(දීපාල් ද සිල්වා)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ සිය මව බැලීමට ගොස් එම ප්‍රදේශයේ සංචාරය කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා ඔහු සමඟ ගිය තවත් පුද්ගලයකු නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (28) නියෝග කළේය.
බලපිටිය රේවත හන්දිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස තුළම නිරෝධායනය කිරීමට බලපිටිය මහාජන සෞඛ්‍ය නිලධාරින් අද(28) කටයුතු කළේය.
කොරොනා රෝගියකු වාර්තා විමත් සමඟ වසා දැමීමට කටයුතු කළ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මොවුන් දෙදෙනා ඊයේ (27) සංචාරය කර නැවත බලපිටිය ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් නිරෝධායනය කිරිමට සිදුවු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
මෙවන විට බලපිටය ප්‍රදේශයේ 185 දෙනෙකු පමෙණ නිවාස තුළ නිරෝධායනය කර තිබෙන බව එම නිලධාරින් පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරව්පතතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ අල්ල ගත්ත අය නිදහස් කරලා.... නීතිය නැමිලාද නීතිය සමද? නැතිනම් නීතිය බයද?