
වැඩිම කාලයක් කිරුළ දැරූ රාජකීයයා ලෙස දැනටමත් වාර්තාගතව සිටින එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අභවප‍්‍රාප්ත වූ දිනෙක, ඇගේ අවසන් කටයුතු සිදුවිය යුතු ආකාරය ලියා තැබූ රහස් ලියවිල්ලක් පිළිබඳ දීර්ඝ ලිපියක් පසුගියදා ද ගාඩියන් පුවත්පතේ පළවී තිබුණි. මෙම රහස් ලියවිල්ල මාධ්‍යට ලැබුණු ආකාරය පිළිබඳව කිසිම සඳහනක් එහි නැත.
හෙළිදරව් වී ඇති රහස් ලේඛනයට අනුව දෙවැනි එළිසබෙත් රැජින අභාවප‍්‍රාප්ත වූ දිනෙක, එතුමියගේ පෞද්ගලික ලේකම්වරයා විසින් රැජිනගේ මරණය පිළිබඳ පුවත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. එය දැනුම්දිය යුත්තේ ද "London bridge is dowo" නම් රහස් සංඛේත වාක්‍ය මගිනි.
කළු ඇඳුමෙන් සැරසුණු බකිංහැම් මාලිග නිලධාරියකු විසින් රැජිනගේ මරණය පිළිබඳ දැන්වීම මාලිගයේ මාර්ගයට මුහුණ ලා ඇති ප‍්‍රධාන දොරටුවේ සවි කරනු ඇත. මෙම දැන්වීම අන්තර්ජාලය ඔස්සේ ද ප‍්‍රචාරය වීමට නියමිතය.
ඒකාධිකාරයකින් තොරව වුවද රැජිනගේ අවමඟුල් කටයුතු මාධ්‍ය ආවරණය බීබීසී යට පැවරෙනු ඇත. අවමඟුලකට සුදුසු ලෙස කළු ඇඳුමෙන් සැරසුණු නිවේදකයකු විසින් ඉතාම හැඟීම්බර හඬකින් රැජිනගේ මරණය පිළිබඳ නිවේදනය සියලුම රූපවාහිනි නාලිකා සම්බන්ධවී එකම සජීවී නිවේදනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ජාතික ශෝක දින ගණනාව තුළ බ්‍රිතාන්‍යයේ සියලූම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය නාලිකා මගින් රැජිනගේ ගුණකථන ද ඇය පිළිබඳ වාර්තාමය වැඩසටහන් ද ශෝකාකූල සංගීතය ද ප‍්‍රචාරය විය යුතු බව ද මෙම ලියවිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත. රට පුරා මෙන්ම විදේශයන්හි බ්‍රිතාන්‍ය තානාපති ආයතනයන්හි ද බ්‍රිතාන්‍ය (යූනියන් ජැක්) ධජය අඩකුඹු වෙනු ඇත.
1672 සිට බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අවමංඟුල් කටයුතු සංවිධානය කිරීමේ කාර්යය සම්ප‍්‍රදායානුකූලව පැවරී ඇති නෝෆෝල්ක් හි ආදිපාදවරු වෙතම රැජිනගේ අවමඟුල් උත්සව සංවිධාන කටයුතු ද පැවරෙනු ඇත.
රැජිනගේ අභාවයත් සමගම පොදුරාජ්‍ය මණ්ඩලයෙහි නායකත්වය රැජිනගේ වැඩිමහලූ පුත් චාල්ස් කුමරු වෙත තාවකාලිකව පැවරෙයි. රැජින මියගිය දිනයේම පස්වරුවේ චාල්ස් කුමරු ජාතිය ඇමතීමට නියමිතය. ඊළග දිනයේදී චාල්ස් කුමරු තෙවැනි චාල්ස් නමින් කිරුළ පළඳිනු ඇත. මේ සමගම දැනට ‘‘කුමරිය’’ ලෙස නම්බුනාම විශේෂනය භාවිතා කරනු ලබන චාල්ස් කුමරුගේ වත්මන් බිරිඳ වන කැමිලා පාකර්, කැමිලා පාකර් රැජින ලෙස නම් කෙරෙනු ඇත.
කිසියම් ආකාරයකින් රැජින ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේදී අභාවප‍්‍රාප්ත වුවහොත්, අවමඟුලේ මුල් දින කීපය ස්කොට්ලන්ත සම්ප‍්‍රදායානුකූලව සිදුවීමට නියමිතය. ඉන්පසු දේහය වෙස්මිනිස්ටර් සහ ශාන්ත පෝල් දේවස්ථාන ඝාන්ඨාර හඬ මධ්‍යයේ සියලු රාජකීය ගෞරව සහිතව බකින්හැම් මාලිගය වෙත ගෙන එනු ඇත.
හෙළිදරව් වී ඇති රහස් ලියවිල්ලට අනුව රැජිනගේ අභාවයෙන් නව වැනි දින, දේශීය හා විදේශීය රාජකීයයෝ ඇතුළු ප‍්‍රභූවරුන් මැද ඇගේ භූමිදානය සිදුකිරීමට නියමිතය.
මෙම ලියුම්කරුගේ සටහන:
බ්‍රිතාන්‍ය ජාතිකයෝ සම්ප‍්‍රදාය දිවිහිමියෙන් රකින්නෝ වෙන බැවින්, අන්තිම කැමති පත‍්‍රයකට සමාන මෙම ලියවිල්ලේ අඩංගු කරුණු වෙනසකින් තොරව සිදුකිරීමට ඔවුන් උත්සාහ දරනු ඇත. එහෙත් එළිසබෙත් රැජිනගේ වැඩිමහලූ පුත් චාල්ස් කුමරුගේ වැඩිමහලූ පුත්, නැතහොත් රැජිනගේ මුණුබුරු විලියම් කුමරුගේ ජනප‍්‍රියත්වය මත දැනට ගොඩනැගී ඇති බ්‍රිතාන්‍යයේ බහුතර ජනතා මනාපය අනුව, එළිසබෙත් රැජිනගෙන් පසුව ඇගේ මුණුබුරු විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ සිංහාසනාරූඪ වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් මෙය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ පරිත්‍යාගය මත මිස වෙනත් ආකාරයකින් සිදුවීමට බැරිය. චාල්ස් කුමරුගේ වර්තමාන චරිතයට අනුව තම වැඩිමහලු පුතු වෙනුවෙන් එම පරිත්‍යාගය ඔහු විසින් කරනු නොලබතැයි සිතීම උගහට ය.
රන්ජිත් කොස්තා
රෝමය, ඉතාලිය.
2025 නොවැම්බර් මස 04
422
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2192
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’London bridge is down’’ සැඟවුණු අරුත ‘‘රැජින මියගියා’’