ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි චීන මහ බැංකුවේ නිලධාරියෙක් අද පැවැසීය.
බීජිං අගනුවර පැවැති චීන මහ බැංකුවේ (පීපල්ස් බෑන්ක් ඔෆ් චයිනා) මාධ්‍ය හමුවකට එක්වෙමින් එම බැංකුවේ නියෝජ්‍ය අධිපති චෙන් යුලු ඒ බව සඳහන් කළේය.
චීන මහ බැංකුවේ අධිපති යි ගැන්ග් , ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුවේ (ෆෙඩරල් රිසර්ව්ස්) සභාපති ජෙරමි පවෙල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ බවද චෙන් ලූ පැවැසීය.
"කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනවා. මෙය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සෑම රටක්ම ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතුයි. මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය, වෙළෙඳ ප්‍රතිපත්ති, ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෑම රටක්ම ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු යැයිද හෙතෙම තවදුරටත් කීය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවුල්ලු , සර්පයෝ කාලා ලෝකෙටම වෙච්ච දෙයක් .
චීනයෙන් වන්දි මුදල් අවශ්‍යයි අපේ වගේ රටවලට.