(ජේ.කේ.එල් චාමින්ද)
ඇදිරි නිතිය තිබියදි බෙහෙත් තුන්ඩුවක් රැගෙන බෙහෙත් රැගෙන යන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදි සිටි පුද්ගලයකු පිංකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මොහු යතුරුපැදියකින් එමින් සිටියදි පොලිසිය විසින් සැකකරු නවතා පරික්ෂා කොට ඇත.
එම අවස්ථාවේ දි සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබි මත්කුඩු සොයාගෙන ඇත. සැකකරු ගාල්ල පියදිගම ප්‍රදේශයේ පදංචි 20 හැවිරිදි තරුණයෙකි.
සැකකරු මත්කුඩු ජාවාරම්කරුවකු බව පොලිස් පරිකෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි සමාජ පිළිල. මේකෙන් වුනේ ෆාමසි ටිකත් වහලා දාන්න වුන එකයි.
මේ වගේ අය නිසා තමයි ඇත්තටම අසනීපෙන් ඉන්න කෙනකුට බෙහෙත් ටිකක් ගන්න යන්න තිබුන අවස්ථාවත් නැතුව ගියේ.