කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික පොදු දැක්මක් පිළිබඳ යෝජනාවලියක්, ආර්ථික ප්‍රතිසාධන උපාය මාර්ග මාලාවක් සහ ආර්ථික උත්තේජක පැකේජයක් ලෙස ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියේ මෙසේද සඳහන් වේ.
ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදීම. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන සහ සමාජ ආර්ථික දර්ශකයන් පහළ යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම.
ජාතික මට්ටමින්, යූ හැඩැති, ආර්ථික පුනර්ජීවයක් ළඟා කර ගැනීම. ‘කොවිඩ්-19’ වසංගතයේ අවසානයේ සිට මාස 6-8 ක් ඇතුළත ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධන වේගය නැවත ලබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, ඉලක්කගත අභ්‍යන්තර අංශවල V හැඩැති වර්ධනයක් ඉලක්ක කළ යුතුය. එමෙන්ම ජාතික මට්ටමින්ද දිගුකාලීනව V හැඩැති වර්ධනයක් ඉලක්ක කළ යුතුය.
ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීම උදෙසා පහත ආකාරයේ ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීම.
මාස 12ක් පුරාවට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.5 සිට සියයට 3 දක්වා වන ප්‍රමාණයක් ආර්ථිකය ප්‍රතිසංවිධානයට (යථා තත්ත්වයට පත්කිරීමට) යෙදවීම වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීම. මෙහිදී අනවශ්‍ය වියදම් කපාහරිමින් අවශ්‍ය පරිදි ප්‍රතිපාදන වෙන්කරමින් ක්‍රියාකිරීමට රජය කටයුතු කළ යුතුය.
ආර්ථික ප්‍රතිසාධනය සඳහා පෞද්ගලික අංශයේ කාර්යභාරය හඳුනා ගැනීම මඟින් පහත මැදිහත්වීම් හරහා වේගවත් ප්‍රතිසාධන ඉලක්ක වෙත ළඟාවිය හැකිය.
වත්මන් රැකියා සුරක්ෂිතතාවය සහ නව රැකියා නිර්මාණය අරමුණ කරගෙන එකිනෙක හා සම්බන්ධ නිෂ්පාදන හා සේවා අංශවල ඉඩ ප්‍රරස්ථා තුළ නිසි වෙනස්කම් සිදුකිරීම.
දේශීය සැපයුම් පද්ධති සඳහා ප්‍රමුඛතාව සහිත සැපයුම් හා වටිනාකම් දාම ප්‍රරතිනිර්මාණය කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්‍යතා වර්ධනයත්, මූල්‍ය සහාය ගොඩනැගීමත් සිදුවනු ඇත.
සහනදායී ණය කොන්දේසි (preferential credit terms) පිළිබඳ විදේශීය සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ද්‍රවශීලතා බාධාවන් ඉවත්කර ගැනීම සැපයුම්කරුවන්, හවුල්කරුවන් සහ දේශීය හා ගෝලීය පාරිභෝගිකයින් සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීම හරහා ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කිරීම.
ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහායදීම වැනි රජය විසින් ගෙන ඇති කාලීන පියවර කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම නිර්දේශ කෙරේ.
055
COMMENTS
ඕකටම තව එකතු කරන්න දේශපාලකයින්ට ජනතා මුදල් හොරා කෑම නවත්වා ඒවා සංවර්ධන කටයුතු වලට විධිමත් අයුරින් යොදවන්න කියලා. ඒ වගේම අනවශ්‍ය භාණ්ඩ ආනයනය නවත්වා දේශීයව නිපදවිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොමුවන්න කියන්න. අපි දැක්කා පහුගිය දවස් වල මැලේසියාවෙන් සියඹලා, ඉන්දියාවෙන් බඩ ඉරිඟු සහ චීනයෙන් කොහු ලණු වැනි දේශීයව නිපදවිය හැකි භාණ්ඩ ආනයනය කර තිබුනා. රටට අවශ්‍ය ලොකු ලුණු සහ මිරිස් වැනිදේත් අප රටෙහිම වගා කල හැකියි. නමුත් අදාළ අමාත්‍යංශ වලට ඒ ගැන දැක්මක්, උවමනාවක් ඇති ඇමතිවරුන් සහ නිලධාරින් පත්විය යුතුයි. පරණ ඔළුගෙඩි ටිකමනම් අයෙත් එන්නේ රට ගොඩ නගනවා කියන එක හීනයක්.
ප්‍රදීප් ගේ අදහසත් වැදගත්. ඒ සමගම වාණිජ මණ්ඩලය දේශපාලන වශයෙන් රටට වැදගත් යෝජනාත් ඉදිරිපත් කරනවානම් වැදගත්. ඒ අතර 1. අනවශ්‍ය වියදමක් වන පළාත් සභා අහෝසි කිරීම , 2. මන්ත්‍රී වරු සඳහා ගෙවන වැටුප් හෝ දීමනා සීමා කිරීම , 3 ඇමති මණ්ඩලය 15 දක්වා අඩු කිරීම 4. නියෝජ්‍ය මන්ත්‍රීවරු අමාත්‍යංශ ගණනට සීමා කිරීම, 5. අමාත්‍ය වරයෙක් සඳහා දෙන වාහන ගණන 2 ක් කිරීම 6. එක එක ඇමතිවරයාට හිතෙන හිතෙන ලෙසට සැලසුම් හා යෝජනා ඉදිරිපත් නොකර රටට ගැලපෙන දීර්ඝ කාලීන හා කෙටි කාලීන සැලසුම් විධිමත් ජාතික සැලසුම් මණ්ඩලයක් මගින් සකස් කොට ක්‍රියාත්මක කිරීම 7. 18 හා 19 ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමට උනන්දු කරවීම. 8. සියලු රාජ්‍ය නිලධාරීන් ට පොදු හා සාධාරණ වැටුප් හා දීමනා සහිත වරප්‍රසාද පද්ධතියකට යොමු කිරීම 9. ජාතික කෘෂි භෝග ආරක්ෂණ ( අහාර ආරක්‍ෂිත විධි විධාන) ක්‍රම සකස්කිරීම 10. දේශීය නීති රීති රටාවට සියලුම පුරවැසියන් අනුගත කිරීමේ ඍජු ක්‍රමවේද භාවිතය ඔබගේ යෝජනා අතරට එකතු කරන්නේ නම් වඩා හොඳය.