IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආසාදිත නාවික හමුදා සාමාජිකයෝ 325ක් සුවය ලබති

(නිමන්ති රණසිංහ)

කොරෝනා වයිරසය ආසාදිතව සිටි නාවික හමුදාවේ සාමාජිකයින් 325 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (26) පැවසීය.

එම සාමාජිකයින් 325 දෙනා පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති අතර, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 300 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් යුධ හමුදාපතිවරයා කීවේය. එසේම, කොරෝනා වයිරසය ආසාධිත වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 625ක් බවද යුධ හමුදාපතිවරයා ස`දහන් කළේය.

යුධ හමුදාපතිවරයා එසේ පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (26) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගෝල්ඞ් සෑන්ඞ් මධ්‍යස්ථානයේ 31 දෙනකු, සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයයෙන් 06 දෙනකුද වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 37 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණවලට ලක්කර අද (26) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුධ හමුදාපතිවරයා කීය.

ඒ අනුව, අද (26) දින වන විට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 10,832 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුධ හමුදාපතිවරයා පැවසීය.

ති‍්‍රවිධ හමුදාව ම`ගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41ක 4,12 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.



අදහස් (1)

ආසාදිත නාවික හමුදා සාමාජිකයෝ 325ක් සුවය ලබති

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 03:57 PM

ශවේන්ද්‍ර සිල්වා කියන්නේ රුදුරු කොටින්ගෙන් රට බේරාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්. ඒකේ කිසිම විවාදයක් නැහැ. ඒත්, නාවික හමුදාපති තුමාගේ ප්‍රකාශයක් තිබුණා නාවික හමුදාවට කොරෝනා සෑදීම තවමත් අභිරහසක් කියලා. ඒක නිකමට කළ ප්‍රකාශයක් කියලා සිතන්නට බැහැ. එයට නිසි පැහැදිළි කිරීමක් තවම ලැබුණේ නැති බවක් පෙනෙනවා. මෙය පරිපාලනයේ වරදක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 113 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 257 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 153 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 385 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 750 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 578 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site