IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කරයි

මලිෂා ගුණවර්ධන


සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙනතුරු කොරෝනා නිරෝධායනය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අත්‍යවශ්‍ය ආහාර සැපයිම, ආහාර සුරක්ෂිතභාවය, සහල් නිෂ්පාදනය, ගබඩා කිරිම හා බෙදාහැරිම තහවුරු කර ගැනිම අත්‍යවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා සියලුම සහල් නිෂ්පාදකයින් තම පෙදෙස තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත්කළ යුතුයි.

සුළු සහල් මෝල් හිමියන් පාදේශිය ලේකම් කොට්ඨාස බල පෙදෙස තුළද , මධ්‍ය පරිමාණ හිමියන් දිස්ත්‍රික් බල පෙදෙස තුළද, මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරා බල පෙදෙස් වල සහල් තොග බෙදාහැරිමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (11)

සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කරයි

de silva Friday, 10 April 2020 08:36 AM

මුළු රටම අමාරුවේ වැටිලා තිබෙනකොට හරියට නීතියට වැඩ කරන්නේ නැතිනම් ඔය මෝල් රාජසන්තක කරන්න. මේ රටේ වී අලෙවි මණ්ඩලය කියලත් එකක තිබෙනව නේද ? එකේ ලොක්ක නිදිද ? රටේ හැම වැඩක්ම දැන් කරන්න වෙලා තිබෙන්නේ ජනාධිපතිතුමාට සහ හමුදාවට ,එහෙම හිතල බලල ජනතවට සහන දෙන්න ගන්න තීන්දු තිරනත් අවුල් කරන්නේ රජයේ සහ රජයේ සංස්ථාවල සේවකයෝ , හොඳ උදාහරණය ජනතාවට සහන මිලට දෙන පරිප්පු සහ ටින් මාළු සතොස සේවකයෝ පිල්ලි අරිනවා .

:       2       117

RohanaFriday, 10 April 2020 08:56 AM

මෙ කරදර අස්සෙත් පිල්ලි අරින අයත් සිටීම ගැන කණගාටුයි. කොහෙද ජන්මගති අරින්න බැරිහැටි...?

:       0       0

පර්සි රාජපස්ස Friday, 10 April 2020 10:00 AM

ඔව් ඔව්. අපේ මලයට හිත ගිහින් වී බිස්නස් එකට. එයා හොයනවා හොඳ වී මෝලක්. මොකක් හරි ජිල්බරියක් දාලා අයිතිකාරයට මොනා උනත් කමක් නැහැ හොරා කාපු සල්ලි තියෙනවානේ. කොහොම හරි තව මාස 2 ක් ඇතුලතදී මගේ මලයා නැතහොත් මිස්ටර් 10% එහෙමත් නැතිනම් මල්වානේ ගෙවල් හොරා ලංකාවේ ලොකුම වීමෝල් අයිතිකාරයා වෙනවා. මිනිහාගේ හාල් වලට මිශ්‍ර කරන්න පොඩි ගල් වැලි එහෙමත් දැන් ඉඳන්ම එකතුකරනවා. කාලා එන්න..!!!

:       890       687

වම්බොට්ටා Friday, 10 April 2020 10:54 AM

අපේ සෑර්, අපි ගැන ඔය තරම් මහන්සිවෙන්න එපා. අපි කැලෑවේ අලයක් හරි කාලා ඉන්නම්... අලුතෙන් මොනා හරි... කාට හරි වැඩක් දෙන්න.. උස්සන්න... ඩප්පියක් ගහන්න වගේ කොන්ත්‍රාත් එකක් තියෙනවා නම් හොයලා දෙන්න. අපි චන්දෙට ලැහැස්තියි... සැහෙන බෝම්බ තොගයක් තියෙනවා..

