IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ශ්‍රීලනිපයේ තවත් වෙනස්කම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය ගිය සඳුද‌ා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගේ ප්‍රධානත්වයෙනි. එහි ප්‍රධාන අරමුණ වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීමය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ අටදෙනෙකු පමණ පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ සිටින නමුත් එම රැස්වීමට පැමිණ සිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පමණි. ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටි එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට දුරකථනයෙන් කතා කර කලින්ම දැනුම් දී තිබුණේ තමා පිටරට සිටින බැවින් මෙම රැස්වීමට සහභාගි නොවන බවය. 16 දෙනාගේ කණ්ඩායමේ අනෙක් පිරිස ද එම රැස්වීමට සහභාගි වනු ඇතැයි එස්.බී. මුලින් කියා තිබුණ ද එම පිරිස ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට සහභාගි වන නිසා නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවනු ඇතැයි මහලේකම්වරයාට දන්වා තිබිණි. ලේකම් රෝහණ ලක්ෂ්මන් එය නිලධාරි මණ්ඩල රැස්වීම ආරම්භයේදීම සභාවට දැනුම් දුන්නේය.


මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැනය. ජනපති මෛත්‍රී එක් එක් ආසනය ගැන විග්‍රහ කරමින් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළේය.


සංවිධායකධුර පුරප්පාඩු වී ඇති ආසනවලට අලුතින් සංවිධායකවරුන් පත් කිරීමටත් ශ්‍රියානි විජේවික්‍රමට හා වීරකුමාර දිසානායකට ඉක්මනින්ම සංවිධායක ධුර පිරිනැමීමටත් එහිදී තීරණය විය. උතුරු හා නැගෙනහිර සඳහා ද ඉක්මනින් සංවිධායකවරුන් පත්කිරීමට යෝජනා විය.


මේ අතර පක්ෂයට අලුතින් මාධ්‍ය ප්‍රකාශකවරයකු පත්කිරීමට ද යෝජනා විය. ඊට හේතුව වූයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා 16 කණ්ඩායම නියෝජනය කිරීමත් ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමත්ය. ඒ අනුව මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර සහ ආචාර්ය සරත් අමුණුගම යන මැති ඇමැතිවරුන් තිදෙනාගේම නම් යෝජනා විය. දයාසිරි එය භාර ගැනීමට කැමැත්තක් නොපෙන්වීය. අවසානයේ මහින්ද සමරසිංහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරන්නට තීරණය විය.


ආණ්ඩුවේ ගම්පෙරළිය වැඩසටහන ගැන ද සාකච්ඡා විය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, රුපියල් මිලියන 200 බැගින් මුදල් වෙන්කෙරෙන නිසා එය ශ්‍රීලනිපයට හා එජාපයට සම සමව වෙන්විය යුතු බව මැති ඇමැතිවරු කීවෝය. මහින්ද සමරසිංහ කීවේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බවය.


මේ අතර මහ ඇමැතිවරුන් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රීඩා ගුරුවරුන් ලෙස 3200 ක පමණ පිරිසක් තෝරාගෙන ඔවුන්ට පළාත් සභාවලින් පත්වීම් ලබාදෙන ලෙස දන්වා ඇති බවය. මධ්‍යම මහා ඇමැති සරත් ඒකනායක එය මතු කරමින් කීවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තෝරා එවන පිරිසකට පළාත් සභාවෙන් පත්වීම් දීමට නොහැකි බවය. එය පළාත් සභාවේ ගුරුවරුන්ගේ කාඩර් එකටද බරපතළ ගැටලුවක් බව ඔහු කීවේය. ෂාන් විජයලාල්, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, ධර්මසිරි දසනායක යන මහ ඇමැතිවරුද සරත්ගේ අදහස අනුමත කරමින් කතා කළෝය. ඔවුන් කීවේ අධ්‍යාපනය 13 වන සංශෝධනය යටතේ විමධ්‍යගත විෂයක් බවය.


මේ අතර දැනගන්නට ඇත්තේ දයාසිරි සහ එස්.බී. යන දෙදෙනාට යළිත් ඇමැතිධුර දෙකක් ලැබෙන බවය.


ශ්‍රීලනිප නිලධාරි මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හදිසියේම කළුතර බලා ගියේ ප්‍රවීණ රංගන ශිල්පී, දීපානි සිල්වාගේ මවගේ මළගෙදර යන්නටය. මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න හා ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාසට ද කතා කරගත් ජනාධිපතිවරයා රාත්‍රියේම මළගෙදර ගොස් දේහයට අවසන් ගෞරව දැක්විය. එහි සිටි කලාකරුවන් සමගද බොහෝ වේලාවක් කතාබහ කරමින් ගත කළ ජනාධිපතිවරයා කොළඹ බලා පිටත් විය.



අදහස් (0)

ශ්‍රීලනිපයේ තවත් වෙනස්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site