රුපියල් ලක්ෂ 1300 ක් ආයෝජනය කර සූරියවැව පොළ අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා පසුගියදා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මුල්ගල් තබා අවසන් වනවාත් සමඟ ප්‍රදේශයේ ගොවින් විශාල පිරිසක් පෙළපාළියකින් එහි පැමිණියේ මේ ව්‍යාපෘතියට විරෝධය පළ කිරීමට නොව ඊට සිය ප්‍රසාදය පළ කිරීමටය.

ඔවුන් කීවේ ‘අපට නායකයෝ නං එමටයි. ඒත් පහුගිය කාළේ ගොයියෝ ඉන්න මේ පළාතේ පොළ දියුණු කරන්ඩ ඕනෑ කමක් ඒ ඇත්තන්ට තිබ්බේ නෑ. බලවත් උදවිය අපිව තුට්ටුවකට මායිං කරේ නෑ.’ කියාය. ‘දැන් ඉතින් බය වෙන්න එපා වැඩේ කෙරෙනවනේ. තව මොනවද අඩුපාඩු? සජිත් ඇසුවේය. එවර ගොවීන් කිවේ ‘පහුගිය කාලෙ තොග පොළක් කියලා එකක් හැදුවා ඕං. ඒකට වහලක් නෑ.’ කියාය. ‘මම ඒකත් හදලා දෙන්නම්’ සජිත් කියද්දී වියපත් මාතාවක් කීවේ ‘පුතේ අපි මේචචර කල් උයන්න ගත්ෙත් අපිරිසිදු වතුර. මෙව්වා කාට කියන්ඩ ද ඉතිං. ඊයේ ඒකටත් පිළියමක් කළා කියලා දැනගන්ඩ ලැබුණා.’ කියාය. සජිත් කීවේ ‘ඔව් අම්මේ මං ඊයේ ‘විහාරගල වලව මව් නදී ප්‍රජා ජල ව්‍යාපෘතිය’ සංවර්ධනය කරන්න රුපියල් ලක්ෂ 1800 ක් දුන්නා. පවුල් 3081 කට ඒකෙන් වතුර ලැබෙනවා. දකුණු ආසියාවේ ප්‍රජා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ලොකුම ජල ව්‍යාපෘතිය ඒකයි. අම්මලා අපිරිසිදු වතුර බීපු කාලේ දැන් ඉවරයි.’ කියාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.