IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කළයුතු දේ එජාපය කියයි

අරලියගහ මන්දිරයේ පසුගිය සතියම එක්සත් ජාතික පෙරමුණෙ නායක රනිල් ගත කළේ ඉතා කාර්ය බහුල වාතාවරණයක් තුළය. නිතරම පැමිණි මැති ඇමැතිවරුන් පාක්ෂිකයන් මෙන්ම භික්ෂුන් වහන්සේලාගෙන්ද අරලියගහ මන්දිරය පිරී පැවතුනි. මීට අමතරව තානාපතිවරුන් මෙන්ම විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතයන් ද අරලියගහ මන්දිරයට පැමිණියේ නායකතුමා හමුවීම සඳහාය. පැමිණෙන පිරිස් හේතුවෙන් රනිල්ට කිසිදු විවේකයක් නොවුනි.


ඔහුගේ කෑම බීම ගැන පවා මතක් කරමින් සොයා බැලුවේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහය. පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා​ෙගන් ඉල්ලා සිටීමේ ලිපි සකස් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ නිලධාරින් විසිනි. ඔවුන්ද දිවා රෑ වෙහෙසමින් කළ කර්තව්‍යයේ ප්‍රතිඵලයක් ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකෙහි මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.


එහිදී 116 දෙනකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බවට වන ලිපියක් භාර දුන් අතර ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධි ක්‍රියාවක්ය යන යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය.


කතානායකවරයා නැවත වරක් පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ මේ අතරවාරයේදීය. ඊට පක්ෂ නායකයන් රැසක් සහභාගි වී සිටි අතර එහිදී කතානායකවරයාගේ අවසාන තීන්දුව වූයේ මන්ත්‍රීවරුන් 116 දෙනකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබාදී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.


සියල්ල එසේ වෙමින් පවතිද්දී වෙනදා මෙන් මැති ඇමැතිවරුන් පිරිසක් බ්‍රහස්පතින්දා පෙරවරුවේම අරලියගහ මන්දිරයට පැමිණියේ ඇතිවී තිබෙන වාතාවරණය ගැන කතා කිරීමටය.


අත්තනෝමතික ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් පසු දිවා රෑ නොබලමින් අරලියගහ මන්දිරයේ රැඳී සිටි මන්ත්‍රීවරු පිරිසක්ද ඊට එක්ව සිටියහ. එහිදී මුලින්ම හඬ අවදි කළේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. “පක්ෂ නායක රැස්වීමේ දී බහුතරය තියෙනවා කියලා කෑ ගැහුවට සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අැවිල්ලා තියෙන්නේ 87 දෙනයි”


“ඔව් ඔව් දැන් බහුතරය හොයා ගන්න බැරිව දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ගන්නැයි සමහර නායකයෝ වැඳ වැටෙනවා” යැයි පිළිතුරු දුන්නේ රන්ජන් රාමනායකය.
ටීඑන්ඒ එක ගෙන්නලා ඇමැතිකම් දෙන්න හදලා විතරක් නොවෙයි දෙමළ සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නත් ජනාධිපතිතුමා පොරොන්දුවෙලා තියෙනවා කිරිඇල්ල කීවේ බැරෑරුම් ලෙසය.


“අපි උසාවියෙන් බේරාගන්න කියලායි ටීඑන්ඒ එකට කිව්වේ” යනුවෙන් වජිර අබේවර්ධන කියද්දි රන්ජන් රාමනායක කීවේ බොරු දේශ​ෙප්‍ර්මය දැන් ඉවරයි කියාය.
“රනිල් නැතුව ඕන යූඑන්පීකාරයෙක් ගේන්න මම අගමැති කරන්නම් කියලා ජනාධිපතිතුමා මනෝ ගනේෂන්ලට කියලා තියෙනවා.” නවින් දිසානායක කියද්දි එහි සිටි සියලු දෙනා කීවේ දැන් හැමෝටම අගමැති වෙන්න පුළුවන් විදියට රෝස්ටරයක් හදමු කියා යෝජනා කරන ලෙසය.


ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කීවේ කතානායකවරයා කළ ප්‍රකාශය පක්ෂ නායකයන්ගේ ප්‍රශංසාවට ලක්වූ බවය. “පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවලා සාම්ප්‍රදායික කටයුතු අවසන් වුණාම ස්ථාවර නියෝග අත්හිටුවලා බහුතරය පෙන්නලා ස්ථාවර රජයක් පත් කර ගන්න අවස්ථාව උදා වෙනවා. ඒක නිසා දැන් එයාලා හිරවෙලා ඉන්නේ. මේකට මූණ දෙන්න ඒ අයට බැහැ.” කිරිඇල්ල කීවේ සැවොම හිස සලද්දීය.


“අපේ අගමැතිතුමා අර්බුදයට තල්ලු කරන්න හදපු අයගේ පැත්තට අද අර්බුදය තල්ලු වෙලා. රනිල්ව පෙරළගෙන යන්න පත් කරපු කෙනා දැන් මෛත්‍රීව පෙරළගෙන යයි වගේ” නවින් දිසානායක කීවේ සැවොම සිනා සෙද්දීය.


