IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ඇඳිරිනීතිය ඉවත් කළ දිස්ත්‍රික්ක තුළ පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක විය යුතුයි’

(නිමන්ති රණසිංහ)
 
ඇඳිරි නිතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප‍්‍රවාහන සේවා අදාළ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක  විය යුතු බවත් දිස්ත්‍රික්කයෙන්  පිට ධාවනය කිරීම තහනම් බවත් විදලිබල බලශක්ති හා ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23)  පැවසීය.
 
ඇදිරි නිතිය තවදුරටත්  ක්‍රියාත්මක  දිස්ත්‍රික්කවල පොදු ප‍්‍රවාහන සේවා ක්‍රියාත්මක  නොවන අතර, සෞඛ්‍ය ආරක්ෂක ඇතුලු  අත්‍යවශ්‍ය සේවාවන් සදහා පමණක් ආයතන ප‍්‍රධානීන්ගේ ඉල්ලීම මත ලංගම බස් රථ ලබාදීම සිදුකෙරනු ඇතැයි ද අමාත්‍යවරයා ස`දහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ ඛණීජ තෙල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී  අද(23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සදහා මෙන්ම වයිරසය බෝවීම වැළැක්වීම ස`දහා සෞඛ්‍ය ආ ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති සියලූම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවත්, මුඛ ආවරණ නොමැති කිසිදු මගියෙක් පොදු ප‍්‍රවාහන සේවාවෙන් ප‍්‍රවාහනය නොකරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 
අත් සේදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය බස් රථ හා දුම්රියවල සපයන අතර, අනවශ්‍ය පුද්ගලයින් පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කිරිම වැළැක්වීම ස`දහා ආරක්ෂක අංශවල සහාය ලබාගැනීමට කටයුතු යොදා ඇතැයි ද බස් රථවල ගමන් කළ හැක්කේ එක් ආසනයක එක් අයකු වශයෙන් සිග්සැග් ක‍්‍රමයට ආසනවල හි`ද ගැනීමෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.
 
එසේම, දුම්රියෙන් ගමන් කළ හැකි වන්නේ අත්‍යවශ්‍ය සේවා ස`දහා යන අය පමණක් බවත් අදාළ ආයතනවල ප‍්‍රධානීන් විසින් එම සේවකයින්ගේ නාමලේකණ දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 
පොදු ප‍්‍රවාහන සේවාවේ සේවය කරන කාර්ය මණ්ඩලය ද මුඛ ආවරණ පැළැදීම අනිවාර්ය වන අතර, මගීන් බස් රථයකට ගොඩවීමට පෙර සහ බැසීමෙන් පසුද දෑත් විෂබීජ නාශක යොදා පිරිසිදු කර ගත යුතු බවත් දෑත් පිරිසිදු කිරීමට අවශ්‍ය විෂබීජ නාෂක බස් නැවතුම්පොළවල්, බස් රථ, දුම්රිය ස්ථානයන් හි මෙන්ම දුම්රිය තුළ තැබීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ලබන බවද අමාත්‍යවරයා පැවසීය.
 



අදහස් (0)

‘ඇඳිරිනීතිය ඉවත් කළ දිස්ත්‍රික්ක තුළ පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක විය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site