අපේ සිංහල හින්දු අලුත් අවුරුදු දිනය විදෙස්ගතව සිටියත් ලක්බිමේ උපන් සිංහල අපට අපේ හදවතට බොහෝම සතුට දැනෙන දිනයකි. ශ්‍රී ලංකාවේ අග හිඟකම් ඇති කෙතරම් දිළිඳු පවුලක වුවත් අවුරුදු දිනයේදී පුංචිම සතුටක් හෝ විඳගන්නේ පුරාණයේ පටන් එන එම සිරිත්වලට ගරු කරමිනි.
විදෙස්ගතව අප සිටියත් අපේ අවුරුදු අපට වැදගත්. ඒ වගේම එම සිරිත් විරිත් අකා මකා යන්නට ඉඩ නොදී විදෙස්ගත ලාංකික දුවා දරුවන්ට ඒවා ගැන වැටහීමක් ලබාදීම වැඩිහිටි දෙමාපියන් වූ සැම කෙනෙකුගේම යුතුකමකි.
ඒ අනුව රෝමයේ විහාරස්ථාන කීපයකම සහ සිංහල අකුරක් කියාදෙන පාසල් මූලික කරගෙන අවුරුදු චාරිත්‍ර ඉටු කරන බව දැනගන්නට ලැබුණි.
අප්‍රේල් 15 වැනි ඉරු දින ලැබූ නිවාඩුව ඉතාමත්ම වැදගත් වූ බැවින් ද අවුරුදු සිරිය විඳගන්නට වාසනාව ලැබුණි. ඒ අනුව අපගේ රෝමයේ ශාඛ්‍යමුණි විහාරයේදී අප්‍රේල් 15 වැනි ඉරු දින පෙරවරු 9 සිට සිදුහත් දහම් පාසල් දරුවන් ද තවත් පොඩි දුවා දරුවන් සහ දෙමාපිය වැඩිහිටියන් සමගින් ඒකරාශී වී ශාඛ්‍යමුණි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්‍ඩිත පූජ්‍ය කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හෙළ සිරිත් විරිත් සමග අපගේ සිංහල අලුත් අවුරුදු සැමරූහ.
පළමුව ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වා බුද්ධ වන්දනාව සිදු කර සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ අතර සියලු ලෝකවාසී ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කළහ. ඉන් අනතුරුව පොඩි දුවා දරුවන්ට අවුරුදු චාරිත්‍ර සිරිත් විරිත් වටහා දීමේ අරමුණින් කිරි ඉතිරිවීම, හිසතෙල් ගෑම, බුලත් හුරුළු දී දෙමාපිය වැඩිහිටියන් වැඳීම සිදු කළහ.
කැවුම් කොකිස් කිරිබත් සමග රස කැවිලි රාශියකින් අවුරුදු කෑම මේසය පිරී ඉතිරී තිබීම සුබ අලුත් අවුරුද්ද සංකේතවත් කරන වාසනාවන්ත දර්ශනයකි. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ එකිනෙකාට වඳිමින් ආචාර කරගනිමින් සුබ ප්‍රාර්ථනා කරමින් කැවුම් කිරිබත් බෙදා හදාගෙන කමින් ඉතා විශාල පිරිසක් ශාඛ්‍යමුණි විහාරයේ සතුටින් ගත කරන අයුරු දුටුවෙමු.
අප විහරාධිපති ස්වාමීන් වහන්සේ පැමිණ සිටි සියලු දෙනාට ආශිර්වාද කරමින් පිරිත් නූල් ගැට ගසන අයුරු දුටුවෙමු. ශාඛ්‍යමුණි විහාරාධිපති පූජ්‍ය කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ ශක්තිය කැපවීම මත සිංහල අලුත් අවුරුදු සිරිත් මෙසේ සාර්ථකව කර ගන්නට ලැබීම ගැන අපි උන්වහන්සේට ද පින් ප්‍රාර්ථනා කරමින් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප - සිසිර චම්පා
රෝමය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හෙළ අවුරුදු සිරිත් විරිත් රෝමයේ ශාඛ්‍යමුණි විහාරයේදී