IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සංවර්ධන කටයුතු විවෘත කිරීමේ උත්සව මාලාවකට අගමැති එක්වේ

ගෙවීගිය සතිය පුරා අගමැතිවරයා පසුගිය වසර තුන තුළ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කර ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය.


ඉන් පළමුවැන්න වූයේ රුපියල් ලක්ෂ 2800ක් වැය කරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමය. දෙවැන්න වූයේ මාලිගාවත්ත - ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රුපියල් ලක්ෂ 15,300ක් වැයකර තිබිණ.


අනතුරුව අංගසම්පූර්ණ ජාතික පාසල් රට පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළෙහි මූලික අදියර ලෙස කුරුණෑගලදී විවෘත වූ රුපියල් ලක්ෂ 10,000ක් වැය කළ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පැවැරිණ.


දකුණේ පමණක් නොව උතුරේද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සඳහා අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම උතුරු පළාත බලා පිටත්විය.


කෝපායි-වලිකාමම්හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල මෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම, කිලිනොච්චි රෝහල සඳහා වෛද්‍ය උපකරණ දීම හා හදිසි අනතුරු ඒකකය සඳහා මුල් ගල් තැබීම, නැවත පදිංචි කිරීමේ නිවාස සංකීර්ණය සඳහා මෛලඩි හා මන්නාරම පුල්ලිමුනෛ ඒ අතර මූලිකත්වයක් ගත්තේය.


යාපනය සංචාරයට පිටත්වීමට පෙර අරලියගහ මැදුරට උදෑසනම පැමිණි අගමැතිවරයා සුපුරුදු ලෙස මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා කෙටි කතා බහකද නිරත විය.
“මහනුවර අධි වේගයේ මීරිගම ඉදලා කුරුණෑගල දක්වා කොටසේ වැඩ නිමවෙන විදිය පෙන්නන්න නිකාය හතරේම ප්‍රධාන හිමිවරුන් වැඩම කරවා නිරීක්ෂණ චාරිකාව කරපු එක කිරිඇල්ල ඇමැතිතුමා කළ වැදගත් වැඩක්”, නවීන් දිසානායක කතාවට මුළපිරීය.


“මේ ආණ්ඩුව යටතේ ඉදි කළ ලොකුම ව්‍යාපෘතිය ඔය අධි වේගයයි. අපට අන්තිමට පෙන්නන්න තිබෙන්නෙත් ඒක විතරයි”, වෛද්‍ය කාවින්ද ජයවර්ධන කී දේ සියලු දෙනා අනුමත කළහ.


“මා මල් පූජා කරන්න දළදා මාලිගාවට ගියාම මහ නාහිමිවරුන්, කෝ මහත්තයෝ නුවර අධිවේගය කියා ඇහුවා. තවත් සමහරු හාස්‍යයට ලක් කරන්නත් පාර ගැන ඇහුවා. මේ අවුරුද්ද අන්තිමට විවෘත කරන පාර බලන්න යමු කියා මා මහ නාහිමිවරුන්ට යෝජනා කළා.”


“පහුගිය සඳුදා මහනුවර හාමුදුරුවරුත් සියයක් වැඩම කරවලා පාර පෙන්නුවා. නිකාය හතරෙම අනුනාහිමිවරුන් පාර බලා හරි සතුටු වුණා. මහ නාහිමිවරුන්ට විස්තර වාර්තා කරනවා කියලත් කිව්වා.’’


“පාරේ මේ කොටස තව මාස කීහිපයකින් විවෘත වුණාම පස්යාලේ ඉඳලා මීරිගමට ගිහින් ඊට පස්සෙ කුරුණෑගල හරහා මහනුවරට යන්න හොඳ පාරක් ලැබෙනවා. නුවර මිනිස්සුන්ට පැය එක හමාරකට වඩා ඉතිරි වේවි.”


“කඩවත ඉඳලා මීරිගම දක්වා කොටසත් ලබන අවුරුද්දේ විවෘත කරන්න පුළුවනි. මේක මගේ හීනයයි. ඕනෑම ආණ්ඩුවක් කන්ද උඩරට ජනතාවට දීපු ලොකුම තෑග්ග මේ අධිවේගයයි”, ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඉතා හැඟුම්බරවය.


“හමුදාව යුද අපරාධ හා ස්ත්‍රී දූෂණ කළ බවත් හා ඔවුන්ට විරුද්ධව පියවර ගත යුතු බවත් මහින්ද මහත්තයා දෙමළ මාධ්‍යවේදීන්ට කිව්වා.


