IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


එදා ආර්ථිකය හසුරුවා ගන්න බැරි වූ අය අද බණ කියනවා

අගමැති රනිල් පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරියේම හක්මන බලා ගියේ ප්‍රබල එජාප හිතවතුන් වන වනිගසේකර පවුලේ අවමංගල්‍යයකට එක්වීමටය.   


 ‘සාගල - බුද්ධික දෙන්නම ලංකාවේ නැහැ. ඒ නිසා මේ මළගෙදර යා යුතුමයි. වනිගසේකරලා එජාපයට විශාල සේවයක් කළා.’ අගමැතිවරයා කීවේ හෙලිකොප්ටරය හිමිදිරියේම ගුවන් ගත කිරීම පිළිබඳ ප්‍රශ්න මතු වූ විටය.   
 හක්මන ගොස් උදේ 9 වන විට යළි කොළඹ පැමිණි අගමැතිවරයා නිවසට ගොස් අනතුරුව අරලියගහ මැදුරට ගියේ ජාත්‍යන්තර හෙද දින සැමරුමට එක්වීමටය. ඒ උත්සවය ඇරඹීමට පෙර තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සමග කතා බහ කිරීමට ද අගමැතිවරයා අමතක කළේ නැත.   


 ‘මා තව ටික වෙලාවකින් ඉන්දියාවේ යනවා. ඉන්ධන වැඩි කිරීම රාජපක්ෂ මාධ්‍ය නඩය ඇවිස්සුවා.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


‘රාජපක්ෂගේ කාලේ තෙල් බැරලය ඩොලර් 60 යි. එතකොට පෙට්‍රල් රුපියල් 157 යි. අද බැරලය ඩොලර් 78 යි. ඒත් අප රුපියල් 137 ට දෙනවා. තාමත් අප ජනතාවට එදාට වඩා අඩුවට ඉන්ධන දෙනවා. සමහර මාධ්‍ය මේක ඇවිස්සුවට ජනතාව සත්‍යය දන්නවා.’ අගමැති කීය.   


‘ධීවරයන්ට රුපියල් දස ලක්ෂ 4000 ක හා විදුලිය නැති 47,555 කට භූමිතෙල් රුපියල් 44 ගානේ තිබූ මිලටම දෙනවා. අනික භූමිතෙල් මිල වැඩි කිරී​ෙමන් බස් - ලොරිවලට ඒවා ගහන එක නැවතිලා. භූමිතෙල් අලෙවිය 50% කින් බැහැලා.’ ගයන්ත කරුණාතිලක කීය.   


‘මේ වසර අග වෙනතෙක් ඉන්ධන මිල ලෝකයේ අඩු වෙන්නෙත් නැහැ. ඒ වගේම වැඩි වෙන්නෙත් නැති බවට තොරතුරු තිබෙනවා.’ දයා ගමගේ කීය.   


‘බස්වලට 6.5% ක ගාස්තු වැඩිවීම මුලින් දීලා. ඒක 12.5% ට වැඩි කළේ ඇයි කියන එක මිනිස්සු අහනවා. බස් ස්ට්‍රයික් එක වළක්වා ගැනීම ලොකු දෙයක්.’ විජයදාස රාජපක්ෂ කීය.   


‘සයිටම් ප්‍රශ්නය ගොඩින් බේර ගන්න විජයදාස ඇමැතිතුමා මැදිහත් වීම වටිනවා.’ දයා ගමගේ කීය.   


‘සුදුසුකම් ඇති සියලු සයිටම් ළමයි කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට දානවා. ඊට කැබිනට් අනුමැතිය මා ගත්තා.’ විජයදාස රාජපක්ෂ කීය.   


‘ඇමැති සංශෝධනයේදී කිරිඇල්ල ඇමැතිතුමාට අලුත් ආයතන හතක හා විජයදාස ඇමැතිතුමාට දොළහක් ලැබීම ගැන සුබ පතනවා.’ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ ඔවුන්ට සුබපතමිනි. 

 
 ‘වියත් මඟ ගෝ්‍ඨාභයගේ ජනාධිපති වීමේ සෙල්ලමේ අලුත්ම පිම්මයි. ආරක්ෂක අමාත්‍යාංශ ඉඩම විකුණලා හදපු ෂැංග්‍රිලා හෝටලේ එය පැවැත්වීමත් සරදමක් නේද? ඒ උත්සවයට කෝටි, ප්‍රකෝටි ගණනක් වියදම් කරලා. ඒ සල්ලි කොහෙන්ද කියා ඒ අය රටට කියන්න ඕනෑ.’ රන්ජන් රාමනායක සිය සුපුරුදු බෝම්බ ප්‍රහාරය දියත් කළේය.   


‘මිග් චෝදනාව, අපි වෙනුවෙන් අපි අරමුදලට අදාළ චෝදනා, සුදු වෑන්, අතුරුදන් කිරීම ගැන චෝදනා ඇති අය රට හා රටේ සම්පත් බේරා ගැනීම ගැන කතා කිරීමයි, දේශපාලකයන් හා නිලධාරින් දූෂණයෙන් තොරවීම ගැනයි කතා කරපු එක තමන්​ගේ කාලේ කරපු වැරදි ගැන කරපු පාපොච්චාරණය බව ජනතාවගේ මතයයි.’ රන්ජන් වැඩිදුරටත් කීය.   


