(මහේෂ් කිර්තිරත්න)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි ගොවි ජනතාවට සහනයක් සලසමින් යටවත්ත ප්‍රාදේශිය සභාව සහ ලේකම් කාර්යාලය එක්ව අතරමැදියන්ගෙන් තොරව අස්වනු විකිණිම සඳහා පහසුකම් සැලසිම අද (09) දිනයේදි සිදු කෙරුණි.
යටවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් අත්තනායක , ප්‍රාදේශීය ලේකම් රුවින්දිකා හෙන්නායක යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරින් පිරිසක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහ.
තම අස්වනු අතරමැදියන්ගෙන් තොරව වෙළදාම් කර ගැනිමට හැකි විම සතුටට කරුණක් බවත් තම අස්වනු සදහා නිසි මිලක් ලැබුණු බවත් ගොවීහු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිලධාරින් හැටියට ඔබලා ගත් මෙම තීන්දු තීරණ නිසා අහිංසක ගොවීන්ගේ මුහුණුවල සතුටු සිනාවක් ඇතිවීමම ඇති ඔබලාගේ සියලු කටයුතු සාර්ථකවීමට . සහභාගි වූ සැමට යහපතක්ම වේවා !!!