වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය අක්කරපත්තුව කල්මුනේ මාරගය ,අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා තිබෙන අතර අත්‍ය අවශ්‍ය රාජකාරි සදහා පමණක් විවෘත වෙන බව පොලසිය කියයි.
මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට නොහැකි තත්වයක්ද උදාවි තිබේ.
මෙම කොරෝනා ආසාදිතයා හමුවිමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සහ ඔහු සමග කොළඹ සිට පැමිණි වෑන් රථයේ රියදුරැ සමග හය දෙනෙකු ඇතුළු නව දෙනෙක් කොරෝනා ආසාදඅත යයි දැන ගැනිම සදහා පරීක්ෂණ කටයුතු වලට යොමුකර ඇති බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුනසිංහම් සුගුනන් මහතා සදහන් කලේය.
මෙයට අමතර කොරෝනා ආසාදිත වු පුද්ගලයා සමග කටාර් සිට පැමිණි අනෙක් අයගේ ලේ සාම්පල් ගැටලුවක් නොමැති වුවත් ඔවුන් තවදුරටත් නිවෙස් වලම නිරෝධායනය සිදුකිරීමට මහජන සෞඛ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ.
කොරෝනා ආසාදිත වු අයගේ බෑනා වන පුද්ගලයා පල්ලිකුඩුඉරිප්පු මුස්ලිම් දේවස්ථානයේ සහාය මව්ලවිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඇදිරිනීතිය පැනවු 20 දක්වා මෙම පල්ලියේ මෙහයන් පවත්වා තිබේ.
එම අවස්ථාවලට 20 ක් පමන සහභාගි වි ඇති අතර එම අවස්ථාවට සහභාගි වු පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිම සිදුකරමින් පවතින බවද වාර්තාවේ.
අක්කරපත්තුව සහ කල්මුනේ සිට අම්පාරට පැමිණෙන රාජ්‍ය නිළධාරින්ට එම ප්‍රදේශවලම සිට රාජකාරි කරන ලෙසටද දැනුම් දි තිබේ.
කොරෝනා ආසාදිතයා හමුණු ප්‍රදේශය මේ වෙන විට මුලිමනින්ම වසා දමා තිබෙන අතර ඔහුගේ නිවස ජිවාහුනුකරණය කිරීමද සිදුකර තිබේ.
අක්කරපත්තුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,සහ ශ්‍රිලංක යුධ හමුදාව යොදා තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1333
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අක්කරපත්තුව වසා දමයි
සඳුන් Thursday, 09 April 2020 08:09 AM
උණ, කැස්සට අමතරව ජාතිකත්වයත් එක්කලොත් නරකද ?
jagath Thursday, 09 April 2020 08:26 AM
මෙන්න මෙ සමහරක් තම්බි උදවිය තමයි රට විනාශ කරන්නේ... මෙ අයට ඔන විදිහට මෙ රට කාලා දාන්න ඉඩදීලා බලාගෙන ඉන්න මටනම් ඉන්න බැහැ.