IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ලෝකයටම නැතුවම බැරි ඉංග්‍රීසි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ රටවල් එකසිය අනූතුනකි. 54ක් අප්‍රිකාවේ ද හතළිස් අටක් (48) ආසියාවේ ද, හතළිස් හතරක් (44) යුරෝපයේ ද තිස්තුනක් (33) ලතින් ඇ​ෙමරිකා සහ කැරිබියන් දූපත්වල ද ඕෂියානා (OCEANIA) දාහතරක්ද (14) උතුරු ඇ​ෙමරිකාවේ රටවල් දෙකක් (2) වේ. එහෙත් වතිකානුව සහ පලස්තීනය හඳුන්වාදී ඇත්තේ නිරීක්ෂණ රටවල් වශයෙනි. (OBSERVER STATES) වශයෙනි. සියලුම රටවල්වල එකතුව එකසිය අනූපහක් වේ.   


මෙම රටවල්වලින් පනස් හතරක්ම බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියට එනම් එංගලන්තයට යටත්ව තිබුණ රටවල්ය. මෝල්ටාව සහ සයිප්‍රසයත් එක්වූ කල පනස් හයක් බවට පත්වෙයි. ඇ​ෙමරිකා එක්සත් ජනපදය එංගලන්තයට යටත්ව තිබුණත් ක්‍රි.ව. 1776 ප්‍රංශයේ සහාය ඇතිව ඇ​ෙමරිකාව විසින් කරන ලද විප්ලවකාරී අරගලයකින් (REVOLUTIONARY) නිදහස උදුරාගත්තේය. එම හේතුවෙන් එංගලන්තය විසින් නිදහස දුන් රටක් ලෙස හැඳින්විය නොහැක. 

 
මෙම රටවල් පනස් හයම ඉංග්‍රීසි භාෂාව කථා කරති. ඇමෙරිකාව ඉංග්‍රීසි බස කථා කළත් එංගලන්තයේ ඉංග්‍රීසි බස සහ ඇමෙරිකාවේ ඉංග්‍රීසි භාෂාව තුළ අක්ෂරවල යම් වෙනස්කමක් දකින්නට ඇත.   


මෙම රටවල් පනස් හයෙන් රටවල් දහඅටකම (18) රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව වෙති. සෙසු රටවල දෙවැනි හෝ තෙවැනි භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත්ව ඇත. එංගලන්තයට යටත්ව තිබුණ රටවල්වලට ඉංග්‍රීසි භාෂාව පමණක් නොව තවත් බොහෝ දේවල් ඔවුන් ලබාදී ඇත. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය, අධිකරණය, ක්‍රීඩා, අධ්‍යාපනය වැනි දේ මින් ප්‍රමුඛ ස්ථානයක් ගනිති. මෙම රටවල්වලට අමතරව ලෝකයේ අනිකුත් රටවල්වල අද ඉංග්‍රීසි බස ව්‍යාප්ත වී ඇත. ලෝකයේ කුමන රටක සංචාරය කළත් ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය බවට පත්ව ඇත. ඉංග්‍රීසි භාෂාවේ උපත කොහේද? ඉංග්‍රීසි භාෂාවේ උපත එංගලන්තයේ නොවේ.  


එංගලන්තයට ඉංග්‍රීසි භාෂාව ලැබී ඇත්තේ පස්වැනි සියවසේදීය. එවකට එංගලන්තයේ භාවිතා වී ඇත්තේ වෙනත් රටවල්වල මෙන් ප්‍රාන්ත රාජ්‍යයන් අතර භාවිතා වී ඇති සංවාදී භාෂාවන්ය. (DIOLOGOE). උඩරට, පහතරට සිංහල භාෂාව මෙන් එකින් එකට ප්‍රතිවිරුද්ධ භාෂා විලාසයකි. ඉංග්‍රීසි භාෂාවේ මුල් අයිතිය ඇත්තේ ජර්මනියටය. උතුරු ජර්මනියේ පදිංචිව සිටි ඇන්ග්ලෝ සැක්සන් (ANGLO SAXSON) ජන ගෝත්‍රයකින්ය. මෙම ගෝත්‍රය පස්වෙනි සියවසේදී එංගලන්තයට පලවා හැරීමත් සමග ක්‍රමක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත වී ඇත. එදා එංගලන්තය එම භාෂාව භාවිතා කර ඇත්තේ ඇන්ග්ලිෂ් (ANGLISH) යනුවෙනි. පසු කලෙක එය ඉන්ග්ලිෂ් (ENGLISH) බවට පත්ව ඇත. ඇන්ග්ලෝ සැක්සන් නමැති කුඩා ගෝත්‍රයේ මව් බස අද ලෝකයේ ජාත්‍යන්තර භාෂාවක් බවට පත්ව ඇත.  

 

 

 


පොත්පත් ඇසුරෙනි  
රෝලන්ඩ් කුරනගේ  
වැනීසිය  ඉතාලිය

 


 



අදහස් (0)

ලෝකයටම නැතුවම බැරි ඉංග්‍රීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6058 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 258 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 308 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1233 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site