“අනික අතුරුදන්වූවන් ගැන හොයන සත්‍ය හා සංහිඳියා කොමිසමට අදාළ කැබිනට් පත්‍රිකාව හා තවත් පත්‍රිකා 12 ක් අගහරුවාදා කැබිනට් එකේදී කල් තැබුණා. කොමිසමට අදාළ පත්‍රිකාව විතරක් කල් දැම්මා කියා ප්‍රවෘත්තිය ප්‍රචාරය වීම පුදුමයක්”, නලීන් බණ්ඩාර කීවේය.


“සමහර ප්‍රවෘත්ති පිටවෙන හැටි ගැන දැන් අපට හිතාගන්න පුලුවනි. මේක ඉතා නරක වැඩක්. සත්‍ය හා සංහිඳියා කොමිසමෙන් කරන්නේ ඇත්ත හොයා ගැනීම මිසක් කාටවත් දඬුවම් නියම කරන එක නොවෙයි.’’ අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙනි.


”පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා ගිය සතියේ ව්‍යවස්ථාදායක සභාව ගැන කළ කතාවට කතානායකතුමා සැර උත්තරයක් දීපු එකට කවුරුත් ප්‍රශංසා කරනවා. ජනාධිපතිගේ කතාවේ විකෘති කිරීම් හා අසත්‍ය චෝදනා රැසක් තිබූ බව කතානායකතුමා සාක්කි සහිතව පෙන්වා දීමත් වැදගත්”, දයා ගමගේ කීවේය.


“ජනාධිපතිතුමාගේ කතාවෙන් මානව හිමිකම් කොමිසම ගැනත් කියවුණා. කතානායකතුමා විතරක් නොවෙයි මානව හිමිකම් කොමිසමත් එතුමාට ප්‍රතිචාර දක්වා නොමඟ යැවීම් නොසුදුසු බවත්, ඒ හරහා කොමිසමේ ස්වාධීන කටයුතු අධෛර්ය කරවන බවත් ප්‍රකාශ කළා.” නවීන් දිසානායකද ඊට යමක් එක් කළේය.


“වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය තාම ඇදෙනවා.” හේෂා විතානගේ මෙන්ම රංජිත් අළුවිහාරේද ඇමැති නවීන් දිසානායක දෙස බලා මතු කළේ එකම පැනයකි.


“වතු කම්කරුවන්ගේ අතට රුපියල් 1000ක් දෙන එක මගේත් ස්ථාවරයයි. ඒත් ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. කැපෙන විදියට ඒක ඕනෑ කියා වෘත්තීය සමිති ඉල්ලීම් කළා. ඒ නිසා ප්‍රශ්නය ටිකක් ඔද්දල් වුණා වගෙයි.”


“එහෙත් මා අගමැතිතුමා එක්ක කතා කරා ඊළඟ අය-වැයෙන් ආණ්ඩුව ගානෙ දිනකට රුපියල් පනහ ඔවුන්ට දෙන්න එකඟ කර ගත්තා. තේ ශක්ති අරමුදලේ සල්ලිත් ඒකට දානවා. ආණ්ඩුව ඒවා ඒ අරමුදලට යළිත් දෙන්නත් පොරොන්දු වුණා.”, නවීන් දිසානායක පැහැදිලි කළේය.


”අපේ ජනපති අපේක්ෂක පොහොට්ටුවේ කෙනෙකු මිසක් පිටස්තර පක්ෂයක කෙනෙකු නොවන බව බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියා අභියෝග කළේ ජනාධිපති මෛත්‍රීට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියලා වෙන්න ඕනෑ. එතකොට ජනාධිපතිතුමාට දැන් තමන්ගේ ශ්‍රීලනිප පාක්ෂිකයන් අනාථ නොකර තනියම හරි ජනපතිවරණයට එන්න වෙනවා.”


“එතුමා පොහොට්ටුවට අගමැතිකමයි, ආණ්ඩුවයි දෙකම හොරෙන් අරන් දී ඔන්න අන්තිමට වෙච්ච වැඬේ.” වෛද්‍ය කාවින්ද ජයවර්ධන කීවේ කාගේත් සිනා මැදය.

 

 

 



අදහස් (0)

සංවර්ධන කටයුතු විවෘත කිරීමේ උත්සව මාලාවකට අගමැති එක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28616 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11097 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site