IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අවුරුද්දට ඇඳුම් ගන්න නොයන්නැයි ඉල්ලීමක්

(ඩයනා උදයංගනී)

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බව අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ඇඳුම් අලෙවි කරන ස්ථානයන්හි ඇති ඇඳුම් විවිධ පුද්ගලයින්  විසින් ඇල්ලීම මෙන්ම ඇඳ බලා තබායාම ආදිය සිදුවන බැවින් අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම මෙවර මග හැරීම සුදුසු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම ගමන් බිමන් යාම හා ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් හැකිතාක් ඈත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීවේය.

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 



අදහස් (5)

අවුරුද්දට ඇඳුම් ගන්න නොයන්නැයි ඉල්ලීමක්

චන්න Monday, 16 March 2020 12:50 PM

තෙරපිලා කෝච්චි සහ බස්වල රැකියාවට යාමත් භයානකයි.

:       0       70

de silva Monday, 16 March 2020 12:55 PM

තවම බැරිවුණා ලංකාවට එන චීන්නු, නිරෝධනයට යොමු කරන්න. නමුත් අපිට කියනවා අවුරුද්දට ඇඳුම් ගන්න යන්න එපා කියලා...

:       8       35

Kumara Monday, 16 March 2020 01:37 PM

දැන් සනීපද දන්නෑ...?

:       6       33

anilanil Monday, 16 March 2020 01:37 PM

ඔව් ඔව්.. ඒක තමයි කරන්නම ඕනෑ වැඩේ. පඹයෙක් වගේ වැඩ නොකර ඇයි හරි තීරණයක් කෙලින් කියා ගන්න බැරි? දේශපාලකයින්ට ඕනෑ දේ නොකියා ඇත්ත කිව්වා නම් හොඳයි නේද? ඇඳුම් ගන්න එක නවත්වන්න කලින් නවත්වන්න ඕන ලොකුම දේ මැතිවරණය.. ඒ වගේම නිවාඩු දින ගණන දීර්ඝ කරලා මිනිස්සු එක්රැස් වෙන එක අවම කරන්න ඕන තත්වය යම් තරමකට හරි පාලනය කරගන්න.

:       0       41

rama Monday, 16 March 2020 01:45 PM

වෙළඳසල් වලින් නඩු දමාවි ආණ්ඩුවට මිනිසුන්ට එන්න එපා කියනවා කියලා...

:       11       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 133 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site