IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හඬපට බයිස්කෝප්

 

 

ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය හරියට බයිස්කෝප් එකක් වගේ යැයි කිව හැකිය. රටම බලා සිටියේ ඒ බයිස්කෝප් එක දෙසය. කන්තෝරුවකට ගියත් පාරක තොටක ගියත් පාර්ලිමේන්තුව තුළත් කතාබහ කළේ තර්ක විතර්ක කළේ ඒ බයිස්කෝප් එක ගැන මිස වෙනත් දෙයක් ගැන නොවේ. ඒ තරමටම බයිස්කෝප් එක නැගලා ගියේය. මේ බයිස් කෝප් එක නම් හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ හඬපට බයිස්කෝප් එකය.


රන්ජන් රාමනායක යනු මන්ත්‍රීවරයකුට අමතරව නළුවෙකි. ඔහු බයිස්කෝප්වල රඟපානවාට අමතරව බයිස්කෝප් හදන කෙනෙකි. එහෙත් මේ කියන බයිස්කෝප් එක තිරයක පෙන්වන්නක් නොවේ. රන්ජන් රාමනායකගේ හඬපට බයිස්කෝප් එක රටම උඩු යටිකුරු කර හමාරය. දේශපාලන කරළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව අධිකරණ ක්ෂේත්‍රය ද රන්ජන්ගේ හඬපට පල හිලව්වෙන් කැලැඹී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රන්ජන්ගේ හඬපට ගණන 1,21,000ක් බව කියැවිණි. ගිය බ්‍රහස්පතින්දා වනවිට කරළියට පැමිණ තිබූ හඬපට ගණන 20 කට ආසන්නය. ඒ හඬපට 20න් කර ඇති ආන්දෝලනය තවත් සති ගණනකටවත් අවසන් වනු ඇතැයි සිතිය නොහැක්කේ දවසින් දවස අලුත් හඬපට කරළියට පැමිණෙමින් තිබෙන බැවිනි.

 


අගමැති පුවත්පත් කතුවරුන් හමුවෙයි


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය බ්‍රහස්පතින්දා උදේ පුවත්පත් කතුවරුන් හමුවිය. මේ හමුව පැවැත්වූයේ අරලියගහ මන්දිරයේ දී ය. මහින්ද ජනපති වී සිටි සමයේ ද පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් මසකට වරක් හමුවී සාකච්ඡා කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔහු අගමැති වී පුවත්පත් කතුවරුන් හමුවූයේ පළමු වරටය. වෙනදා පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් එකට හමුවන නමුත් මෙවර හමුවූයේ පුවත්පත් කතුවරුන් පමණි. විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් වෙනම හමුවීමට මහින්ද තීරණය කර ඇත.


මහින්ද පුවත්පත් කතුවරුන්ගේ හමුවට පැමිණියේ තනිවම නොව තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ද පෙරටුකර ගනිමිනි. ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත් ගමගේ කෙහෙළිය රඹුක්වැල්ල හා ශෙහාන් සේමසිංහ යන ඇමැතිවරු ද මහින්ද සමග මේ හමුවට පැමිණ සිටියහ. ඔවුන් කලින්ම පැමිණ අරලිය ගහ මන්දිරයේ මහින්දගේ කාර්යාලයට ගොස් මහින්ද සමඟ කතා බහ කරමින් සිටියේ දේශපාලන කරළියෙ උණුසම් මාතෘකා ද සිහිපත් කරමිනි.


පුවත්පත් කතුවරුන්ගේ හමුවේදීද මහින්දගෙන් වැඩි දෙනකු විමසා සිටියේ රන්ජන් රාමනායකගේ හඬපට හුටපටය සම්බන්ධයෙනි. මේ මාතෘකාව ඇදෙන බව මහින්ද කලින්ම දැන සිටියේය. ඔහු ඒ ගැන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්නට කලින්ම සූදානම්ව සිටියේ එබැවිනි. මේ කට්ටිය ඒ කාලෙ අපිටයි චෝදනා කළේ අධිකරණයට බලපෑම් කළා කියලා. අධිකරණයට බලපෑම් කරල තියෙන්නෙ කවුද කියල දැන් පේනවා නේ දැයි මහින්ද විමසා සිටි රන්ජන්ගේ හඬපට සිද්ධිය ගැන පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ විදියට අධිකරණ තීන්දු පිළිගන්නෙ කොහොමද කියල ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. ඒක බරපතළ තත්ත්වයක්. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තියෙනවා. මහින්ද කීවේය. මහින්දගේ පිළිතුරුවලට ඌන පූර්ණ එක් කළේ බන්දුල, ඩලස්, කෙහෙළිය, මහින්දානන්ද, ගම්මන්පිල ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකි. පසුගිය රජය අධිකරණයට කළ බලපෑම් ගැන හිටපු අධිකරණ ඇමැතිතුමාත් හිටපු සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනකුත් තොරතුරු අනාවරණය කළා. අද ඒක තහවුරු වී අැති බව පැහැදිලිව පෙනෙනවා. ඩලස් කීවේය. මහින්දානන්ද කීවේ හඬපට සිද්ධියට රන්ජන් රාමනායකට චෝදනා එල්ල කළ ද මෙය ඔහුගේ පමණක් නිෂ්පාදනයක් නොවන බවය. එවකට අරලිය ගහ මැදුරේ කළ මේ නිෂ්පාදනයට තවත් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකු සිටින බව මහින්දානන්ද කීවේ එජාප ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නම් ගම් ද සිහිපත් කරමිනි.


සාකච්ඡාවෙන් අනතුරුව මහින්දත් මැති ඇමැතිවරුනුත් පුවත්පත් කතුවරුන් ද සමග එක්ව උදේ ආහාරය ගත්තේ හඬපට සිද්ධිය ගිය දුරදිග ගැනද සිහිපත් කරමිනි.



අදහස් (0)

හඬපට බයිස්කෝප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site