IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආරණ්‍යවාසී-පිරිවෙන්- දුෂ්කර පෙදෙස්වල භික්ෂූන්වහන්සේලාටත් අවධානය දෙන්න

(මනුල වික්‍රම)
 
රටේ පවතින ඇඳිරි නීති වාතාවරණ තුළ පිණ්ඩපාතයෙන් ජීවත්වන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා, පිරිවෙන්වල හා දුෂ්කර ප්‍රදේශවල  වැඩවසන භික්ෂූන් වහන්සේලා දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති බැවින් දායකයන් සහ සහන අංශ ඒ කෙරේ වැඩි අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුරාධපුර සංඝ සභාවේ දිසාපාකල පූජඨ ගෝනගල ඤාණාලෝක හිමියෝ ඉල්ලීමක් කරති.
 
මෙම තත්ත්වය දිවයින පුරාම පැවැතිය හැකි බවත් භික්ෂූන් වහන්සේලා එවැනි අපහසුතා ඇතත් ඒ ගැන ප්‍රකාශකිරීමට උනන්දු නොවීම ස්වභාවය බව පවසන ඤාණාලෝක හිමියෝ එවැනි විහාරස්ථානවලට දුර බැහැරින් සම්බන්ධව සිටින දායකයින්ට ගමනාගමන අවහිරතා පැවැතී මීට හේතුව බව ද පෙනවා දෙති.
 
‘‘  ආරණ්‍යවල වැඩවසන ස්වාමින් වහන්සේලාට මේ ප්‍රශ්නය තිබෙනවා. ඇතැම් ස්ථාන පවතින්තේ ගම්මානවලින් බොහෝ ඈත කඳුකර හෝ වනගත ස්ථාන වල. මේවාට ළඟා වෙන්නත් අපහසුයි. වැඩඉන්න භික්ෂුන්ට ගමන්කරන්නත් අසීරුයි. පිරිවෙන්වල ඉගෙන ගන්නා සාමනේර හිමිවරුන් මෙන්ම වැඩි සංඝයා වහන්සේලා පිරිසක් වැඩ වසනවා. ඒවාගේ ස්ථානවල දානය සැකසීමට එකතුකරගත් ආහාර ද්‍රව්‍යත් අඩුයි. මිල මුදල් හා පහසුකම් ද අඩුයි. දායකයින්ට අවහිරතා තිබෙන නිසා උන්වහන්සේලා කරදර කරන්නත් කැමතී නැතිව ඇති. ඒත් ඒ ගැන සොයා බැලීම අප හැමගේ යුතුකමක්. මා මේ ගැන රාජ්‍ය අංශයෙන් මෙන්ම දායකයින්ගෙන් ද ඉල්ල සිටිනවා. ඒ ඒ ප්‍රදේශවල ඉන්න රාජ්‍ය  නිලධාරීන් මේ ගැන සොයා බලන්නේ නම් ඉතා වටිනවා‘‘ යැයි උන්වහන්සේ සඳහන් කළ සේක.



අදහස් (3)

ආරණ්‍යවාසී-පිරිවෙන්- දුෂ්කර පෙදෙස්වල භික්ෂූන්වහන්සේලාටත් අවධානය දෙන්න

රවින් Wednesday, 25 March 2020 08:33 AM

අවසර, මේන් මේ වගේ ප්‍රවුර්තියක් තියනවා.... " සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ " වෙත ප්‍රාදේශීය ලේඛකාධිහිමිවරුන්ගේ මාර්ගයෙන් දන්වන්න කියලා.

:       22       8

කපුරුහාමි Wednesday, 25 March 2020 09:51 AM

අපේ රටේ මහනාහිමිවරු,දේසපාලුවන්ට කඩේ යන හාමුදුරුවරු මේ ගැන ද් නැතුව ඇති.

:       22       1

විදුර Wednesday, 25 March 2020 10:06 AM

කට වහන්න. වැදගත් දෙයක් අවස්ථානුකූලව ප්‍රකාශ කරනකොට උම්බෑ කියන ඔබේ හරි නම ලියන්න.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site