IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


​​ජනපති මෛත්‍රී ​​චම්පිකට ලකුණු දමයි

 

මෙවර කැබිනට් රැස්වීමේ දී කොළඹ කුණු ප්‍රශ්නය ද කතාබහට ලක්විය. කොළඹ කුණු ප්‍රශ්නය විසඳීම ගැන ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේ ඇමැති චම්පික රණවකටය. කොළඹ කුණු ගොඩගැහිල ඩෙංගු වැඩි වුණා. ළමයි ලෙඩ වුණා. ඒ වෙලාවේ ජනතාවත් අපිත් බේරගත්තෙ චම්පික ඇමැතිතුමා. ඒ ගැන එතුමාට ස්තුතිය පිරිනැමිය යුතුයි යැයි ජනාධිපතිවරයා කියද්දී ඇමැතිවරු අත්පුඩි ගසා ‘සතුට පළ කළහ. අනතුරුව ජනාධිපතිවරයා කීවේ කුණු ප්‍රශ්නය විසඳන වැඩපිළිවෙළට මහාභාණ්ඩාගාරය නෑ බෑ නොකියා මුදල් දිය යුතු බවය.  


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගිය සඳුදා මහනුවර බලා පිටත්ව ගියේ උත්සව කීපයකට සහභාගි වීම සඳහාය. මුලින්ම ගියේ මහනුවර අර්ල් රීජන්සි හෝටලයේ පැවැති ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ 45 වන සමුළුව ඇමතීමටය. ඇමැති දයා ගමගේ, මහඇමැති සරත් ඒකනායකද එයට සහභාගි වූහ. සමුළුව හමාර වී ජනාධිපතිවරයා මහඇමැති සරත් ඒකනායක ද කැටුව මාතලේට ගියේ මාතලේ මිල්ලවාන මහා විද්‍යාලයේ පැවැති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සමුළුවට සහභාගි වීමටය. ඒ යන ගමන් මාතලේ නගරයේ අලුතින් ඉදිවූ සංචාරක හෝටලයක් ද විවෘත කරන්නට ජනාධිපතිවරයා ගියේය. එය නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේය.  


මේ අතර, ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා ගාල්ලේ උත්සව දෙකකට ගියේය. එකක් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සිවුමහල් සෞන්දර්ය ඒකකය විවෘත කරන්නටය. දෙවැන්න ගෝනාපීනුවල සාරාලංකාර විද්‍යාලයේ දෙමහල් සෞන්දර්ය ඒකකය විවෘත කරන්නටය. මේ දිනවල පවතින තද වැසි නිසා ජනාධිපතිවරයා ගාල්ලට පැමිණීම අවිනිස්චිත බවට ආරංචි පැතිර යමින් තිබිණි. මේ උත්සව දෙකටම ජනාධිපතිවරයාට ආරාධනය කර තිබුණේ මහ ඇමැති ෂාන් විජයලාල්ය. බදාදා උදේ ජනාධිපතිවරයා ෂාන්ට කතා කර කීවේ තමා උත්සව දෙකටම සහභාගි වන බවය.  


ජනාධිපතිවරයා හල්වතුර ක්‍රීඩාංගනයට කොළඹ සිට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. ජනාධිපතිවරයා පිළිගන්නට ෂාන් ක්‍රීඩාංගනයටම පැමිණ සිටියේය. ෂාන් ද වාහනයේ නංවාගත් ජනපති මෛත්‍රී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ගියේය. ජනාධිපතිවරයා එහි යනවිට තවත් අමුත්තෙක් ද පැමිණ සිටියේය. ඔහු මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින චරිතයක් වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියයි. ඔහු ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කලක් එහි ගුරුවරයකු ලෙස ද ඔහු කටයුතු කර තිබිණි.  


උත්සවය හමාර වී ජනාධිපතිවරයා ඇතුළු පිරිස තේ බොන්නට ගියේ ඒ අසල කාමරයකටය. එහිදී මහ ඇමැති ෂාන් කී කතාවක් නිසා ජනාධිපතිවරයාට ද හයියෙන් හිනා ගියේය. මහින්ද දේශප්‍රිය, මහ ඇමැති ෂාන්ගේ ගුරුවරයෙකි. ෂාන් ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා අවදියේ ඔහුට රසායන විද්‍යාව ඉගැන් වූ ගුරුවරයා මහින්ද දේශප්‍රියයි. ‘‘සර්, මහින්ද දේශප්‍රිය සර් තමයි අපිට ඒ කාලේ කෙමිස්ට්‍රි ක​ෙළ්. හැබැයි අපිට ඒ කාලෙ උගන්වනවාට වඩා කළේ අපේ පන්තියෙ හිටපු යෙහෙළියකගේ තොරතුරු අපෙන් අහන එක යැයි ෂාන් කීවේ මහින්ද දේශප්‍රිය පෙන්වමිනි. ෂාන් එහෙම කියද්දී ජනාධිපතිවරයාට මෙන්ම මහින්ද දේශප්‍රියටත් හිනාය. ‘සර් මම එදා හරියට මගේ ඩියුටිය කළේ නැත්නම් අද ෂාන්ලා මෙතන ඉඳියි’ මහින්ද දේශප්‍රිය කීවේ හැමෝම හිනස්සමිනි.  


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගිය සතියේ පාකිස්ථානයේ ලාහෝර් නුවර ක්‍රිකට් තරගයකට ගියේ මීට වසර කිහිපයකට පෙර, ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වරටය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලත් ලාහෝර් නුවර බලා පිටත්ව ගියහ.  


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා විශාල ආරක්ෂාවක් දෙන්නට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. ක්‍රීඩා තරගයෙන් අනතුරුව දයාසිරි එරට ක්‍රීඩා ඇමැතිවරයා හමුවන්නට ගියේය.  


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවරට එවීම ගැන දයාසිරිට ස්තුතිය පළ කළ එරට ක්‍රීඩා ඇමැතිවරයා ‘ඕනෑම දෙයක් කියන්න අපි ඕනම උදව්වක් කරන්න ලෑස්ති’ යැයි කීවේය. අනතුරුව දයාසිරි පාකිස්ථාන වෙළෙඳ ඇමැතිවරයා හමුවූයේ ඔහුගේ අමාත්‍යංශයේදීය. ශ්‍රී ලංකාවේ බුලත් අපනයනය කිරීමේ දී ගෙවන්නට සිදුව ඇති බද්ද වැඩිකිරීම ගැන දයාසිරි කීවේය. පාකිස්ථාන වෙළෙඳ ඇමැතිවරයා කීවේ තමා පෞද්ගලිකවම ඒ ගැන සොයා බලා බදු අඩු කිරීමට කටයුතු කරන බවය.



අදහස් (0)

​​ජනපති මෛත්‍රී ​​චම්පිකට ලකුණු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site