IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා මර්දනයට හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 100 ක්

(මොහොමඩ්  ආසික්)
  
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් ( රුපියල් කෝටියක්) වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය  කර  ඇති බව එහි සභාපති ආනන්ද  ජයවිලාල් මහතා කීය.

මේ සම්බන්ධයෙන් සභාපති ආනන්ද  ජයවිලාල් මහතා තදුරටත් සඳහන් කළේ, හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ   එකඟතාවය මත සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් වෙන් කර එම  මුදල්  නව කොරෝනා  වයිරසය මර්දන කටයුතු සඳහා සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට  කටයුතු කරන බවයි.

මෙම මුදල් වෙන් කිරීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් තුමාගේ නිර්දේශය  සහ පළාත් ආණ්ඩුකාර තුමාගේ අනුමැතිය  ඉල්ලා ඇති  බවත් සභාපතිවරයා කීය.

මෙයට අමතරව, හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියේ සහ තොග වෙළඳුන්ගේද සහාය ඇතිව කොට්ඨසයේ   ජනතාව වෙනුවෙන්  සහනදායි පදනම මත  වියලි ආහාර මල්ලක් ලබා දීමටත්, ප්‍රදේශයේ  බේකරිවල සහාය ඇතිව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන නිවෙස්වලට ගොස් බෙදා හැරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව සභාපති ආනන්ද ජයවිලාල් මහතා තව දුරටත් කීය.



අදහස් (0)

කොරෝනා මර්දනයට හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 100 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 175 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 381 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 453 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 298 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 397 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site