතිය අයින් කරන්නේ නෑ කියලා. බඩු විකුණන වාහන ආවත් මිනිස්සු කොහොමද බඩු ගන්නේ? බැංකුවලින් සල්ලි ගන්න යන්න විදිහකුත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13283 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site