මේ පිටුව විදේශයන්හි නේවාසික ශ්‍රී ලාංකිකයන් සඳහා ම වෙන බැවින් මේ ඔස්සේ ඔබ ඇමතීමට මම සිතුවෙමි. මෙම සටහන එක්තරා ආකාරයකින් සංකීර්ණ කතාවකි. මෙහිදී සංක්‍රමණය පිළිබඳව සාකච්ඡා කළ යුතුය. අප ගැන මෙන් ම අපේ දරුවන් පිළිබඳව ද සඳහන් කළ යුතුය. ජීවිතය, පැවැත්ම මෙන්ම අනිත්‍යය පිළිබඳව ද සාකච්ඡා කළ යුතුව ඇත. පන්සල පල්ලිය ගැන ද මෙහි සටහන් වෙනු නොඅනුමානය. මෙය සංකීර්ණ කතාවකැයි කීවේ එබැවින් ය. එහෙත් මේ සියල්ලෙන් කියැවෙන අදහස ඉතාම සරල බව ඔබ වටා ගැවසෙන යථාර්ථය දෙස බලන විට ඔබට ම පැහැදිළි වෙනු ඇත.
ශ්‍රී ලංකාවේදී අත්දැකීමට ලැබුණු මූල්‍යමය සමාජීය මෙන් ම දේශපාලනමය අමිහිරි අත්දැකීම් හේතුවෙන් මුදල සෞභාග්‍ය සොයා පමණක් නොව, ඇතැම් විටෙක ජීවිතය පතා ද පසුගිය සියවසේ හැත්තෑව දශකයේ ඇතැමුන් විදේශයන් කරා සංක්‍රමණය වීම ඇරඹුණි. එය අද සරණාගතයා මෙන් තමන් සතු සියලු සේසත කරපින්නාගෙන පවුල් පිටින් කෙරුනු සංක්‍රමණයක් නොවේ. එය අනතුර ඉවෙන් දැන දැන එය අභියෝගයක් ලෙස සලකා, සෞභාග්‍ය සොයා බොහෝ විට තනි තනිව ගිය ගමනකි. පවුල් කුටුම්භය යනු එක වහලක් යට කූඩු විය යුතු සංස්ථාවක් බව වටහාගත්තෝ පසුව ඒ සඳහා කටයුතු සංවිධානය කරගත්හ. එය එසේ නොවුනු කල සිදුවූ අනිසි විපාක මාතෘකාව පට්ටා ගැසූ විෂයයක් බැවින්, මෙහිදී එය පිළිබඳව යමක් කීම අනවශ්‍ය ය.
හැත්තෑව දශකය ආරම්භයේ දී වයස අවුරුදු විස්සක්ව විදේශයකට සංක්‍රමණය වූවෙකුගේ මේ වෙන විට වයස අවුරුදු හැට පහ පසුවී ගොසින් ය. සියල්ල අනිත්‍ය ලොවක නිත්‍ය වීමට කිසිවකට හෝ කිසිවෙකුට නොහැකි බැවින් අද මේ පිරිස අතරින් ඇතැමෙකු අපෙන් සමුගෙන ගොසින් ය. තවත් කෙනෙකුන් ජීවිතය අග්ගිස්සෙහි එහා මෙහා වැනෙමින් සිටී.
දරුවන් කුඩා කල මොවුන් පන්සලට පල්ලියට ශ්‍රී ලාංකික උත්සවයකට ආවෝ ගියෝ පවුල පිටින් ම ය. වැඩිහිටියන් අතර මෙන් ම දරුවන් අතර ද දැනහැඳුණුම්කම් මිත්‍රත්ව ඇතිවූයේ මේ මේ තැන්වලදී ය. එහෙත් දරුවන් වැඩිවියට පැමිණීමත් සමගම ඒ ඒ තැන්වලදී බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ “ඒ අය දැන් ලොකුයි නේ. අපිත් එක්ක ගමන් එන්න දැන් කැමති නැහැ” යන වදන් ය. මේ වදන් ඔස්සේ දීර්ඝව කල්පනය කළහොත් අපේ සංක්‍රමණිකයාගේ මුල් පරම්පරාවෙන් පසුව අපේ පන්සල අපේ පල්ලිය අපේ ජාතික උත්සවය අනාගතයේදී පවතින්නේ කා අත ද යන්න මුලින්ම හමුවෙන ප්‍රශ්නයයි.
