IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’රට යහපත් තත්ත්වයට පත්වන තුරු එන්න එපා’

ඉන්දිකා රාමනායක

කොරෝනා   වයිරසය    රට තුළ     මර්දනය   කරන තෙක්   තමා වෙසෙන   රටවල   සුරක්ෂිතව  සිටින ලෙසට  මව්බිමට  පැමිණීමට අපේක්ෂාවෙන් සිටින  විදේශ ගත ශ්‍රී ලාංකිකයිගෙන්  රජය ඉල්ලා සිටියි.

විදේශගත  සිසුන්,  ව්‍යාපාරිකයන්,  සහ රැකියාවල නිරත  පිරිස් මෙරටට පැමිණීමට කරන  ඉල්ලීම්  රට යහපත් තත්ත්වයට  පත් වීමෙන් පසු  සලකා බලන බවද  රජය අවධාරණය කරයි.

කොරෝනා   වයිරසය    රට තුළ     පැතිර යාම වළක්වා ගැනීම සදහා   රජය  පියවර රැසක් ගෙන ඇති අතර රට තුළට වයිරසය පැමිණීම හා පැතිරයාම වැලැක්වීමේ පියවරක් වශයෙන් විදේශවලින්  පැමිණීම  සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බවද රජය දක්වා සිටියි.

සෙසු   රටවල්  ද මෙම පියවර  අනුගමනය   කරමින්  රට තුළ  ගමනාගමනය කටයුතු මෙන්ම ගුවන් ගමන්  ද අත්හිටුවා ඇත.

ඔවුන් සිටින ස්ථානවලින්  ගුවන් තොටුපොළ වෙතට හෝ  වෙනත්  ස්ථාන  වෙත   ගමන් කිරීමෙන්  ඔවුනට ද   මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බවද රජය දන්වා සිටියි.

තමන්  පිළිබද  තොරතුරු   අදාල   රටේ ශි‍්‍ර ලංකා තානාපති කාර්යාල  හෝ  කොන්සියුලර්   ජනරාල් කාර්යාලය සමග හෝ  හුවමාරු කරගනිමින්  සුරක්ෂිතව  සිටින  ලෙසට  මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන්  සිට සියලූ විදේශ ගත ශි‍්‍ර ලාංකිකයන්ගෙන් විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක  ලේකම්  අද්මිරාල්  ජයනාත් කොළඹගේ  මහතා ඉල්ලා සිටියි.



අදහස් (16)

’රට යහපත් තත්ත්වයට පත්වන තුරු එන්න එපා’

lalithm Friday, 27 March 2020 02:52 PM

එතකොට අර නේපාලේ ඉන්න දොස්තර පැටව් ටික?

:       13       56

FernandoFriday, 27 March 2020 04:32 PM

එංගලන්තේ හිටපු ලොකු ලොක්කොන්ගේ නෑදෑයෝ ටික නම් හොරෙන්ම ගෙන්නා ගත්තා....

:       72       431

IndikaFriday, 27 March 2020 10:21 PM

ණයට කහිනවට සිරිකොතෙන් බඩු මල්ලක් හොර පාරෙන් ගෙදරට එවනවද ?

:       24       1

ඩයස්මි ලානො Friday, 27 March 2020 03:22 PM

වෙන රටවල් කිසි එකක් තම පුරවැසියන්ට එන්න එපා කියන්නෙ නැහැ කොරෝනා තිබුනත් නැතත්. සමහර රටවල් රජයෙන් ගුවන් යානා යවල පුරවැසියො ගෙන්න ගන්නව​.. වී අයි පී ලගෙ ලමයි ටික හොරපාරෙන් ලන්ඩන් ඉඳන් ගේන්න පුලුවන්.. ..වෘත්තීය පුහුණුවක් ඉගෙනගෙන ඉතාලි,කොරියා ගොස් රැකියා කරමින් විදේශ විනිමය​ එවන​ අයට සල්ලි ගෙවල වත් එන්න විදියක් නැහැ. ගුවන් තොටුපල පැමිණීම් වසා දැමූ නිසා ශ්‍රී ලන්කන් ඇරෙන්න කිසිම යානාවක් ලන්කාවට එන්නෙ නැහැ. අදත් එක්කෙනෙක් මැරිල ස්විස් වල​දි. තව 7ක් ඉතාලියෙ ලෙඩේ හැදිලා​. ඊලග ඡන්දෙදි බලාගමු. එක රටවිරු පවුලකින් වත් ඡන්දෙ දෙන්නෙ නැහැ.

:       1882       2195

SamwilFriday, 27 March 2020 04:13 PM

චන්දෙ දෙන්න කලින් ජීවත් වෙලා ඉන්න ඔනෑනේ....

