(සිරංගිකා ලොකුකරවිට)
මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අවශ්‍ය උපකරණවල හිඟතාවක් ඇතැයි ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් එම ආයතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
තමාගේ තනතුර, නම සහ ජංගම දුරකථන අංකය පවා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මෙලෙස මුදල් හා භාණ්ඩ එකතු කරමින් සිටින බවයි. එවැනි පුද්ගලයන් සඳහන් කර ඇත්තේ අයිඩීඑච් රෝහලට උණුවතුර බෝතල්, ඇඳ ඇතිරිලි ඇතුළු උපකරණ විශාල වශයෙන් අවශ්‍ය වන බවයි.
කොරෝනා වයිරසය ශරීරගත වූ සහ ආසාදනය වී ඇතැයි සැකකටයුතු රෝගීන් වෙනුවෙන්ම කාලය ගත කරන අතරතුර මේ ගැන විමසා දුරකථන ඇමැතුම් විශාල ලෙස පැමිණීම කරදරයක් වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙවැනි කූට ව්‍යාපෘතිවලට නොරැවටෙන ලෙසත් එලෙස මුදල් එකතු කරන පුද්ගලයන් පිළිබඳ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය අබේවික්‍රම මහතා ඉල්ලා සිටියි.
අයිඩීඑච් රෝහලේ ප්‍රමාණවත් පහසුකම් සහ උපකරණ තිබෙන බවත් පැමිණෙන සියලුම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සැපයීම තමන් ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන බවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් පමණක් රජයේ තීරණය මත අවශ්‍ය සැපයීම් සිදුකරගන්නා බව ද හෙතෙම පැවසීය.
මෙවැනි වැරදි තොරතුරු සමාජගත කරමින් වසංගතයකට රට මුහුණ දී සිටියදී මුදල් එකතු කිරීමේ යෙදී සිටින වංචාකාරී පුද්ගලයන් පිළිබඳ දැනටමත් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.