‘අර දිගන ගිනි තියපු මහසෝන් බළකායේ ප්‍රධානියාට මසකට රුපියල් 40,000 ක් පඩි හා ගොඩනැගිල්ලට මාසික කුලී ගෙවා තිබෙන්නේ මහනුවර පොහොට්ටු මන්ත්‍රී කෙනෙකු බව ත්‍රස්ත විමර්ශන ඒකකය හඳුනාගෙන තිබෙනවා.’ පී. හැරිසන් කීය.   


 ‘ගෝඨා-බැසිල් අභිභවලා ඉස්සරහට එන්න ජනපති කැම්පේන් පටන් ගත්තට ඡන්දය එන කාලේ වෙන විට කැම්පේන් එක පිළුණු වෙලා ඉවරයි. මහින්ද හා නාමලුත් ඒකට ඉඩ දීලා සද්ද නැතුව ඉන්නවා කියා ආරංචියි.’ චමින්ද විජේසිරි කීය.   


 මාධ්‍ය ආයතනවල කරපු වෙනස්කම් හරහා ආණ්ඩුව රටට කරන දේවල් ගැන හරි ප්‍රචාරය මීට පස්සෙවත් කෙරෙන්න ඕනෑ. ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ ද කීවේ එකම අදහසකි.   


 ‘රාජ්‍ය මාධ්‍ය මර නින්දේ හිටියේ. රූපවාහිනිය සුළුවෙන් හරි යමක් කළා. ඒත් අයි.ටී.එන්. හා ලේක්හවුස් සභාපතිලට තනතුරු දුසිම් භාගයක් විතර තිබෙන නිසා එයාලා මාධ්‍ය බැලුවෙ නැහැ. පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කළ දවසේ අයි.ටී.එන්. එකේ පැය තුනක රාත්‍රී සංවාදය ගියේ ඉතිහාසය විෂය දහරාවෙන් ඉවත් කරන බවට පළවූ කුඩා ප්‍රවෘත්තිය ගැනයි. නාම යෝජනා ගත්ත දවසේ මළයාලම් සිනමාව ගැන පැය තුනක සංවාදය ගියා. පළාත් පාලන ඡන්දයේ අන්තිම සති තුනේදී අයි.ටී.එන්.සභාපති රටෙත් ඉඳල නැහැ.   


මුදල් ඇමැතිට මාධ්‍ය බලන්න වෙලාව නැහැ. මේවා පසු පෙළේහි අප කාගේත් පොදු ස්ථාවරයයි.’ චමින්ද විජේසිරි කී විට සියලු දෙනාම එය අනුමත කළහ.  


‘සිංගප්පූරුව එක්ක ගහපු ගිවිසුමෙන් ලංකාවට අවාසි බව කියා දොස්තරලා කොහේ හරි යන ප්‍රශ්නයක් අල්ලන් වර්ජනවලට යාම ගැන පුදුමයි. ඒ ගිවිසුම හරහා විශේෂඥයන් හා කළමනාකරුවන් කිහිප දෙනකුට විතරක් ලංකාවට එන්න පුළුවනි. වෘත්තිකයන්ට හා වෙනත් සේවකයන්ට එන්න බැහැ කියා කිව්වට මේ අය පිළි නොගැනීම තුළ පටු ​ෙද්ශපාලනය තිබෙන්නේ’ පී. හැරිසන් කීය.  


 ‘විපක්ෂයට බලය නැතිව අද පුදුම අමාරුවක් තිබෙන්නේ. අද ඩොලර් බිලියන 11 ක සංචිත රටට තිබෙනවා. ආර්ථිකය හසුරුවා ගන්න බැරිව වසර දෙකකට කලින් ජනාධිපතිවරණය තියා පැරදුණු අය අද ආර්ථිකය හසුරුවන හැටි ගැන අපට බණ කීම විහිළුවක්. වැඩිම අපනයන ආදායම මේ රජය ගත්තා. 

 
​ෙඩාලර් දස ලක්ෂ 1900 ක වැඩිම ආයෝජනයත් අප ගෙනාවා. රාජපක්ෂ යුගයේ බලෙන් රැකියාවලට පුරවලා ආර්ථිකය අනාථ කළා. ඒත් අප පුරප්පාඩුවලට හා අලුත් රැකියා ඇති කරලයි බඳවා ගැනීම් කරන්නේ.   
ගංවතුර, නියඟය හා කුණු කන්ද කඩා වැටීම ඇතුළු අභියෝග මැදයි අප මේ ජයග්‍රහණ ගත්තේ. ණයත් ගෙවා රටේ සංවර්ධනයටත් මුදල් යොදවන රටක් අප ඇති කළා. ජනතාවට ඉක්මනින් ඒ ප්‍රතිලාභ ලැබේවි.’ අගමැතිවරයා පැහැදිලි කළේය.  

 



අදහස් (0)

එදා ආර්ථිකය හසුරුවා ගන්න බැරි වූ අය අද බණ කියනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site