:       4       130

samanthaFriday, 27 March 2020 04:17 PM

මුලින්ම කියන්න බලන්න කාටද මේ "රටවිරුවෝ" කිය කීයා හුලං ගහගන්න හදන්නේ කියලා? මේ මිනිස්සු රට ගියේ අපි වෙනුවෙන්ද? රටේ අපි ගෙවන බදු මුදල් වලින් පිං අධ්‍යපනෙන් ඉගෙනගෙන, රටට සත පහක වැඩක් නොකර පිටරට වලට කබුරන අයටද මේ "රටවිරුවෝ" කියන්නේ? රටේ බහුතරයක් දන්නවා රජය දොස්තරලා, හමුදාව සහ අනෙකුත් නිලධාරීන් සමග එක්ව මේ වසංගතයෙන් රට බේරගන්න කරන කැපකිරීම. ඔබතුමා රටේ පත්තරයක්, TV එකක් බලනවානම් දකින්න ඇති අජිත් රෝහණ මත්තය කියනවා පහුගිය සති කීපෙටම පැය හතරක්වත් දවසට නිදා ගත්තේ නැහැ කියලා. මොලයක් ඇත්තනම් හිතන්න, ඒ මිනිස්සු නිකන් හිටිය කියලා ගෙවන මාසේ පඩිය නොගෙවා ඉන්නේ නැහැ. ඒ මිනිස්සු කරන කැපවීමට සහයෝගයක් දෙන්න හිතට ගන්න. අනිත් විශේෂම කාරණය ඔබතුමා කවදාවත් මේ රජයට චන්දය පාවිච්චි කරපු මනුස්සයෙක් නෙමෙය්. ඔබතුමා නොදුන්නට මේ කරන වික්‍රමයට ලබන වතාවෙත් කලගුණ දන්නා බහුතරයක් මිනිස්සු උපරිමයෙන් යුතුකම ඉටුකරයි.

:       656       1195

VajiraFriday, 27 March 2020 04:35 PM

මැද පෙරදිග සේවය කරන අපි අසරණයි. අපිට අසනීප උනොත් රෝහලකට ඇතුල්වෙලා බෙහෙතක් ගන්න වත් පුළුවන් වෙයිද කියලත් සැකයි.

:       2       140

bandaFriday, 27 March 2020 09:50 PM

ඉතාලියේ ඉදල එන එක් අයෙකුටවත් ලංකාවට එන්න දෙන්න එපා. ගුවන්තොටුප‌ළේදිම අනික් ගුවන් යානයෙන් හරවා යවන්න. රටවිරුවෝ ඉන්නේ මැද පෙරදිග සහ කොරියාවේ.

:       41       1

UgithaSaturday, 28 March 2020 03:31 AM

විකාර කතා නොකරන්න. ඉතාලියේ සේවය කරන්නේ කවුරුන්දැයි අපි දනිමු. ඔවුන් උගත් අය නොවේ. ඔබ කවුදැයි ඔබ සිතන්නේද? ආණ්ඩුව ඉල්ලා සිටින්නේ නොපැමිණෙන ලෙසයි. කරුණාකර එහි රැඳී සිටින්න.

:       0       1

jayath Friday, 27 March 2020 03:49 PM

දැන් ඔය කට්ටියම යන්න ඇත්තේ මේ දුප්පත් රට ගැන දුක හිතිලා එහෙ රස්සා කරලා මේ රටට විදේශ විනිමය එවන්න ම වෙන්න ඇති -පව් අහිංසකයෝ.... දැන් මෙහෙ එන්න හදන්නෙත් කොරෝන වලින් බේරෙන්න නෙමි මගේ හිතේ මේ රට පත්වෙලා තියන තත්වය ගැන දුක හිතිලා කෙනෙක් ඉගෙනීමකට හරි, රස්සාවකට හරි රටකට යනඑක වෙනම දෙයක්.... එක කාගේත් පුද්ගලික අයිතිය.... නමුත් ගිලෙන නැව්වලින් පනින්න හදන මීයන්ට මම හිතන්නේ රජය ඉඩදෙන එකක් නැහැ -