විදේශයක ජීවත්වෙන අපට ඥාතින් මෙහි නැත. අපට නැති ඥාතීන් අපේ දරුවන්ට ද මෙහි නැත. අපි අපේ දරුවන් විදේශයකදී එකමුතු කර තැබීමෙන් තොරව සමුගනිමු නම් එහිදී නිර්මාණය වෙන්නේ තැන තැන හුදකලාවූ නන්නත්තාර පිරිසක් පමණි. මෙපමණ දුරක ගෙනැවිත්, හදා වඩා ලොකුමහත්කර, දරුවන් හුදකලා පිරිසක් කර විදේශයක අතහැර යාමට ඔබ සූදානම් ද?
සංක්‍රමණිකයාගේ මුල් පරම්පරාවට වඩා මේ ගිලිහී යන පරම්පරාව අතර තමන් දැනට නේවාසික රටේ බොහෝ අංශවල නිල සුදුසුකම් ලද්දෝ වෙති. එය සංක්‍රමණිකයාගේ මුල් පරම්පරාවට වඩා පියවර නොව සැතපුම් ගණනාවක් ඉදිරියෙන් සිටීමකි. මුල් පරම්පරාවෙන් පසුව සිංහ කොඩිය අත දැරීමට මීට වඩා සුදුසු පරපුරක් තවත් නැත. පෙළපතින් මෙන්ම ඇතැම් විටෙක වර්ණයෙන් ද හැරුණුවිට මොවුන් තමන් නේවාසික ඒ ඒ රටට කිසියම් ආකාරයකින් අයිතිවාසිකම් කියන්නෝ ය. එය එක්තරා ආකාරයක වරප්‍රසාදයකි. එහෙත් ඒ සමගම මේ වරප්‍රසාදය තුළ දරුවන්ගේ මුල් අනන්‍යතාවය සැඟවී යයි නම් එය ඛේදවාචකයකි.
අපෙන් පසුව විදේශයකදී අපේ දරුවෝ ජාතියක් ජන්මයක් නැති හුදෙකලා පිරිසක් කර දමා යාමට ඔබ කැමතිද? සිංහ ධජය යටතේ විටින් විට හෝ ඔවුන් ඒකරාශී වීම සිහිනයක් පමණක් වීමට ඉඩදීමට ඔබ සූදානම් ද? පිළිතුර නැත යන්න නම්, විදේශයක අපේ දෙවැනි පරම්පරාව සිංහ ධජය යටතේ ඒකරාශී කර තැබීමේ ව්‍යාපෘතියක් අප විසින් ඇරඹීමට කාලය දැන් පැමිණ ඇත. හෙට යනු ප්‍රමාද වැඩි ය. මන්දයත් මෙය සුළුකොට තැකිය යුතු ප්‍රශ්නයක් නොවන බැවිනි.
යටියන ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
මාතෘකාව - ඉන්දියාව හා පාකිස්ථානය, පොදු වචන කාශ්මීරය හා යුද්ධය. මේ දකුණු ආසියාවේ නවතම යුද බිය හා බැදුණු වාතාවරණයයි. මේ ලිපිය ලියන මොහොත වෙනවිට කිසිදු යුද
ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට
අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති
චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලාංකික දෙවැනි පරම්පරාව විදේශයක නන්නත්තාර කරදමා සමුගැනීම සාධාරණද?