IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇදිරිය ගැන තින්දු ගන්නේ වෛද්‍ය අදහසුත් ඇතිව බව ජනපති කියයි

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසයත් සමග ඇතිවී තිබෙන අර්බුදය හමුවේ රට තුළ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීන්දු ගන්නේ වෛද්‍යවරුන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තමා නැතිව තීන්දු නොගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද දහවල් පැවති අතර, කොරෝනා වසංගතය පැතිර යාමේ වත්මන් තත්ත්වය ඇදිරි නීතිය, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.



අදහස් (13)

ඇදිරිය ගැන තින්දු ගන්නේ වෛද්‍ය අදහසුත් ඇතිව බව ජනපති කියයි

sam Wednesday, 01 April 2020 06:17 PM

ඇඳිරි නීතිය දිගටම මාසයක් දාලා , මිනිස්සු පාරට යන්න ඕන නැහනේ මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1.ආහාර තියෙන ගමේ හෝ නගරේ කඩවල් වලට ඩිලිවරි පමණක් කරන්න කෙලින්ම අවසර දෙන්න . දවසට එක වතාවක් ආහාර ද්‍රව්‍ය අවශ්‍ය සැම නිවසකටම ඩිලිවරි කරන්න අවසර දෙන්න 2.පාමසි ටික ඇරලා තියන්න , මීටර් 10ක් ඇතින් උනත් ඉන්න පුළුවන් හැමදාම විව්ර්තව තිබුනම ලොකු සෙනගක් නැහැ 3.සැම බැංකුවකම හවස 6 සිට රාත‍්‍රී 12 වෙනකන් ඇරලා තියන්න. බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි , පරතරය තියාගන්න පුළුවන් 4. රජයෙන් කලයුතු වන්නේ දුප්පත් මිනිස්සුන්ට හමුදාවපොලිසිය මාර්ගයෙන් ආහාර ලබා දීම පමණි...

:       29       512

නිමල් Wednesday, 01 April 2020 10:15 PM

මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කල ජනාධිපති අන්තර්ජාතික මුල්‍ය සමාගම් සෘජුව සම්බන්ධ කර නොගෙන ලංකාවට සහන ලබාගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත් කරවා ඔහු ලවා අන්තර්ජාතික මුල්‍ය සමාගම් මගින් ලංකාවට සහන ඉල්ලා සිටීමට තරම් අන්ත අසරණ වී ඇතිබව පෙනෙනනට තිබේ. මෙතරම් අසරණවූ ජනාධිපතිවරයෙක් මිට පෙර ලංකාවේ සිටියේ නම් නැත. රජයේ ආර්ථික විශේෂඥයා වන කබ්රාල්ට අන්තර්ජාතික මුල්‍ය සමාගම්වලට කතා කොට සහයෝගය ලබාගත නොහැකිද?

:       110       116

Abu FarhanThursday, 02 April 2020 04:58 AM

ඔබේ අදහස එසේම ඉටුවේවා.!

:       0       1

Anton Austria Wednesday, 01 April 2020 07:08 PM

සෑම් ඔබ හරි... ඒත් ඔය කියන විදිහට තමා කලින් තිබ්බේ කෝ කරාද? නැහැ... අපේ මිනිසුන්ට නිදහස දුන්නම රවුම් ගහනවා ඇවිදිනවා ඕක නිසා තමයි වැහුවෙ....

:       168       576

athuraThursday, 02 April 2020 04:21 AM

කලින් කියන්නේ කොයි කාලෙ වගේද?

:       13       89

බද්රානි Wednesday, 01 April 2020 08:22 PM

දැන් හැමෝම බනින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට, නමුත් ඒ නොදියුණු මිනිස්සුන්ව මේ නොහික්මුණු තත්වයට පත් කලේ කවුද කියල කියන්න කවුරුවත් කැමති නැහැ.

:       1       80

vinivida Wednesday, 01 April 2020 09:45 PM

ලෝකයේ සෑම රටකම ජනතාව මේ වනවිට සිටින්නේ ජිවිත පිලිබදව දැඩි අවදානමක වේ.

