IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අයර්ලන්තයේ අගුලු දැමීම මැයි 05 දක්වා දීර්ඝ කරයි

අයර්ලන්තයේ අගුලු දැමීමේ ක්‍රියාවලිය මැයි 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අගමැති ලියෝ වර්ඩ්කාර් පවසයි.

වසංගතය පැතිරීම මන්දගාමී වී ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති බැවින් මෙම තීරණය ගත් බවද හෙතෙම පවසා ඇත.

අයර්ලන්තයේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 8 089ක් වාර්තා වන අතර මරණ 288ක් සිදුවී තිබේ.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ දෛනික රෝගීන් වාර්තා වීම 15% සිට 9% දක්වා පහත වැටී ඇති බවයි.

අයර්ලන්තයේ බාර්, ආපන ශාලා සහ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් වසා දමා ඇත.

තම නිවසේ සිට මීටර් දෙකකට වඩා දුර ගමන් නොකරන ලෙසත් මිතුරු හමුවීම් සිදු නොකරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.

රට තුළ අත්‍යාවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇති අතර පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇත.

"අප කරමින් සිටින දෙය දුෂ්කර නමුත් නොපසුබස්නා උත්සාහයෙන් අප ඉදිරියටම යා යුතුයි. ඒ අතර අපගේ විනය පවත්වාගත යුතුයි. මැයි 05 වනදායින් පසු අගුලු දැමීම ලිහිල් කිරීමට බලාපොරොත්තු වන නමුත් එය රඳා පවතින්නේ ඉදිරි සති දෙක තුළ සිදුවන්නේ කුමක්ද යන්න මත සහ රජයේ වැඩපිළිවෙලට මිනිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ හැසිරීම අනුවය." යනුවෙන් අගමැති වරඩ්කාර් රූපවාහිනී දේශනයකදී පැවසීය.

අයර්ලන්තයේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති හදිසි මැතිවරණයේදී වැඩ බලන අගමැති ලෙස වරඩ්කාර් මහතා පත්විය.

විශ්‍රාමිකයින් වෙසෙන සාත්තු නිවාස වලින් රෝගීන් වාර්තා වීම සම්බන්දව සෞඛ්‍ය අංශ සැලකිලිමත් වන අතර රටපුරා ඇති මෙවැනි නිවස 550කින් 135ක රෝගීන් සහ මරණ වාර්තා වී තිබේ.

අගුලු දැමීමේ ක්‍රියාවලිය හේතුවෙන් කම්කරුවන් 219 000කට අධික පිරිසකට රැකියා අහිමි වී ඇත.

කෙසේ වුවද අගුලු දැමීම ලිහිල් කිරීමට පෙර පරීක්ෂණ ධාරිතාව ඉහල නැංවිය යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

අයර්ලන්තයේ අගුලු දැමීම මැයි 05 දක්වා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site