:       243       463

lanka Friday, 27 March 2020 07:14 PM

දැන් ලංකාවේ අලුත්ම කලාව වෙලා තියෙන්නේ විදේශගතව රැකියාවල් කරන මිනිස්සුන්ව ඉලක්ක කරලා ඔවුන්ගෙන් මේ රටට වැඩක් නැහැ කියල කරන ප්‍රචාරයයි. නමුත් ලංකාවේ ආණ්ඩුවේ සේවකයෝ හරි , පුද්ගලික අංශයේ සේවකයෝ හරි දැනගත යුතු ලොකුම දෙය තමයි ලෝකයේ විවිධ රටවල ඉඳන් රැකියා කරන සියලුම රටවිරුවෝ ලංකාවට එවන මුදල් නිසා ඩොලරයේ මිල තීරණය වෙන්නේ. ලංකාවේ අපනයන වලින් එහෙම ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. ‌මේ මිනිස්සු සියලුම දෙනා ලංකාවේ ආණ්ඩුවට බරක් නොවී විදේශවල රැකියා කරලා පඩිය බැංකු හරහා ඩොලර් වලින් ලංකාවට එවනවා . එතකොට බැංකුවෙන් ඩොලර් තියාගෙන එදිනට ඩොලර් මාරු කරන මිලට රුපියල් වලින් ඔවුන්ගේ ගෙවල් වල අයට ගන්න පුළුවන්. ‌මේක සංකීර්ණ දෙයක්. කිසිදෙයක් දන්නේ නැති ලංකාව ඇතුලේ මොකක් හරි ජොබ් එකක් කරලා කියක් හරි හොයාගන්න අයට බඩු මිල වැඩිවෙනවා කියල උද්ගෝෂණ නොකර ඉන්න මේ විදේශ ගත ලංකාවට සල්ලි එවන මිනිස්සු තමයි පිළිතුර.

:       1       31

dilanSaturday, 28 March 2020 07:19 AM

එතකොට ලොක්කා රටේ නිදහස් අධ්‍යපනෙන් පිනට ඉගෙනගෙන ඔයාල පිටරටවලට කඹුරන්න ගියේ අපේ රටේ ඩොලර් එක ගැන හිතල නේද? පවු අප්පා, අපි ඔයාලට සලකනවා මදි, හරිනම් මේ අවස්ථාවේ අපි ඔයාල වගේ (රටවිරුවන්ට) අයට මේ රටටම කඹුරලා හදාගත්තු ගෙවල් දොරවලුත් දන් දීලා පාරට බහින්න ඕනා,,,,

:       0       0

Siril Hewage Friday, 27 March 2020 07:58 PM

මැදපෙරදිග සේවය කරන අපි අසරණයි. අපිට අසනීප උනොත් රෝහලකට ඇතුල්වෙලා බෙහෙතක් ගන්නවත් පුළුවන් වෙයිද කියලත් සැකයි

:       0       0

Siril Hewage Friday, 27 March 2020 08:00 PM

මැද පෙරදිග සේවය කරන අපි අසරණයි. අපිට අසනීප උනොත් රෝහලකට ඇතුල්වෙලා බෙහෙතක් ගන්න වත් පුළුවන් වෙයිද කියලත් සැකයි

:       0       0

Laksitha Paris Friday, 27 March 2020 09:10 PM

මම එන්නේ නැහැ.

:       0       0

Rasika Liyanage ( doctor under overseas training in Australia) Saturday, 28 March 2020 02:02 AM

ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය දෙස බලන විට මෙය ඉතා සත්‍යයකි. මේ වන විට සෞඛ්‍ය සේවා සහ හමුදා සේවා සහ පරිපාලකයින් ශ්‍රී ලංකාවෙන් සටන් කිරීමට දැවැන්ත වැඩක් කරමින් සිටී. පසුගිය දින කිහිපය තුළ ඉතාලියේ සහ තවත් රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ හැසිරුණු ආකාරය ඉතා කණගාටුදායකය. ශ්‍රී ලංකාව නොමිලේ සෞඛ්‍ය සේවා සපයන අතර ලෝකයේ වෙනත් රටකට එය කළ නොහැකිය. සියලුම සිවිල් වැසියන් සඳහා හොඳම සෞඛ්‍ය සේවාවක් ලබා දීම නිසාම අපගේ මව්බිමට අපි ණයගැතියි. කෙසේ වෙතත්, සිතා බැලිය යුතු ‌දෙයක් තිබේ. ඕස්ට්‍රේලියාව සමහර රටවල් දේශසීමා වසා දැමීමට යන බව ප්‍රකාශ කර ඇති අතර සියලුම ඕස්ට්‍රේලියානුවන්ට මව්බිමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. නමුත් අපගේ නඩුවේදී තීරණයක් ගත් වහාම පැය කිහිපයකින් දේශසීමා වසා දමන ලදී. ලොව පුරා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ පිළිබඳව රජයට තීරණයක් ගත හැකිව තිබුණි. මව්බිම හැර වෙනත් හොඳ තැනක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 43 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 384 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 388 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 464 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2326 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site