අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) හයදහස ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,387ක් ලෙස දැක්විණි.
ඉන්දියාවෙන් ඊයේ (26) වැනිදා කොරෝනා ආසාදිතයන් 6,535 දෙනකු හඳුනාගෙන තිබූ අතර අද (27) දිනයේදී ආසාදිතයන් 6,387 දෙනකු හඳුනාගත් බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.
ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 170ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,337ක් ලෙස දැක්විණි.
ඉන්දියාවෙන් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,51,767ක් වූ අතර සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 64,426ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 83,004කි.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව යන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවා ඇතැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.
කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (27) පස්වරු 6.30 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 54,758ක් විය.
ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
එන්.ඩී.ටීවී.
055
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක්