ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුහුසුළුව සැරසෙන අයුරු දකින්නට ලැබිණි.
ඔවුන් සෞඛ්‍යාරක්ෂිත අයුරින් එම කාර්යන්හි නියැලෙන අයුරු දකින්නට ලැබිණි.




උතුරේ ප්‍රදේශ
(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)



උතුරේ ප්‍රදේශ
(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)



නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා )



හැටන් නගරය
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )



ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )



මඩකලපුව නගරය
(ඡායාරූප - ටි එල් ජව්ෆර්කාන්)
බෙන්තොට ,දෝපේ ඇල්පිටිය
(ජේ.ඉඳුරුවගේ )

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නගරයට ආ ජනතාවට නොමිලේ කොස් බෙදාදීම



තලවකැලේ
ශාන්ත චන්ද්‍රසිරි


අලුත්ගම
තුසිත කුමාර ද සිල්වා

සදලංකාව-හේමලතා ඩී හේවගේ
අරණායක - ප්‍රදීප් කුමාර

මහනුවර
මොහොමඩ් ආසික්


හැටන්
රංජිත් රාජපක්ෂ
COMMENTS
ඇඳිරි නිතිය ඉවත් කලත් සති පොළවල් , මාළු මාකට් එහෙම තව දුරත් වහල තියන්න නියෝග දුන්නනම් හොඳයි. මේ රුප වලිනුත් පෙනෙනවා ඒවායේ සෙනග එක ගොඩේ තෙරපෙන හැටි... විකුණන අයට ගානකුත් නැහැ , බඩු ගන්න එන අයට ගානකුත් නැහැ..
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා, දැනටමත් ආසාදනය වී ඇති අයට මුහුණු ආවරණ පැළදීම අත්‍යවශ්‍ය වෙනවා. දැනටමත් ආසාදනය වී ඇති සමහර අය (asymptomatic people) තමන් ආසාදනය වී ඇති බව දන්නෙත් නැහැ. කොරෝනා වෛරසය මුඛය, නාසය සහ ඇස් හරහා සම්ප්‍රේෂණය වෙන්නෙ කියල කියනවා. මුහුණු ආවරණයෙන් ඇස් ආවරණය වෙන්නෙ නෑ. ඔබ වෛරසයට නිරාවරණය උනොත් වෛරසය මුහුණට පමණක් නොවේ ඔබේ මුළු සිරුරටම වැටෙනවා.... ඒ නිසා ඔබ නිවසින් පිටතට ගොස් වෙනත් පුද්ගලයින් සමඟ ගැවසුනොත් හොඳම දේ නම් නිවසට පැමිණි විට ඇදුම් ඉවත් කර ස්නානය කරන එකයි, ඇදුම් ටික සේදීමයි.
COVID-19 වෛරසයේ ප්‍රමාණය 0.1 සහ මයික්‍රෝන 0.2 (මිනිස් හිසකෙස් දළ වශයෙන් මයික්‍රෝන 100 ක විෂ්කම්භයක් ඇත) මෙම වෛරසයට රෙදි වල සිදුරු හරහා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මෙම වෛරසය නැවැත්වීම සඳහා කාර්යක්ෂම යැයි කියන්නේ අධි-කාර්යක්ෂම අංශු පෙරහන් (HEPA - high-efficiency particle air) මුහුණු ආවරණ. නමුත් ශුභාරංචිය නම් වෛරසයට තනිවම ගමන් කළ නොහැකි වීමයි. එයට මිනිස් ශ්ලේෂ්මල බින්දු අවශ්‍යයි ගමන් කිරීමට. මේ ශ්ලේෂ්මල බින්දු සාමාන්‍ය මුහුණු ආවරණ වල සිරවීමට තරම් විශාලයි. නමුත් මෙම බිඳිති මුහුණු ආවරණ මත වියළීමට ඉඩ නොදෙන්න - දිගු කාලයක් ඒවා භාවිතා නොකරන්න.( ලුණු හා බේකින් සෝඩා ද්‍රාවණයක් ඉසීම ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි).
Akila පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. සති පොළවල්, මාළු මාකට් තවදුරටත් වහලා දැම්මාම මිනිස්සු කන්නේ මොනවද?
මාස ගණනකට බඩු ස්ටොක් කරලා තියාගන්න පුළුවන් අලුත් සල්ලිකාරයෙක් කියන කතාවක් හෝ තමන්ගේ ආහාර වේල ලැබෙන්නේ කොහෙන්ද කියල දන්නේ නැති සුකිරි බට්ටෙක් කියපු කතාවක්. ඔවුන් ප්‍රායෝගික නැහැ එදා වේල හොයාගන්න මිනිසුන් විඳින දුක ගැන. කලයුත්තේ හැකි පමණ මිනිසුන් දුරස්ථ කර ගම් වලට බඩු බෙදා හැරීම සහන මිලකට. අනික මේ වගේ පොළවල්, පාමසි බැංකු වගේ ස්ථානවල සේවය කරන අයගේ ජීවිතත් අනතුරේ මේ විදියට හැසිරෙන මිනිසුන් නිසා. ඒක ඇත්ත.
ඔය හැම දුකක්ම සාමාන්‍ය මිනිසුන්ට පමණයි. අර චන්ද කාලෙට එලි බහින 225 න් එක්කෙනෙක්වත් ඔය පෝලිම් වල ඉන්නවා දැකල තියෙනවද? ඒ අය රටේ මෝඩ චන්දදායකයින්ගේ කර පිටින් ගිහින් සුර සැප විඳිනවා.චන්දේ දුන්නු අය පෝලිම් වල අපා දුක් විඳිනවා.
කල්පනා කරන්න.මේ පෝලිම් ඉස්පිරිතාල ඉදිරිපිට දකින්න නොලැබේවා !