:       0       0

RaveendraFriday, 10 April 2020 11:51 AM

ඔබ විසින් මෙම තීරණය දෙස යම්කිසි නිවට දේශපාලන අරමුණක් හිතෙහි තබා ගෙන අදහස් ප්‍රකාශ කර බවන් පැහැදිලිය. පළමුව අප කිවයුතුයි අපට කිසිදු පක්ෂයක් හෝ කිසිදු " දේශපාලුවෙක් " ශතෙකට වටින්නේ නැත, එලෙසම අපට කිසිදු පක්ෂයක් කිසිදු අයුරකින් ගණන් ගන්නේද නැත යන්න. මක්නිසාදයත් ඔය සෑම" පක්ෂයකම දේශපාලුවන් තුන් වේල පිනට ගිල දමන්නේ අප නිසාය. අපට වටින්නේ අපගේ මාතෘ භූමියපමණි. අපට කොළ, රතු නිල් අයගෙන් කිසිදු වැඩක් නැත. කෙසේවෙතත් කිනම් හෝ කෙනෙකු රටට වැඩදායි තීන්දුවක්, තීරණයක් ගත්විට අප එය ඉහලින්ම අගය කරන්නෝය. ඒ අප අපගේ ලංකාමාතාවට හදවතින්ම ආදරය කරන නිසාය. ගෝටා විසින් ගත මෙම තීරණය අප ඉතා ඉහලින් අගය කරන්නෙමු.. එලෙසම ගෝටා නොව යම රජා වුනත් වැරදි තීරණයක් ගත්විට අප නම් නොබියව එය විවේචනය කරන්නෝය..අප හොද දෙයට හොදයි කීමට අපගේ සිත් සතන් පිරිසිදු කරගමු. එය කෙරුව " එකාගෙන් " වැඩක් නැත නමුත් එය අප අගයමු. එයයි අවංක පුරවැසියන්ගේ පරම යුතුකම.... මෙය මුල් පුරවැසියාට කියවීමට හැකිවේවා !!!

:       0       0

Ravieendra Friday, 10 April 2020 09:07 AM

අප තරයේ විස්වාස කරනවා මෙය ඉතාම කාලෝචිත තීරණයක් බවට. මොකද ඔය සත්ගුණවත් කෝටි ප්‍රකෝටිපති තුට්ටුදෙකේ හිගන මුදලාලි නඩේ යහමින් සුදානම්වී සිටින්නේ බොරදියේ " කලවැද්දන් " බෑමට බැවින් කිසිදු හිතක් පපුවක් නැති මේ නඩේට කිසිදු බුරුලක් විශේෂයෙන් මේ අවස්ථාවේ නොදිය යුතුය.. දින 365 දවසකින් එක දවසක්වත් කිසිදු ලාබයක් නැතැයි කියන මෙම මෙම හිගන්නන්ට දැන්වත් අනේ අපි මේ අහිංසක මිනිසුන්ගේ රිරිමාංශ මෙතෙක් කල් උරාබිව්වා නේද යන්න සිහිවෙනු ඇත..

:       0       0

රවින් Friday, 10 April 2020 09:15 AM

අයියෝ සිරිසේන... සිරා ගොයියා කියක් හරි වැඩිපුර බාගන්න හිටියේ. කොහෙද එකත් කෑවා?. " සිලෝ (SILO )" ක්‍රමයට වී ගබඩා කරන්න. පවරාගන්නා හාල් මෝල්. " කල දුටුකල වල ඉහගන්න " හදන එවුන්ට දෙන්න " කොරෝනා ". උදේ හවහා ජන මාධ්‍යවල තියෙන විඩිඔ පෙන්නන්න කිසිම දෙයක් නැතිව පෙට්ටියත් සිල් කරලා තනියම යනහැටි. විඳවන කොට තේරෙයි අසාධාරණයෙන් අනුන්ව කඩා වඩා ගෙන හොයපු සල්ලි නැතිව, තම නෑදෑ හිතවතුන් තම මරණයටවත් නැතිව, තමා තනියම තමයි එලොව යන්නේ කියලා. අර ඊයේ පෙරේදා ආදාහන කල කෝටිපතියාගේ සියලු විස්තර ඇහුන්කන් දෙන්න ඉඩ හරින්න. මිල මුදල් ,දේපල ඉඩ කඩම් ,යාන වාහන කොටින්ම කියතොත් තම ඇඳී වත පමණක් රැගෙන යන හැටි ? උජාරුවට බලයි නේද?

:       0       0

thusitha Friday, 10 April 2020 09:34 AM

මේ වගේ ආත්මාර්ථකාමී අය අපේ රටට සාපයක්.

:       0       522

ආනන්ද වනසිංහ Friday, 10 April 2020 09:34 AM

මේ ලෝකයම කොරෝනා වලින් ඇද වැටී ඇති අවස්ථාවේදී සෑම සහල් මෝලක්ම තම නිෂ්පාදනය උපරිම අයුරින් කළ යුතුය.ඒ අතරම රජය අත්‍යවශ්‍ය දෙයක් වන සහල් මිල අඩු කර පාලන මිලක් දැමිය යුතුය. සහල් තිබුනොත් සමිබෝලයක් සමග හෝ දුප්පතුන්ගේ වේල සපයා ගත හැකිය. බළධාරීන්ගේ අවධානය යොමු වේවා !

