බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෙවුණු පැය 6 තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 343 සහ වාහන 122 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
ඉකුත් 20 වැනි දා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 30631 අත්අඩංගුවට ගෙන වාහන 7892 පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අනිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක.. හැංගිලාද? මම හිතන්නේ ආණ්ඩුවේ රස්තියාදු කාරයින්ව එයාට කොන්ට්‍රෝල් නැහැ වගේ... මිනිහාට ලැජ්ජයි වගේ ..? ලජ්ජ නම්... කොන්ද කෙලින් තියාගෙන සියල්ල ප්‍රකාශ කරලා කෝට් එක ගලවලා තියලා යන්නකෝ....!!!
නුවර දිස්ත්‍රික්කයට අයත් පිලිගල්ල ප්‍රදේශයට දිගටම ඇදිරි නීතිය තියෙනවා. නමුත් මගේ නිවාස ඉදිරිපිට තියන පාරේ දවස පුරාම රෑත් එක්කම ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් ඇතළු සියලුම වාහන වෙනද වගේම යනවා. පාරේ ගිය බස් එක විතරයි යන්නේ නැත්තේ. ගල්, වැලි පටවා ගත්ත ටිපර් යනවා. ගල්, වැලි මිනිස්සුන්ට කන්න පුළුවන් කියල කවුද හිතන්නේ. බොන්න යන අය, රස්තියාදු ගහන කොල්ලෝ ඔක්කොම පාරේ යනවා. අපි වගේ නීතියට ගරු කරන මිනිස්සු හිරේ දාපු වගේ ගෙවල් වලට වෙලා පාර බලාගෙන ඉන්නවා.