“මේ සියලු කාරණා එක්ක හිර වෙන්නේ රටේ ආර්ථිකය අපි ඒක හොඳට හදාගෙන ආවා විතරයි” යනුවෙන් රනිල් ප්‍රකාශ කරද්දී සැවොම එය කනගාටුවෙන් යුතුව අනුමත කළහ.
සාකච්ඡාවට මැදිහත් වෙමින් රන්ජන් කීවේ ම්ලේනියම් චැලේන්ජ් අරමුදලේ ඩොලර් මිලියන 500ක් ඔවුන් විදෙස් සංචිතවලින් ඉවත් කරගෙන ඇති බවයි.


“අයි. එම්. එෆ් එකත් ඊළඟ වාරිකය දීලා නැහැ. ජී. එස්. පී. සහනයටත් මෙය බලපානවා ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නේ කලකිරිලා. ව්‍යාපාරිකයන්ට මේකෙන් ලොකු හානියක් වෙනවා ආයෝජකයන්ගේ විශ්වාසය බැඳ වැටිලා. ණය ගත්ත මිනිහට ගෙවා ගන්න ක්‍රමයක් නැහැ කියලා පේනවා නම් කවුරුත් ණය දෙන්නේ නැහැ” දයා ගමගේ දීර්ඝ විස්තරයක් කළේය.
“අපි සහන සමග ටැබ් එකක් දුන්නා. දැන් ටැබ් එක කපලා සහන දෙන්න හදනවා” අකිල විරාජ් පැවැසීය.


එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටේ ජනතාව පිළිගත් පක්ෂ. මේවා තානාපති කාර්යාල ඔවුන්ගේ රටවල්වලට දන්වලා තියෙනවා. මේකෙන් හිර වෙන්නේ රට යැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කීවේය.


“අපේ මන්ත්‍රීවරුන්ට ඉන්න දෙන්නේ නැහැ හැම වෙලාවෙම බලපෑම් කරනවා එන්න එන්න කියලා. ඉල්ලන දෙයක් දෙන්නම් කියලාත් කියනවා වඳින්නේ නැති ටික විතරයි.” අජිත් පී. පෙරේරා කියද්දි හරින් ප්‍රනාන්දු කීවේ මේක කරන්න මැදිහත් වී සිටින්නේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් බවයි.


“රංගේ බණ්ඩාර ඇමැතිතුමා ඉදිරිපත් කරපු අල්ලස් හඬ පටය ගැන ප්‍රධාන ටී වී චැනල් වගේම අනෙක් මාධ්‍යවලත් දැම්මේ නැහැ” අජිත් පෙරේරා කියද්දී රන්ජන් රාමනායක කීවේ දැන් බො​ෙහා් දෙනෙක් බලන්නේ සමාජ මාධ්‍ය කියාය. මේ හඬ පටයට හොඳ ප්‍රතිචාරයක් සමාජ මාධ්‍යවල තියෙනවා ඔහු තව දුරටත් කීවේය.


මෙහිදී චමින්ද විජේසිරි යළිත් කීවේ සර් විදේශ මාධ්‍යවලට හොඳ කතාවක් කියලා තිබුණා කියලාය.

 

 


“ඒ මොකක්ද රනිල් ඇසුවේය.”
“නැහැ සර්ගෙ ආරක්ෂාව අඩු කරලා හිරිහැර කළාට එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තුවේ ස්ථාවර වුණාට පස්සේ ජනාධිපතිවරයාට කිසිදු හිරිහැරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒක උතුම් මනුෂ්‍ය ගුණයක්” චමින්ද විජේසිරි කීවේය.


ඊට රනිල් හිස සලද්දි රන්ජන් රාමනායක කීවේ “ආ ඒක මොකක්ද 2014 පොදු අපේක්ෂකයා හැටියට එනකොට අගමැතිතුමානේ ගිහිල්ලා ආරක්ෂාව ගැන හොයා බලලා සියලු පහසුකම් දුන්නේ. එතුමා ආරක්ෂාව නැතුව යද්දි මෛත්‍රීපාල සිරිසේනට එතුමාගේ ආරක්ෂාව ලබා දුන්නා” රන්ජන් යළිත් කීවේය.


“පාර්ලිමේන්තුව විසුරුවන්නත් උත්සාහයක් අරන් තියෙනවා කියලා ආරංචියි “මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.” ඒක කරන්න බැහැ කියලා නීති අංශ දැනුම් දුන්න නිසා අකුලගත්තා කියලායි ජනාධිපති මන්දිරය පැත්තෙන් කියන්නේ, රනිල් ගේ නීති නිලධාරියකු ඒ කතාවට මැදිහත් වෙමින් කියද්දි තරුණ මන්ත්‍රීවරුන් කීවේ ව්‍යවස්ථාවට පිටින් අගමැති කෙනෙක් පත් කළා වගේම ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුවත් විසුරුවනු ඇති දැයි දන්නේ නැහැ කියාය.


“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න” රනිල් එහිදී හඬ අවදි කළේය. “අප සියලු දෙනාම එකා වගේ ඉන්න ඕනෑ. කටකතාවලට අපේ සමගිය බිඳින්න බැහැ කියලා අද කාට කාටත් ඔප්පු වෙනවා.” යැයි හරින් ප්‍රනාන්දු යළිත් කීවේය. හැමෝම එකා වගේ ඉඳලා 14දාටත් සමගිව අභියෝගවලට මුහුණ දෙමු යැයි හරින් කියද්දි සැවොම එය එක හඬින් අනුමත කළහ.



අදහස් (0)

කළයුතු දේ එජාපය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site