:       0       3

de silva Thursday, 02 April 2020 02:20 AM

චිනේ වගේ රටවල මිනිස්සු පරම්පරා ගණනාවක් රෙජීමය යටත් ජීවත්වෙලා පුරුදුවෙලා ඔවුන්ව ලොක්ඩවුන් කරන එක විශාල ප්‍රශනයක් නොවේ , ලංකාවේ, ඉන්දියාවේ , යුරෝපයේ මිනිස්සු චීන ජාතිකයන් වගේ පාලනය කරන්න බැහැ ,චීන රජය ලොක්ඩවුන් කල ප්‍රදේශ වල ජනතාවට් අවශ්‍ය සියලු දෙයක්ම දුන්න , අපි අපේ රටම ලොක් ඩවුන් කරගෙන , මිනිසුන්නට අවශ්‍ය අහර ද්‍රව්‍ය , බෙහෙත් ටිකවත් ක්‍රමවත්ව දෙන්න බැරුව මොකද කරන්නේ ? පසුගිය කලේ අපේ රටට පැමිණි අපේ පුරවැසියන් රටට ඇතුල්වීමේදී ආරක්ෂක අංශ වලට ලබාදුන්න ලිපිනයේ ඔවුන් සිටිනවද යන්නවත් අපට හොයා ගන්න බැහැ. එක නිසා අප ඔවුන්ට කියනවා නැවත ලියාපදිංචි වෙන්න කියලා.

:       0       62

Lion Thursday, 02 April 2020 02:35 AM

දොස්තරලා කියපු විදියට වැඩ කලා නම් මේක මෙච්චර දුරදිග යන්නේ නැහැ

:       0       129

wije Thursday, 02 April 2020 03:26 AM

එදිනෙදා කුලී වැඩ කරලා ජීවත්වුණු මිනිස්සු ගැනයි මෙහෙම දිගටම ඇදිරිනීතිය දැම්මම ඒ මිනිස්සු රස්සාව කරගන්නේ කොහොමද කියලයි ඔය කවුරුවත්ම කිසිම දෙයක් කතා කරන්නේ නැත්ද?

:       0       143

jayath Thursday, 02 April 2020 03:50 AM

ඇඳිරි නීතිය සහ ලොක් ඩවුන් අතර වෙනස මෙහෙම පැහැදිළ කරන්න පුළුවන්. ලොක් ඩවුන් කියන්නේ බුද්ධිමත් ජනතාවකට ගෙවල් වලට වෙලා ඉන්න කියපුවම ඉන්න ජනතාවක් ඉන්න රටකට දමන එකක්. ඇඳිරි නීතිය කියන්නේ මිනිස්සුන්ට බෙහෙත් ගන්න පාමසි ඇරියම විජය රජ්ජුරුවන්ගේ කාලේ බෙහෙත් තුණ්ඩුවක් තියන් ටවුන් එකේ රස්තියාදු ගහන ජාතියේ මිනිස්සු ඉන්න රටකට දමන එකක්. ඉතින් සෑම් මහත්තයාගේ තියරිය මේ රටේ ඉන්න සම "හරක් "එක්ක කරන්න බැහැ

:       0       0

ajithkaru Thursday, 02 April 2020 04:06 AM

ඔබතුමා ගන්නා ක්‍රියා මාර්ග නිවැරදියි. ඉදිරියටත් ඔය ආකාරයටම කටයුතු කරන්න. අපේ පුර්ණ ගෞරවය ඔබතුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය අංශයටත් නිතැතින්ම හිමිවෙනවා.

:       1       7

Bamunuarachchi Thursday, 02 April 2020 05:18 AM

ෆේස් බුකියට ලියන අයට අපි ඔය ගැන ලීවා. ඔවුන් හිතන්නේ ජනාධිපති තුමා ප්ලේන්ටී එකක් බොන ගමන් මේ තීන්දු තීරන ගන්න වා කියලා ඒ ඔවුන්ගේ දැනීම.

:       1       184

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 232 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 733 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site