:       0       2

Champa Friday, 10 April 2020 10:20 AM

ඊයේ ආණ්ඩු පක්ෂ ඇමති මන්ත්‍රී රැස්වීමේදී වී මෝල් වැහිලා හින්ද අවුරුදු කාලේ හාල් හිඟයක් ඇති වෙයි කියලා කියපු එක ජනාධිපතිටයි කාර්ය සාධක ප්‍රධානියටයි තේරුනේ නැහැ. ඔහු කිව්වා එහෙම වී මෝල් වහගෙන කොහොමද හාල් රටේ ප්‍රධාන ආහාරය ඒ හින්දා වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා. ජනාධිපතිවරයා ප්‍රශ්නේ අහපු මන්ත්‍රීගෙන් අහනවා විසඳුම මොකක්ද කියලා. විසඳුම දන්නවා. කියන්න බයයි. වී මෝල් වැහිලා තියෙන්නේ වී මෝල් හිමියන්ගේ වරදකින් නෙමෙයි. වී මෝල් වල වැඩ කරන්න මිනිස්සු නැති නිසා. මිනිස්සු නැත්තේ ඇඳිරි නීතිය නිසා. මේවායේ වැඩ කරන හුඟක් මිනිස්සු පිට පළාත්වලින් ඇවිල්ල නැවතිලා හිටපු මිනිස්සු වෙන්න පුළුවන්. දැන් දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට යන්නත් බැරි නිසා මිනිස්සුන්ට වී මෝල් වල වැඩට එන්න විදිහක් නැහැ. හොඳ වෙලාවට ඊයේ ආණ්ඩුවේ මන්ත්‍රී රැස්වීම තිබ්බේ. නැත්නම් පාලකයෝ දන්නේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියලා. හැමදේටම බලය යොදවන්න අවශ්‍ය නැහැ. කරන්න තිබුනේ වී මෝල් හිමියන්ට සහ ඒවායේ වැඩ කළ සේවකයන්ට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන එක. දැන් මේක අත්‍යවශ්‍ය සේවාවක් කළාලු.

:       93       49

Champa Friday, 10 April 2020 12:15 PM

ඊයේ හාල් ප්‍රශ්නෙට විසඳුම ගැන හමුදා නිලධාරියෙක් කතා කළා. ඒක අහල සමාජජාල වල කියනව හමුදා පාලනයක් ගේන්නලු. ඔහු කිව්වා වී ගබඩා සංචිත ගැන සියලු තොරතුරු තියෙනවා ඒ හින්ද ඕනේ පියවරක් ගන්න පුළුවන් කියල. ඒ කියන්නේ හාල් හිඟ වුනොත් බලය යොදවනවා කියන එක වෙන්න ඕනේ. දැනට තියෙන වී වලින් හාල් කිලෝ ලක්ෂ 300ක් හදන්න පුළුවන් කියල ඔහු කිව්වා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් වලින් නම් ලක්ෂ 3ක්. මේ හාල් ටික 2019 අවුරුද්දේ තිබ්බ අතිරික්තය. ලංකාවේ මාසයක සාමාන්‍ය හාල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 195,000ක්. එතකොට වී කෙටුවොත් ලැබෙන හාල් කිලෝ ලක්ෂ 300, (මෙට්‍රික් ටොන් ලක්ෂ 3) මාසෙකුත් දවස් 20කට වගේ විතර ප්‍රමාණවත්. ඒ හින්දයි අර මන්ත්‍රීවරයා කියන්න ඇත්තේ වී මෝල් අරින්න ඕනේ කියල. මේ පාර "මහ කන්නයේ" වී අස්වැන්න දල වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන් 2.97ක් කියල කියනව. වී-හාල් කරන 68% අනුපාතය අනුව, හාල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන් 1.88ක් හෙවත් හාල් කිලෝ ලක්ෂ 1888ක් වෙයි. මේක ඊළඟ අවුරුද්දේ ජනවාරි වෙනකම් ඇති. මේ පාර "යල කන්නයේ" වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන් 1.5ක් හෙවත් හාල් කරහම කිලෝ ලක්ෂ 1020ක් ගන්න පුළුවන් කුඹුරු කෙටුවොත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 79 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 217 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 78 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 545 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 694 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 371 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site